IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


අසාර් නගර්හි රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

මුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ බව කියන තැනැත්තාගෙන් අද( 8 ) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනිම සිදුව ඇති බව කියයි.

කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව ඇතුළු ත්‍රස්ත කටයුතු වල යෙදවිමේ චෝදනා එල්ල වි ඇති මෙම රාජ්‍ය නොවන සංවිධානය පිහිටි මදුරන්කුලිය අසාර් නගර් අරාබි ආගමික ස්ථානයට අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙයවු සහරාන් හසිම් හා තඹ ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ඉබ්‍රහිම් ගේ පුතුන් දෙදෙනා අන්තවාදි දේශන පැවැත්විම සදහා සහභාගිවි වි ඇති බවට පසුගිය සති අන්තයේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබුනී.

ඒ සම්බන්ධව කල්පිටිය නගරයේදි හතරවන හරස් විදියේ පදිංචි කරුවකුද පසුගිය 3 දින අත් අඩංගුවට ගෙන තිබුනී.

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අත් අඩංගුවට ගත් මෙම සැකකරු ගෙන් කල ප්‍රශ්ණ කිරිම් වලදි මෙම මදුරන්කුලිය ආරබි ආගමික මධ්‍යස්ථානය තුළදි සහරාන් හසිම් ඇතුළු මරාගෙන මැරේන ප්‍රහාරය මෙහෙය වු ත්‍රස්තයින් සහභාගිවි දේශණ පැවැත්වු බව සනාථ කර තිබුනී.

මෙම සැකකරුගෙන් ලද ප්‍රශ්ණ කිරිම් අනුව මේ වන විට තොරතුරු රැසක් අනාවර්ණය කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව කියයි.

කෙසේ නමුත් අදාල සිදුවිම් වලට 8 දින ( අද ) අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කර ගත් මෙම මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂකද සම්පුර්ණ සහාය දක්වා තිබේද යන්න මෙම ප්‍රකාශ සටහන් කර ගැනිමට හේතු වි ඇති බව වාර්තා වෙයි .

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂක වරයාගෙන් ප්‍රශ්ණ කිරිමට පැමින තිබුනී.

ඒ සමගම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත අදාල අන්තවාදි දේශන පැවැත්වු අසාර් නගර් ආගමික මධ්‍යස්ථාන භුමියේ ගොඩනැගිල්ලකට පසුගිය 4 දින සිට විශේෂ පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ .



අදහස් (6)

අසාර් නගර්හි රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

Pradeep Friday, 08 May 2020 05:57 PM

ලංකාව නම් වූ රටේ "අසාර් නගර්" නම් වූ ගම්..

:       209       1025

Bandara Friday, 08 May 2020 06:59 PM

ප‍්‍රදීප්, මටත් මෙ එකපාරටම මතක් වුණේ ඒකමයි. අපි කවදාවත් අහලා නැති දේවල්.... මෙවා වෙනස් කළ යුතුයි. නැතිනම් රටෙ නම එක්සත් අරාබි ශ‍්‍රී ලංකා කියලා ඊළගට කියයි.

:       148       865

rasi Friday, 08 May 2020 07:06 PM

ශ්‍රී ලංකාවේ නගර ගම් මාර්ගයන්ගේ නම්.. දවසින් දවස අන්තවාදී විලසින් අත්පත් කරගන්න උත්සාහයක නිරතවන කල්ලියක් ක්‍රියාත්මකය .. බෞද්ධ සිද්ධස්ථාන ඉඩම් මොවුන්ගේ ඉලක්කයන්ය.. ඉපැරණි සිංහල නම් ඉවත්කර ..ආගමකට මුල් උන නම් පාරවල් නගරවලට හරවමින් ඇත .. ගමින් ගම නගරයෙන් නගරය වෙනස්කරන්නේ ලොකු අරමුණකට බව පාලකයෝ ජනතාව තේරුම් ගත්වා...

:       291       1009

Nihal Saturday, 09 May 2020 12:44 AM

මම හිතුවේ මේ ප්‍රවෘත්තිය ලංකාවේ එකක් නොවෙයි කියලා. ඒ අය බලෙන් පටවන ප්‍රදේශයේ නම සඳහන් නොකර මුල් නම සඳහන් කිරීම මාධ්‍ය වලින් කල යුතුයි. ඇයි මේ විදිහට ප්‍රදේශවල නම් වෙනස් කරන්න මේ අයට සහාය දෙන්නේ?

:       0       0

ධම්ම Saturday, 09 May 2020 04:17 AM

මුට්වොල්, කොල්පෙටි, බම්බා, පෙටා, ෆෝර්ට්, හැව්ලොක් ආදියත් අවධානය යොමුවිය යුතු තවත් පැත්තකි.

:       0       0

අශෝක් Saturday, 09 May 2020 10:26 AM

පුත්තලම් රිෂාර්ඩ් බදුර්දීන් පාසල මුහුන්ගේ නමෙන් පාසල් නම් දාගෙන. මුහුන්ගේ බුදලෙන් ඉදිකරා වගේ පාසල් නම් දාල තියන්නේ, ගරු ජනතිපති තුමනි මෙම පාසල් නම් ඔක්කම මාරුකරලා. පුත්තලම් පැරණි මුස්ලිම් වරුන්ගේ පාසල් වලට නම දාන්න තියෙන්නේ.

:       0       127

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 551 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17320 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 703 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site