
(නිමල කොඩිතුවක්කු)
පුරවැසි ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති 43 වන සේනාංකය එළි දැක්වීමේ උත්සවය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලුමුවදොර හෝටලයේදී අද (17) සිදු කෙරිණ.
මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කර ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සාමාජික නව ජීවනයක් අත්පත් කර ගැනීමේ සමාජ ප‍්‍රඥාව ගොඩනැගීමේ පුළුල් පුරවැසි ව්‍යාපාරයක් යන තේමාවෙන් එය ක‍්‍රියාවට නංවනු ලැබීය.
සමෘද්ධිමත් සහ යුක්ති සහගත ඉන්න හිතෙන රටක් වෙනුවෙන් 43 සේනාංකයේ මංගල ප‍්‍රකාශනය පරිශීලනය සඳහා මෙන්ම සහ සම්බන්ධවීම වෙනුවෙන් www.43.lk වෙබ් අඩවිය ද එහිදී ප‍්‍රකාශයට පත් කෙරිණ.
43 වන සේනාංකයේ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය, වෛද්‍ය සංකල්ප මාරසිංහ යන මහත්වරුන් ඇතුලූ සමායෝජකයන් 14 දෙනෙකු නම් කරනු ලැබීය.
43 සේනාංකය යනු අධ්‍යාපනය නැමති කුසලතාවය මතින් ඉහළට ඔසවන ලද බලවේගයක් බව මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.
‘‘කළකිරීමෙන් පසුවන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරලියකින් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙනයාමට නොහැකියි. එම යුග පෙරළියට ගාමක බලවේගයක් අවශ්‍යයි. අන්න ඒ ගාමක බලවේගය ගොඩනගා ගැනීමට නම් මේ රටේ කුසලතා පූර්ණ පිරිසට අපි දේශපාලන ආගමික ජනවාර්ගික හෝ තවත් භේදවලින් තොරව ආරාධනා කළ යුතුයි.
අන්න ඒ සඳහා මූලාරම්භයක් තමයි අපි මේ 43 වන සේනාංකයෙන් ඉන්න හිතෙන රටකට පාර කපන්නට බලාපොරොත්තු වන්නේ’’ යැයිද ඔහු එහිදි පැවසීය.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතාද මෙහිදී අදහස් දැක්වීය.
මෙම අවස්තාව සදහා විද්වතුන්, වෘත්තිකයන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිමි ගණනාවක් පැනලා තවත් පිම්මක් පැනලා ජනතාව මුලා කරන්නයි හදන්නේ...
තවත් වියත් මගක් නොවේවා...!!!
මොහු මේ සියලු සටන් දියත් කරනුයේ ඔහු වෙනුවෙන්ම මිස සමස්ත රටවැසියා වෙනුවෙන් නොවන බව ඔහුගේ දේශපාලන පටන් ගැනීමේ සිට මේ දක්වා ඔහුගේ දේශපාලන ක්‍රියාවන්ගෙන් මනාවට පෙන්වා දී ඇත. අවස්ථාවාදය පෙරදැරි කරගත් පුද්ගලයින්ගේ දේශපාලන ගමන හැමවිටම අස්ථිර බවක් මිස ස්ථිර බවක් කිසිදා නොමැත. එය බව මනාවට පෙන්වන දේශපාලන චරිතයක තවත් එක ජවනිකාවක් බවට මෙය පත්වනු ඇත. ප්‍රධාන පක්ෂවලට මුක්කු ගැසීමට අවස්ථාවක් නොමැති නිසා සහ ඔහු සිටිය යුත්තේ කොතැනද කියා ඔහුම නොදන්නා දේශපාලකයෙකි. සත්‍ය මෙය නොවේද කියා බහුතර ජනතාව දනියි.
පැනමා බැංකුවල මුදල් ආයෝජනය කර රටේ ආර්ථිකය නැංවීමට ක්‍රියාකළ දැන උගතෙක්...
ගැනීම ලෙහෙසියි. අවශ්‍ය වන්නේ බලාපොරොත්තු විදියට වැඩ කිරීමයි. සුබ ගමන්...!
දැන් මෙයා අලුත් එකක් පටන්ගෙනද? එහෙනම් කළින් කරපු රුපියල් බිලියන 50000 මහකොළඹ සංවර්ධනය කිරීමේ වැඩ ඉවර වෙලා ඇති. මෙයා කටින් බතල කොළ හිටවන්න හරිම දක්ෂයා. දැන් 2025 ජනාධිපති හීනේ දකිනවා වගේ...
අනාගතය හොඳ යමක් වෙයි කියා හිතනවා.
අනිවාර්යයෙන්ම බලවේගයක් ගොඩනගන්න ඕනෑ... බුද්ධිමතුන්ගෙන්... මෙහෙම මුලාවෙන් රටක් දියුණු කරන්න බැහැ. මොකද සිංහල අපිට තියෙන්නේ මේ රට විතරයි.
13 වන ව්‍යවස්ථාවෙන් පැන නැගී ඇති දමිළ දේශපාලකයන්ගේ ඉල්ලීමට පාදකව ඇති මූලික කරුණු පිළිබදව සකස් කළ අධ්‍යන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ අතට භාර දීමට.