( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 16 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (13) තීන්දු කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පැමිණිල්ල කැදවූ අතර පෙත්සම එදිනට කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
අපවත් වූ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන් ගේ ආදාහන කටයුතු අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් සිදු කිරීම තුළින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් කරමින්ම දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ගොනු කරන ලදී.
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අධිකරණයට අපහාස කළේ යයි ඥානසාර හිමිට එරෙහි නඩුව කල් යයි
banda Wednesday, 13 May 2020 07:25 PM
අධිකරණ නීතිය කඩන උදවියට උපරිම දඩුවම් දෙන්න ඕන.