IMG-LOGO

විශ්වාසභංගය පිළිගන්නේ නෑ

(මුදිතා දයානන්ද)

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙනආ විශ්වාසභංගය තමන් පිළිනොගන්නා අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය ලෙස දිගටම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ක්‍රියාකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (14) පැවසීය.

ජනාධිපතිගේ ස්ථාවරය වන්නේද තවදුරටත් ක්‍රියාත්මක වන්නේ මහින්ද රාජපක්ෂ අගමැති ඇතුළු ඇමති මණ්ඩලය වන බවද ඒ සම්බන්ධයෙන් එතුමා කථානායකවරයාට ලිඛිතව දන්වනු ලබන බවද ප්‍රේමජයන්ත මහතා පැවසීය.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ආකාරයට එය ඉදිරිපත් නොකළ බවද ඔහු පැවසීය. එය ඉදිරිපත් වූයේ සෙංකෝලය වේත්‍රධාරි විසින්ම ඉවත් කර තිබුණ අවස්ථාවක බවද සෙංකෝලය පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවක සභාවක් ක්‍රියාත්මක විය නොහැකි බැවින් මෙම විශ්වාසභංගයට කිසිම බලයක් නැති බවද ඔහු තවදුරටත් පැවසීය.

විශ්වාසභංග යෝජනාවේ අඩංගු දෙවැනි කාරනාව කිසිදු නිශ්චිත භාවයක් රහිතව ඉදිරිපත් කර තිබූ අතර එය විජිත හේරත් මහතා පාර්ලිමේන්තු මහලේකම්ට භාරදුන්නද කථානායකවරයා එතුමාගෙන් එය ලබානොගෙනම ඡන්ද විමසීමකට ගිය බවද ඔහු පැවසීය.

විශ්වාසභංග යෝජනාවක තිබෙන්නේ කුමක්දැයි යන්නවත් කියවා නොබලා ඡන්ද විමසීමකට කටයුතු කිරීම තුළින් කථානායකවරයා සිය පක්ෂපාතීත්වය පෙන්වා ඇති බවද ප්‍රේමජයන්ත මහතා එහිදි සඳහන් කළේය.

කථනායකවරයා විශ්වාසභංගය සම්මත වූ බව කියන්නේ හඬ අනුව බහුතරය විශ්වාසභංගයට පක්ෂව ප්‍රකාශ වූ බවට සලකන්නේ යැයි කියමින් බවද හඬ අනුව ඡන්ද ගණන් කිරීමක් ඉතිහාසයේ කිසි දිනක සිදුව නැති බවද ඒ අනුවද මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වූ බවට පිළිගත යුතු නැතැයිද ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

ඡායාරූප - ශාන්ත රත්නායක

 



අදහස් (10)

විශ්වාසභංගය පිළිගන්නේ නෑ

Sanath Kandy Wednesday, 14 November 2018 06:25 PM

ඔච්චරටම පිළිගන්න බැරිනම් අත්සන් ලේඛනය ගණන් කරලා බලන්නකෝ. කවුරුත් කියලා නෑනේ ඒවා හොර අත්සන් කියලා

:       0       0

Kumar Wednesday, 14 November 2018 07:17 PM

මහත්මයලා රනිල්ට විරුද්ධව ගෙනා යෝජනාව පරාජයත් පිළිගත්තේ නැහැ නේද. මහත්මයලයාගේ නායකයට විරුද්ධව ගෙනා යෝජනාව ජයගත් එක පිළිගන්නේ නැහැනේද.? ජනධිපති තුමා හෙට තව අගමැති කෙනෙක් පත් කෙරුවොත් ඒකටත් විරුද්ධ වෙනවද?

:       0       0

athula Wednesday, 14 November 2018 07:41 PM

අපිත් පිළිගන්න සුදානම් නැහැ

:       0       0

Chanak Los angeles Wednesday, 14 November 2018 09:55 PM

කොපමණ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවාද ?

:       0       0

Neel Perera Wednesday, 14 November 2018 11:28 PM

ඕක ඔච්චර ලොකු ගැටළුවක්ද මහත්තයෝ, වීඩියෝ කැමරා රූප රාමු අරගෙන නැවත ගණන් කරන්න. එය ඉතාම නිවැරැදි ක්‍රමයයි.

:       0       0

Lakmal Thursday, 15 November 2018 12:19 AM

ඡන්දෙකට ගියා නම් ඇපත් නෑ

:       0       0

kalpa Thursday, 15 November 2018 01:05 AM

2018 ඔක්තෝබර් 12 දින ගුරු ග්‍රහයා කුජට අයත් වෘශ්චික රාශියට පැමිනි අතර ගුරු වෘශ්චිකයේ ගමන් කරන කාලවල ගුරුට අයත් අංශවල අවුල් වියවුල් ඇතිවන බව ජ්‍යෙතිෂය අනුව පිළිගැනීමයි. ඒ අනුව විශේෂයෙන් රටේ නීතිය සාමය හා සදාචාරයට බලපෑම් සිදුවන්නට හැකිය. මේ අතරම 2018 නොවැම්බර් 17 දින රවිද වෘශ්චිකයට පැමිනෙන නිසා රාජ්‍ය නායකයින් දුරදිග නොබලා කටයුතු කිරීමට ඉඩඇත. මේ නායකයින්ගේ හිතුවක්කාරී මෝඩකම් නිසා ජනතාවට පීඩා ඇතිවිය හැකිය. රටට වඩා බලයට කෑදරකමින් සිදුකරන මෙම කටයුතු නවතා රට ගැන සිතා සාමකාමීව කටයුතු සිදුවෙනවානම් හොඳ නේද

:       0       0

Kasun Thursday, 15 November 2018 04:04 AM

බල පෙරේතකමට හොඳම උදාහරණය ඔය සුසිල් ප්‍රේමජයන්ත කියන කෙනා...

:       25       56

mahinda Thursday, 15 November 2018 04:58 AM

මැති පෙරේතය කවුද ?

:       16       4

rocky Thursday, 15 November 2018 09:10 AM

ඒ වුනාට ඔලුවක් තියන මිනිස්සු නම් ඒක පිලිගන්නවා!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 756 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1175 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site