තරිඳු ජයවර්ධන
පොලිස්පති විසින් ක්‍රියාත්මක කිරීම පැහැර හරින ලදැයි කියමින් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කළ තීන්දු තීරණ 10න් නවයක්ම අද (21) වන විට පොලිස්පතිවරයා ක්‍රියාවට නංවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
පොලිස්පතිවරයා තීන්දු ක්‍රියාත්මක නොකිරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම සදහා දින 14ක කාලයක් ලබා දුන්නේය. එම දින 14ක කාලය අද (21) දිනයෙන් අවසන් විය.
දින 14ක කාලය තුල ක්‍රියාත්මක කරන ලද තීන්දු ගැන සාකච්ඡා කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභා රැස්වීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කැඳවා තිබිණි.
තීන්දු දහයෙන් නවයක් පොලිස්පතිවරයා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ක්‍රියාවට නංවා තිබුණු බවත්, එක් තීන්දුවක් ක්‍රියාත්මක කර නොතිබුණු බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
එලෙස ක්‍රියාවට නැංවීම පැහැර හැර තිබුනේ කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමේ තීරණයයි.
පොලිස් නිලධාරීන් හා සහායක සේවා නිලධාරීන් බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටි 105ක් පොලිස් කොමිසම අනුමත කර පොලිස්පතිවරයාට යවා තිබුණු අතර පොලිස්පතිවරයා එය ක්‍රියාවට නැංවීම පැහැර හැරීමෙන් කණිෂ්ට පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා දීමට තිබෙන අවස්ථා මග හැරී ඇතැයි පොලිස් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කර තිබිණි. එම තීන්දුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇතැයි පොලිස්පතිවරයා දැනුම් දුන් බව කොමිසම පවසයි.
ඊට අමතරව යුද්ධයේදී අබාධිත වූ පොලිස් නිලධාරීන්ට සහන ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ගන්නා ලද තීරණය ක්‍රියාවට නංවන ලෙස ද, දේශපාලන පලිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන් 129 දෙනකුට උසස්වීම් ලබා දෙන ලෙස ද ජාතික පොලිස් කොමිසම දැනුම් දී තිබිණි. පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවට ඊයේ (20) සහභාගී වීමට පෙර දේශපාලන පලිගැනීමට ලක්වූ නිලධාරීන්ගේ ලැයිස්තුවේ 50 දෙනකුට අදාළ උසස්වීම් නියෝග ලබා දී තිබුණු බව කොමිසම කියයි.
ජාතික පොලිස් කොමිෂන් සභාව ගන්නා ලද තීරණ 10ක් පොලිස්පතිවරයා ක්‍රියාත්මක කර නැතැයි කියමින් එම කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතාට පැමිණිලි කළේ අගෝස්තු 29 වැනි දා ය. ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට කැඳවනු ලැබුවේ පසුගිය 07 වැනි දාය.
COMMENTS
කොමිසම පොලිස්පතිවරයා සමග සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. පොලිස්පතිවරයාගේ නිර්දේශද සැලකිල්ලට ගෙන තීරණ ගත යුතුය. තීරණ හැරෙන තැපෑලෙන් මාධ්‍යයට මුදාහැරීමෙන් දේශපාලන අවශ්‍යතාවලට ඉඩ නොතැබිය යුතුය. පොලිසියේ වැඩ අවුල් කරනා කොමිසමට සමබර අය පහකිරීමට කාලය පැමිණ තිබේ.
පොලිස්පතිවරයාගේ නිර්දේශද ගැඹුරින් සලකා බලා කොමිසම තීරණ ගන්නවා නම් එය යහපත් සහ සාධාරණයි. මොකද පොලිසිය ඇතුලේ විනය පවත්වා ගැනීමට පොලිස්පතිවරයාට එය පිටුවහලක් වනනිසා. පොලිස්පතිවරයා මේවා බ්ලොක් කරනවා කියා මාධ්‍යයට එවෙලේම කීම නිසා පොලිස්පතිවරයා අපහසු තත්වයකට පත් කරනවා පමණක් නොව තම ආයතනය පාලනය කර ගැනීමටත් අමාරු වෙනවා. ප්‍රශ්න පොලිස්පතිවරයා සහ කොමිසම සහයෝගයෙන් විසඳා ගත යුතුයි. හැමතිස්සෙම පිටට දෙන්නේ කොමිසම. එයින් කන්ෆ්ලික්ට් එකක් නිර්මාණය වෙනවා. එමනිසා 7දෙනාගේ අපක්ෂපාතීත්වය ගැන ප්‍රශ්නයක් තියනවා.
කොමිසම පොලිස්පති සමග කටයුතු නොකර මාධ්‍ය සමඟ කටයුතු කිරීම රටට, සාමයට, ජාත්‍යන්තරයට අපි පෙන්නන්නේ ඉතා නරක චිත්‍රයක්... මෙය කාගේ වුවමනාවක්ද..?
කොමිසම පසුපස විශේෂ බලවේග ඉන්නවා වගේ...