(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවන තරග පාවාදීම් හා ඔට්ටු ඇල්ලීම් පිළිබඳ නීත්‍යනුකූලව ක්‍රියා කිරීම සඳහා ඉන්දීය සහය ලබාදීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ එකඟතාවය පළ කළේය.
ඉන්දීය සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දුත පිරිස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරිණි.
පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා සහය ලබා දීම, දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකා පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කරලීම උදෙසා ජීප් රථ 750 ක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පැවසීය.
නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් සාකච්ඡා ශාලාවේ දී මෙම හමුව සිදුවිය.


COMMENTS
එතකොට දේශපාලන සුදුවට ?
ලෝකේ වටේ ගිහින් අපට කන්න හොයන් එනවා හොඳ තාත්තා කෙනෙක් වගේ
මහ බැංකු වංචාවට හවුල් වූ මේ අගමැතිට කිසිම සදාචාර අයිතියක් නැහැ. ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවන තරග පාවාදීම් හා ඔට්ටු ඇල්ලීම් පිළිබඳ කතාකරන්න...
දිනෙන් දින රටේ ස්වාධීනත්වයද ස්වෛරිත්වය විනාශ වෙමින් ඇත. අදවන විට රට අරාජීක වි ඇත. අප ආත්ම අභිමානයක් නැති ජාතියක් බවට පත්වෙමින් සිටිමු. එක පැත්තකින් චිනය, අනිත් පැත්තෙන් ඉන්දියාවද, විවිධ අාකාරයෙන් රට ගිල ගැනීමට උත්සාහ කරති. ඔවුන් ලංකාව විවිධ ආකාරයෙන් ඔවුන්ගේ විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට උත්සාහ දරති. අපේ රටේ පාලකයෝ ඔවුන්ගේ හෙංචයියන් වී ඇත. තුන්වන ලෝකයේ නායකත්ව ලක්ෂණද, ගතිගුණද ඇති කිසිඳු නායකත්ව පෞරුෂයක් නැති අපේ රටේ නායකයෝ ඔවුන් සොයාගොස්ම අප රටට ඔවුන්ව කැන්දාගෙන එති. අනේ අපේ රට මේ ආගාධයෙන් ගොඩ ගන්න කෙනෙක් නැද්ද?