IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


18 ට පාර්ලිමේන්තු රැස්වීමට පොදුජන පෙරමුණ සහභාගි වෙනවා

(නිමල කොඩිතුවක්කු)

ලබන 18 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා කොළඹදී  අද (14) පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණය තින්දුවක් ලබා දි ඇති බැවින් මෙම තීරණය ගන්නා බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙලුම් මාවතේ  පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්‍යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

පාර්ලිමේන්තුව රැස්වූවාට පසු  ව්‍යවස්ථාවට ,ස්ථාවර  නියෝගවලට අනුව යෝජනාවක් ගෙනවිත්  බහුතරය උරගා බැලීමේ අවස්ථාවක් මන්ත‍්‍රීවරුන්ට ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.



අදහස් (30)

18 ට පාර්ලිමේන්තු රැස්වීමට පොදුජන පෙරමුණ සහභාගි වෙනවා

Amila Friday, 14 December 2018 04:44 PM

පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් පාර්ලිමේන්තුවේ නෑ නේ. අනික පාර්ලිමේන්තුවේ නැති පක්ෂයක අය කොහොමද පාර්ලිමේන්තු යන්නේ...?

:       180       391

amaraSaturday, 15 December 2018 06:56 AM

තවම රටේ නීතිය මොකද්ද කියලා මේ අයට පැහැදිලි නැහැ.

:       50       129

Bishan Friday, 14 December 2018 04:53 PM

ඇයි එන්නේ? හිටියා වගේම ඉන්නකෝ.

:       39       843

[email protected]Saturday, 15 December 2018 04:23 AM

ඔහෙලා එනවට වඩා නොඑනවා නම් මේ රට සුරපුරයක් වේවි !!!

:       3       233

Kumara Friday, 14 December 2018 05:03 PM

නොතේරෙනකමට කියන කතා

:       40       221

Nandalal DE SILVA - France Friday, 14 December 2018 05:05 PM

ඇති යන්තම් මොළේ පෑදිලා වගෙයි!

:       20       121

Nandalal DE SILVA - FranceSaturday, 15 December 2018 11:47 PM

අපෝ එන්න ඕන නැහැ. දැන් අපට "හොර අගමැති" කෙනෙක් හෝ "හොර ඇමතිවරුන් " එහෙම නැහැ ! නීත්‍යනුකුලව වැඩකරන අගමැති කෙනෙක් සහ ඇමති මණ්ඩලයක් දැන් රටේ ඉන්න නිසා ඒ අයගේ වැඩට ඇඟිලි ගහන්න වෙන අය ඕන නැහැ. ඔහේලගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න, ඔක්තෝබර් මාසේ 26දා ඉඳල හිටිය වගේම.

:       0       0

sandy123 Friday, 14 December 2018 05:12 PM

තවත් බහුතරයක් ගැන කතා කරනවා.

:       176       436

bandulaSaturday, 15 December 2018 01:11 AM

බහුතරය නෙමෙයි මේ ගොල්ලෝ කියවන්නේ බහුබූත නේ...

:       1       112

සමන්ත Friday, 14 December 2018 09:07 PM

මේ මොකක්ද මේ? එහෙම පෙරමුණක් පාර්ලිමේන්තුවේ ඉන්න බවක් අපි දන්නේ නෑනේ. එහෙම මන්ත්‍රීලත් නෑනේ. එහෙම පෙරමුණකින් එන අය නම් නෑවිත් ගෙදරටම වෙලා ඉන්න එක තමයි හොඳ... මොකද පහුගිය මැතිවරණෙන් තරඟ කලේ වෙන පක්ෂයකින් නම් ඔයාලාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැනටත් අහෝසියි...

:       0       0

Sathyayaa Friday, 14 December 2018 11:13 PM

මෙවැනි ප්‍රකාශයක් කරන්න පොදු පෙරමුණ නිළ වශයෙන් මොහුට බලයක් දී ඇත්ද? අනෙක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එජනිසයෙන් ඡන්දය ඉල්ලා ජයග්‍රහණය කොට කිසිදාක පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ නොදුන් පක්ෂයකින් තමන්ට රුචි පරිදි ඇවිත් පාර්ලිමේන්තුවේ අසුන් ගත හැකිද? නීතිය දන්නා කෙනෙක්... එය මොහුට පහදාදෙන්න.

:       0       0

shani Friday, 14 December 2018 11:21 PM

ආවට කමක් නැහැ රජයේ දේපළ කන්න එපා. මෝඩ මන්ත්‍රීවරු ටික. මිරිස් කුඩු ගේනවද 18 වැනිදාට..

:       0       0

bandula Saturday, 15 December 2018 01:09 AM

නටපු තොවිලෙකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ, වුනේ රට අස්ථාවර කරපු එක විතරයි. පුළුවන් නම් පාර්ලිමේන්තුවේ කැන්ටිමට වෙලා ඉන්නවද? අර මේ දවස්ටිකේ හිටියා වගේ...

:       0       0

trolar skippa Saturday, 15 December 2018 02:43 AM

මහින්ද ලොක්කා තවමත් මාළු අල්ලන්න ඉන්න බවයි හැගෙන්නේ..., එය දැන් සී ෂෙල්ස් සල්ලිත් බේරුවලට ආවනේ...

:       11       193

Jagath Leanage Saturday, 15 December 2018 03:30 AM

අනේ ප්ලීස්... අර කරපු විදියටම දිගටම වර්ජනය කරගෙන ඉතුරු ටිකත් ඉන්නකෝ..., රටේ ජනතාවට කරදර කරන්නේ නැතුව...

:       1       162

rocky Saturday, 15 December 2018 04:27 AM

බහුතරය? ආයෙත් බම්බුවද කතා කරන්නේ...? එහෙම එකක් නැති බව දැන් කී දෙනෙක් කිව්වද? පිළිගත්තද? ඔහෙලට ඕනෑනම් පාර්ලිමේන්තු එන්නෙම නැතුව ඉන්න. ඒක වඩා හොඳයි!

:       1       81

Jayantha Saturday, 15 December 2018 04:27 AM

මෙයාගේ තාත්තා ඒ කාලේ මාර සමාජවාදියා. ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සභාපති, JVP , SLFP , UNP , ආපහු SLFP , දැන් SLPP . මේ යෝධයා ඒ කාලේ SB ගේ පුත්තු එක්ක යකා නැටුවා. ඊට පස්සේ රට ගිහිල්ලා යන්තම් මොකද්දෝ ඩිග්‍රී එකක් කරලා ඇවිල්ලා දැන් හිතනවා මාර පොරක් කියලා. දැන් ගරු සම්බන්දන්ටත් උපදෙස් දෙනවා. මාතර පොල්හේනේ යන්න බැහැ. ඔක්කොම වාහන රථ ගාල් ප්‍රදේශ මේ යෝධයාට අයිතියි. කොහොම අයිති කාරයෝ වුණාද කියලා කවුරුත් දන්නේ නැහැ...

:       30       304

shan saudi Saturday, 15 December 2018 05:41 AM

පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් පාර්ලිමේන්තුවේ නෑනේ. අනික පාර්ලිමේන්තුවේ නැති පක්ෂයක අය කොහොමද පාර්ලිමේන්තු යන්නේ...? කතානායකවරයා වහාම නීත්‍යානුකූල නොවන හා මහමැතිවරණයකට ඉදිරිපත් නොවුණු පක්ෂ පාර්ලිමේන්තුව තුළට නොගැනීමට වහාම කටයුතු කළ යුතුයි. තවද නීත්‍යානුකූලව මහමැතිවරණයකට ඉදිරිපත් නොවී අලුතින් ගොඩනගාගත් පක්ෂ වල සාමාජිකත්වය ලබාගෙන මහමැතිවරණයකට ඉදිරිපත්වුන පක්ෂයෙන් ඉවත්වන පුත්ගලයන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී භාවය අහෝසි කිරීමට කටයුතු කළයුතුයි. නීත්‍යානුකූලව මහමැතිවරණයකට ඉදිරිපත් වී ජයග්‍රහණ නොකළ කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවට පිවිසීමේ කිසිම අයිතියක් නොමැති බව කතානායකවරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කළයුතුය.

:       3       39

නිමල් Saturday, 15 December 2018 06:24 AM

18 වැනිදා පාර්ලිමේන්තුවට ගිහින් මහජන නියෝජිතයින් හැටියට ගෞරවාන්විතව, පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් ඒ තුල හැසිරෙන්න කියලා කට්ටියගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

:       0       9

shan saudiSaturday, 15 December 2018 08:38 AM

නිමල් අපේ ගෙවල් වල හදන හරක් හවසට ගහක ගැට ගහනවනේ.. ආයෙත් උදේට උන්ව ලිහලා යවනවා කෑම කන්න. නමුත් අපි උන්ව ලිහල යවනකොට කවදාවත් උන්ට කියනවද අනුන්ගේ කුබුරු පාලු කරන්න එපා වත්තේ පොල් පැල කන්න එපා කියලා... නැහැනේ මොකද උන්ට ඒවා කීවට තේරුම් ගන්න බැහැ. අන්න ඒ වගේ මේ ගොල්ලන්ටත් පාර්ලිමේන්තුවට ගිහින් මහජන නියෝජිතයින් හැටියට ගෞරවාන්විතව, පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් ඒ තුල හැසිරෙන්න කියලා වැඩක් නැහැ. උනුයි මුනුයි අතර වෙනස සිවුපා දෙපා කියන එක විතරයි.

:       0       82

නිමල්Saturday, 15 December 2018 01:08 PM

හපොයි මහත්තයෝ එහෙනම් ඉතින් අපි ආසියාවේ ආශ්චර්ය කියාලා හිතාගෙන හිටියේ මේගොල්ලෝ එක්කද?

:       0       0

samSaturday, 15 December 2018 08:21 PM

ශාන්, ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිළිබඳව ඉතාම හොඳ විග්‍රහයක් ඔබ පළකර තිබෙනවා .

:       0       0

uddika Saturday, 15 December 2018 09:08 AM

අනේ එකෙක්වත් යන්න එපා පාර්ලිමේන්තු. 1948 ඉදන් රට කරවපු කවුරුත් රට දියුණු කලේ නැහැ. දැන් ඉන්න අයත් එහෙමයි සියලුම දේශපාලන පක්ෂ. මහා ලොකුවට ජාතියේ පියාලා ඉන්නවා. බොරුවට ටයි කොට ගහපු කළු සුද්දෝ. 1948 සුද්දා රට භාර දෙනකොට තත්වයයි අද සුද්දට අයිති අනික් රටවල් වල තත්වයි බලන්න.

:       0       0

jim kuru Saturday, 15 December 2018 09:48 AM

මොනවා කරන්නද? පාර්ලිමේන්තුවට යන්නේ නිදියන්නද?

:       0       7

රමල් Saturday, 15 December 2018 12:59 PM

එම නමින් පිළිගත්තු දේශපාලන පක්ෂයක් නෑ නේද

:       0       0

Saman Saturday, 15 December 2018 06:37 PM

නෝ චොයිස්

:       0       0

chanak los angeles Saturday, 15 December 2018 07:21 PM

මේවගේ මෝඩ දෙසපලකයෝ ..... මේක කරන්න මුලදී කතා කලාම පාර්ලිමේතුවේ නටපු නාඩගමක් . රට අස්ථාවර කරලා මෙන්න දැන් කියනවා බහුතරය උරගා බලන්න පුළුවනි කියා. දැන් උරගා බලන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. කඩාකප්පල් කාරීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉදිරියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරදෙන්න මහඟු කැපවීමක් කල කතානායක තුමාට මම නැවතත් හිස නමා ආචාරය කරමි ....

:       0       0

banda Saturday, 15 December 2018 09:16 PM

හා... හා...හා.....ආයෙත් බහුතරේ පෙන්නන්න එන්නේ මිරිස් කුඩුත් අරගෙනද ?

:       0       0

vidya Sunday, 16 December 2018 03:34 AM

අපේ දරු මුනුපුරෝ පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්නවා හැන්දෑවේ ප්‍රවෘත්ති බලන කොට මීට පසුව අහිංසක මිනිසාගේ දේපල හානි කිරීම්,ගුටි කෙලි , මිරිස් කුඩු , පිහිය අරගෙන හැසිරුණු හැම කෙනාම මීළඟට එන ඡන්දයෙන් එලියටම දමන්න තරුණ තරුණියනි...... මෙය ඔබලාගේ අනාගතය විනිශ්චය කරන ඡන්දයයි . ඔය කඩේ යන පුජකයින් ගෙන් පරිස්සම් වන්න. බුද්දිමත් මිනිසුන් ටිකක් පාර්ලිමේන්තුවට එවන්න. පක්ෂයෙන් පැන්නොත් ගමෙනුත් එලවන්න . ඔතන පැලපැදියම් වෙලා ඉන්න නාකි ටික ඔක්කොම ගෙවල් වලට යවන්න .

:       0       1

රවින් Sunday, 16 December 2018 03:42 AM

හා හා යන්න එපා. පහුගිය දවස්වල ගිහිල්ල නේද මුළු ලෝකෙම හිනැස්සුවේ මිරිස් කුඩු ගහලා පුටු කඩලා .විලිලජ්ජා නැතිවද ඔය යන්නේ? ආයෙත් ලෝකේ හින්නස්සන්න? කරපු හරිය හොඳටෝම ඇති . දැන්වත් අනාගත පරපුරකට ප්‍රෞඪ ලෙස ජීවත්වෙන්න රටක් ඉතුරු කෙරුවොත් හොඳයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 35 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 180 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 210 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 511 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 187 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 359 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site