(යොහාන් භාසුර)
වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
“මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවනවා” යැයි ෆොන්සේකා මහතා ලංකාදීපයට පැවසීය. සිය තීරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න”
“සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්”
“අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නෑ”
“අපි කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියලා. අනික මේක 2011 වසරේ සිද්ධියක්” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් මහින්දානන්දට එරෙහිව බොරු චෝදනා කරා කියලා නීතිමය පියවර ගන්න ඕනනේ. හිටපු ඇමති විදියට ඔහු කරේ ඉතා බරපතළ ප්‍රකාශයක්... ඔහුට මුදල් උපයාගත්තේ කොහොමද කියලත් ඔප්පුකරගන්න බැරි නීතිමය ගැටලුවකුත් තියෙනවානේ. අයිසිසි එක මේ ගැන අනිවාර්යයෙන්ම සොයා බලාවී...
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය වේවා...!!! සාධාරණ පරීක්ෂණයක් කෙරූ පරීක්ෂණ කණ්ඩායමටද ස්තූති වේවා..!!! මෙවන් බොළඳ උත්සාහයන් කරන දේශපාලකයන් රට නොමග යැවීමේ යටි උගුල් මින් ඉදිරියට හෝ නොකරාවි යැයි අප සිතනවා..." බැරි දේ පුලුවන්ද දත්මිටි කෑවාට..."
කොහු පැමිණිල්ලක් නම් පැමිණිලි කරුට එරෙහිව අධිකරණය හමුවේ විභාගයක් සිදුකළ යුතුයි...
බොරු චෝදනා කරපු ඇමැතිට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක වියයුතුයි. එතකොටවත් අනිත් දේශපාලකයෝත් බොරු නාට්‍ය සංදර්ශන නවත්වයිනේ...
නටපු නැටුමකුත් නැහැ.. බෙරේ පලුවකුත් නැහැ කියන්නේ ඔන්න ඔය වගේ දේවල්වලට... ජනතාවට දැන්වත් හිතන්න කාලය ඇවිල්ලා, විශේෂයෙන් මේ දවස්වල දේශපාලන කාරයි කියන ඒවා පිළිගන්නවාද නැද්ද කියන එක... මොකද ඒ ගොල්ලන් ජීවත් වන්නේ බොරුවෙන්මයි... එක පක්ෂයක් ඇරෙන්න.
අපේ රටේ බිහිවූ ලෝක පූජිත ක්‍රිකට් සුපිරි තරු දෙකක් වන සංගක්කාර සහ මහේලලාට මේ කරපු අපහාසයට... කෝටි ගාණක වන්දියක් ඉල්ලලා නඩු දාන්න තියෙන්නේ... මේක සමස්ත ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටම කරපු ඉතිහාසයේම නොවෙච්ච කලු පැල්ලමක්.. මේකේ පස්සේ හිටපු අර බුකීකාරයින්ට සහ හොර දේශපාලකයින්ට සමස්ත ක්‍රීඩා ඔන්ලයින්ම ඉදිරි ඡන්දයේදී නියම දඬුවම දෙන්න.
පරීක්ශණය ක්ෂණික නූඩ්ල්ස් වගේ. මාර ෆාස්ට්. ICC බලනව ඇති මේ මොකක්ද මේ පරීක්ශනේ කියලා.
රාජිතගේ සුදු වෑන් වගේ... මේකේ පැමිණිලි කාරයා රිමාන්ඩ් කරන්න බැරිද.?
මේ වගේ පැමිනිලි කොහොමත් ඉදිරියට යන්නෙ නෑ. ඉන්දියාවනෙ ඉන්නෙ අනිත් පැත්තෙ. කොහොමත් ඒ ගොල්ලා මේ පරීක්ශන වලට කැමතිවෙන්න්නනෙ නෑ. පරීක්ශන කමිටුවට ඉහලින් නියෝගයක් එන්න ඇති ඔය ඇති කියලා. දැන් ඉතිං හිතා ගනිමු මැච් එක හරියට ගැහැව්ව්වවා කියලා. කොහොමත් ගිය දේ ගියාවෙ.
මහින්දානන්ද මේ කතාව කිව්වේ, සාක්ෂි සහිතව ඔහුට එය ඔප්පු කළහැකි බවයි. බැරි වෙලාවත් ඔහුට එය ඔප්පු කිරීමට නොහැකි නම්, ඒ බරපතල චෝදනාවේ සම්පූර්ණ වගකීම ඔහු භාරගත යුතු වෙනවා. ලෝකයා ඉදිරියේ රට හා මේ රටේ කීර්තිමත් ක්‍රීඩකයින්ට අපහාස කළ මේ දේශද්‍රෝහියාව වහාම අත්අඩංගුවට ගත යුතු වෙනවා. ක්‍රීඩකයින්ගේ ප්‍රකාශ සටහන් කරගෙන පරීක්ෂණ යට ගැසෙනවා නම් එහි තිබෙන නීතිමය පදනම කුමක්ද? එක එකාගේ කට වාචාලකම්වලට මේ රටේ කීර්ති නාමය බිලිදිය යුතුද?
මේ අනිත් පරීක්ෂණ ටිකත් මෙහෙම ඉක්මණට කරන්න බැරිද? බැංකු කොල්ලකෑම, කුඩු පරීක්ෂණ, දූෂණ, කොමිෂන් ගැනීම වගේ ඒවත්...
අපිට දේශපාලනයක් අවශ්‍ය නැහැ.
මහින්දානන්දව අත්අඩංගුවට ගතයුතුයි. අපේ රටේ කීර්තියටත්, ක්‍රීඩකයින්ගේ කීර්ති නාමයටත් කැළැලක් කළා.. දේශපාලනයටත් නුසුදුසුයි.
රටට ජාත්‍යන්තර කීර්තිය ගෙනාවා.. විදේශ විනිමය ගේනවා ක්‍රීඩකයින්ට එරෙහිව මේ චෝදනා කරපු ඇමැතිට එරෙහිව නඩු පැවරිය යුතුයි. ඡන්දය කාලේ ප්‍රසිද්ධිය ගන්න කරන තුට්ටු දෙකේ දේශපාලකයෝ... මේ අය තමයි රට කන්නේ...
මහින්දානන්දට ඡන්දෙ දෙන්න එපා...
කළ වින්නැහියක්... මහජන මුදල් නාස්තියක්...
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනතාවට ඉදිරිපත් කරන්න මේ ටෙලි නාට්‍යයේ කොටස් තුන හතරට කොච්චර වියදමක් මහජන මුදල් වලින් වැය වුණාද කියලා මින් මතුවටත් මේ වගේ විකාර නවත්වන්න මෙය හොඳ පාඩමක්..
බොරු චෝදනා නගමින් දේශපාලනයට පැනයාමට ඉඩ නොදිය යුතුයි. රජය උසාවි ගාස්තු අය කළ යුතු අතර ඇමතිවරයාගෙන් අපහාස කිරීම සඳහා වන හානිය අය කළ යුතුයි.
මේ චෝදනාව සජිත් පාර්ශවයෙන් හෝ ජවිපෙ හෝ කළා නම්.., අද ඔවුන් හිරේ. මේකද එකම රට, එකම නීතිය..?
මහින්දානන්දට ඔහොම කිරීමට අවශ්‍යතාවයක් නැත.. මේ වෙලාවේ වුවමනාවක්ද නැත. ඔහුකලේ ඔහුට ලැබුණු අණ පමණයි.
වාචාලයාගේ මගඩි නාටකය පාරා වළල්ලක් බවට පෙරලී ඇත. අපි සාදු කියමු...!
ජන්දෙ ලං වෙන්න වෙන්න පරීක්ෂණ ක්ෂණික නූඩ්ල්ස් වගේ නේ. බැරි ද අවුරුදු ගනන් ඇදෙන, හැමදාම කල් යන නඩුත් මේ වගේ ඉවර කරලා දාන්න. මේ පාර හොම්බෙන් යන්න වෙන්නේ.
ආසන්න මැතිවරණයක් සඳහා සංවිධානාත්මක කුමන්ත්‍රණයක් සංවිධානය කර ඇත.
අම්මපා ඉන්න හිටින්න නියම රට