IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’ සියලුම රණවිරුවන්ට ඉඩම් ලබා දෙනවා’

 

(දයාරත්න ඇඹෝගම)

සියලුම රණවිරුවන්ට පදිංචියට, කෘෂිකාර්මික කටයුතු කරගන්නට,වාණිජ කටයුත්තක් කර ගන්නට ඉඩමක් ලබාදිමට කටයුතු කරන  බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය.

අනුරාධපුර,මාතලේ හන්දිය,කුරැන්දන්කුලම ඒ මහතාගේ නිවසේ අද (22)දින පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව පැවසිය.

මෙම මාධ්‍ය හමුවේ තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසිය.

අපේ රටේ රණවිරුවෝ  27,000 වැඩි පිරිසක් ජිවිත පුජා කළා මේ භුමිය වෙනුවෙන්.ඊට සමාන ගාණක් අත්,පා,ඇස්.පුජා කළා රට වෙනුවෙන්.ඒ රණ විරැවන්ට තමයි මේ භුමියේ අයිතිය තියෙන්නේ.භුමිය අයිති රණවිරැවන්ට ඉඩමක් නොදි අපි වෙනත් වෙනත් අයට ඉඩම් ලබාදිම සාධාරණ වෙන්නේ නැහැ.

ඒ නිසා මම කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා ඒ සියළුම රණවිරැවන්ට පදිංචියට,කෘෂිකාර්මික කටයුතු කරගන්නට,වාණිජ කටයුත්තක් කර ගන්නට ඉඩමක් ලබාදෙන්නට.ඒ සදහා දෙන ඔප්පු,බලපත්‍රය බැංකු ණයක් ලබාගන්නට ශක්තිමත් අයිතිය තහවුරු කරන බලපත්‍රයක්  බවට පත්කරන්නට කැබිනට් අනුමැතිය ලබාදුන්නා.ඒක  රණවිරැවෝ වෙනුවෙන් කළ උපහාරයක් විදියටයි අපි දකින්නේ.

රටේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරිම රජයේ අපේක්ෂාවයි.ධිවර කටයුතු කර්මාන්ත සංවර්ධනය.ඒ වාගේම රැකි රක්ෂා උත්පාදනය ඇති කරන වැඩ සටහනක් තමයි පසුගියදා අගමැති තුමා ඉදිරිපත් කළ අය වැයෙන් පෙනෙන්නේ.

සමහර අය බලාපොරොත්තු වෙනවා සිනි මිල අඩුකරන්න හාල්මිල අඩු කරන්න ඒ වාගේම රජයෙන් ලැබෙන සහනාධාර මොනවද කියන එක බලාන ඉන්න පිරිසකුත් ඉන්නවා.ඒ සියළුම දෙනාට මේ සහනාධාර,රැකි රක්ෂා ලබාගන්න නම් මේ රට හැමදාම උගස් කරලා,ණය වෙලා කටයුතු කරන්න බැහැ.ඒ නිසා රටේ ස්වයං නිෂ්පාදනයක් අපේම ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගාගන්න සකස් කළ අයවැයක් විදියට තමයි අපි මේක දකින්නේ.

පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියත් එක්ක කොරෝනා වයිරසයත් එක්ක කඩාවැටිච්චි රට ඉදිරියට ගෙනියන්න රජයට විශාල අභියෝගයක් තිබෙනවා.2021 වන විට මේ අභියෝග වලට මුහුණ දිලා රට ඉදිරියට රැගෙන යන්නට මේ රජයට හැකියාව තිබෙනවා.

මුලු ලෝකය පුරාම කොරෝන විශාල වශයෙන් පැතිර යන අවස්ථාවක් දැන් තිබෙන්නේ.ඒහෙම කියලා ලෝකයේ කොහේවත් රටක් සම්පුර්ණයෙන් වහලා නැහැ.දැන් කියන්න සිද්ධ වෙලා තියෙන්නේ කොරෝනා සමග වාසය කියලා. රටක් සම්පුර්ණයෙන් වහලා දැම්මොත් බංකොළොත් වෙනවා.එහෙම වුනොත් ජනතාවට කන්න නැතිව මැරිලා යනවා.මේ හේතුන් නිසා පාසල් වහන්න බැහැ.දරැවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් විමට ඉඩ හරින්න බැහැ.
පළාත් සභා පාලනය අද ජනතාවට හුරැ වෙලා තිබෙන්නේ.රටේ පළාත් නවයට බලය බෙදලා තිබෙනවා.වාරිමාර්ග,කෘෂිකර්ම,අධ්‍යාපන,සෙෘඛ්‍ය වැනි ප්‍රධාන විෂයයන් වලින් සියයට හැත්තෑපහක් පමණ සිදුවන්නේ පළාත් සභා වලින්.අද ඇත්තටම පළාත් සභාවල නිලධාරිවාදයක් ඇතිවෙලා තිබෙනවා.මහජන පැමිණිලි ලැබිලා තිබෙනවා.මේක අපේ රටේ සංවර්ධනයට බරපතල ප්‍රශ්නයක් බව පැහැදිවම අපි තේරැම් අරන් තිබෙනවා.ඒ නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා.

අපි විසිවැනි ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතර ජන්දයකින් සම්මත කර ගත්තා.අයවැය සම්මත කර ගත්තා තුනෙන් දෙකකින්.අපට පැහැදිලිවම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියෙනවා.ඒ නිසා අපට ඕනේ වේලාවක පළාත් සභා මැතිවරණය පවත්වන්න හැකියාව තිබෙනවා.ඒ සදහා අවශ්‍ය නිතිරිති පාර්ලිමේන්තුවේදි සම්මත කරගැනිමේ හැකියාවත් රජයට තිබෙන බවද ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි පැවසිය.



අදහස් (9)

’ සියලුම රණවිරුවන්ට ඉඩම් ලබා දෙනවා’

MO77 Sunday, 22 November 2020 11:24 AM

රජයේ ඉඩම් ඔබේ පුද්ගලික දේපල ලෙස ප්‍රදානය කරන්න බැහැ.

:       0       0

Sanath Sunday, 22 November 2020 05:38 PM

ඉස්සර වෙලා තියෙන ඒවට ඔප්පුව දීලා හිටියා නම් හොඳයි නේද?

:       0       0

puppa Monday, 23 November 2020 01:35 AM

හැබැයි මම ඒ ඉඩම්වල ගස්, පස්, බොරලු, වැලි ටික අරගත්තායින් පස්සේ...

:       0       0

Rata Perata Monday, 23 November 2020 07:20 AM

මොන ඔලමොට්ටල කතාද මේ? මේ වගේ හාල්පාරුවන්ට ඡන්දෙ දීපු අයටයි ගහන්න ඕනේ.

:       0       5

sharm warnMonday, 23 November 2020 09:48 AM

ජොලිම කතාව කියන්නේ... මේ අයට ඡන්දෙ දුන්න අය බේතටත් හොයාගන්න අමාරුයි දැන්.

:       0       2

sharm warn Monday, 23 November 2020 08:12 AM

ආ... මෙයා. රණවිරුවන්ගේ නම විකුණලා තව කලාවකට වැඩක් දෙන්න වගේ. දැන් පරිසර නීතියත් නමලානේ තියෙන්නේ. මොනවා මොනවා කරගන්න බැරිද? කට්ටියට හරිම සතුටු හිතෙයි. පව් දෙයියනේ.

:       0       4

de silva Monday, 23 November 2020 09:00 AM

රණවිරුවන්ට දෙනවා කියලා මෙයා කැලේ කපලා, ගස්ටික විකුණලා සල්ලි සාක්කුවේ දමාගෙන, ඉඩම් ටික බෙදලා දීලා, සම්බන්ධීකරණ ලේකම්ලා මාර්ගයෙන් කීයක් හරි ඒකෙනුත් කීයක් හරි ගසාවි.

:       0       4

isuru Wednesday, 25 November 2020 09:48 AM

ගෙදරින් ගෙනැල්ලා වෙන්න ඇති.. කිඹුල් කඳුළු වෙන්න ඇති. මේවා විහිළු කතා.

:       0       0

BamunuarachchiThursday, 26 November 2020 01:48 PM

එතකොට රිෂාඩ් බදියුදීන් ඉඩම් බෙදුවේ ගෙදරින් ගෙනැල්ලද? මේ ගොල්ලන්ටත් මුලතිව් ප්‍රදේශවලින්ම ඉඩම් දෙන්න.. එතකොට එක ජන වර්ගයක් එකරාශී වීම නවතිනවා. මැටි කතා කියන්න එපා හලෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site