(ලහිරු හර්ෂණ)

ප්‍රකාශයක් ලබා දීම සඳහා  තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මීට සුළු  මොහොතකට පෙර  (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.


මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා  අමාත්‍යවරයාට අද(25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නේ දෙවැනි වතාවටය. 
 
කීත් නොයාර් මහතා පැහැරගෙන ගිය අවධියේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතාය.

(36698)