(ජයන්ත සමරකොන්)
මීටීයාගොඩ ප‍්‍රදේශයේ පාතාල කණ්ඩායමක් විසින් පවත්වාගෙන ගියැයි කියන හෙරොයින් බෙදාහරින ස්ථානයක සිටි බවට චෝදනා ලත් ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා සිදුකළ පරීක්‍ෂණ වාර්තාව අද (22) බන්ධන්ගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත යවා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයකු මඟින් සිදුකළ මෙම පරීක්‍ෂණයට අනුව චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා තවදුරටත් ගාල්ල බන්ධනාගාරයේ තබාගත නොහැකි බවටත් ඔහු වැඩ තහනමට ලක් කරන ලෙසටත් නිර්දේශ කොට ඇතැයි වාර්තාවේ සඳහන් වේ.
මෙම සැකකාර ජේලර්වරයා මීටීයාගොඩ පොලිසියට කැඳවා ඇති අතර ප‍්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු ආපසු යැවූ බවද පොලිස් ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ බන්ධනාගාරය තනිකරම ජේලර් උන්දලාගේ රජදහනක්, කුලියට මිනීමරන්න මිනිස්සුන්න්ගේ දේපල බලහත් කාරයෙන් අල්ලාගන්න, ගාලු බන්ධනාගාර නිලධාරීන් හැමවිටම රැඳවියන් යොදාගන්නවා ඉතා සුක්ෂම ලෙස, එක ජේලර් වරයෙක් මිනිස්සුන්ගේ ගෙවල් 10 ට වඩා කොල්ලාකාලා තියෙනවා මේ ආකාරයට, අන්තිමට වැඩේට පාවිච්චිකරපු රැඳවියා බෙල්ලේ වැලදාගන මරුනලු, එකත් ඇතුලෙම වැඩක් වෙන්න ඇති, අනේ මෙහෙම නීතයක් නැති රටක්.