(රංජන් කස්තුරි)

රුපියල අවප්‍රමාණය වීම බරපතල ආර්ථික ප්‍රශ්නයක් හෝ රට කඩා වැටීමක් නොවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.

එම නිසා රුපියලේ අගය කෘතිම ලෙස ආරක්ෂාකර ගැනීමට විදේශ සංචිත මුදා හැරීමට තමා සුදානම් නැතැයිද එය අනවශ්‍ය දෙයකැයිද මංගල සමරවීර මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ අද (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.

       ‘‘රුපියල අවප්‍රමාණය වීම සාමාන්‍ය දෙයක්.ඒක හැමදාම වුණා.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රුපියල් අගය සියයට 14න් අවප්‍රමාණය වුණා.‘‘