( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කල්පිටිය අර්ධද්විපයේ ගොවි බිම් වල එළවළු අස්වැන්න අද ( 26 ) නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයට ලැබේමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන පාලනාධිකාරිය පවසයි.
කොරෝනා වසංගතයත් සමග රට පුරා ඇදිරි නීතිය දැමිමත් සමග දින 15 කට ආසන්න කාලයක් අස්වනු නෙළිමට නොහැකිව තිබු වගා බිම් වල එළවළු අස්වැන්න මේ වන විට ක්‍රමයෙන් වගා බිම් වලින් නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවති.
කල්පිටිය අර්ධද්විපයේ අක්කර දස දහසකට ආසන්න ( 10000 ) ගොවි බිම් වල මෑ , රාබු , මිරිස් , මාළු මිරිස් , බංඩක්කා , ගොවා , කරවිල , පතෝල, බිට්රුට් ඇතුළු එළවළු වර්ග රැසක වගා කර ඇති අතර එහි අස්වැන්න මිට සති කිපයකට පෙර සිට නෙළිමට තිබුනද රටේ පවතින තත්වය හමුවේ අස්වැන්න නෙළිම ප්‍රමාද වි විනාශ වු බවද ගොවිහූ කියති.
කෙසේ නමුත් මේ වන විට වගා බිම්වල අස්වැන්න නොරෝච්චෝල අර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතින අතර එසේ ලැබෙන එළවළු මිළදී ගැනිමට පැමිණෙන ජනතාව අතර ජනතාවට සහන මිලට ලබා දිමේ අරමුණින් රජයේ හා පළාත් පාලන ආයතන රැසක වාහන පැමිණ තිබෙනු දැක ගත හැකි විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd