(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ පරිසරය ආරක්ෂා කරගෙන හරිත ආර්ථික සංකල්පය ඉදිරියට යන්නේ කෙසේද යන කාරණය පිළිබඳව විධිමත් සැලසුමක් සකස් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
පරිසරය වනසමින් ජනතාවට වස කවමින් රට ඇතුලේ මෙන්ම ජාත්‍යන්තරයේ ද විහිළුවක් බවට පත්ව ඇති වත්මන් ආණ්ඩුවෙි සත්‍ය ස්වරූපය මේ වනවිටත් ජනතාව තේරුම් ගෙන සිටින බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ හරිත ආර්ථික ප්‍රතිපත්තිය ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායකවරයා කීවෙි හරිත ප්‍රකාශයේ අරමුණ වන්නේ අප ඉදිරියේ දී පරිසරය ආරක්ෂා කරන්නේ කෙසේද යන කාරණය පිළිබඳ කතිකාවතක් ඇති කිරීම බවයි.
COMMENTS
හලෝ ඔයා මැරිලා ඉපදිලාද? කොහේද හිටියේ විල්පත්තුව කපනකොට? දැන් ආසන 1ට බැස්සමද පරිසරය රකින්න මතක් වුණේ.. ඔයාලගේ සුරංගනා කතාවලට රටේ ජනතාව රැවටුණු කාලය ඉවරයි.
ඔක්කොම රැකගෙන ජාතික ආරක්ෂාව නැතිකරගන්න හැටිත් කියන්න.
හොඳ අදහස්.. නමුත් රනිල් ප්‍රමුඛ එජාපයට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැති නිසා ඕවා ක්‍රියාත්මක කරන්න බැහැ.
හොරු රැක්ක හොරු ගස් රකින්න යයි.
පක්ෂ පාට අදාළ නැහැ, කටින් බතල හිටවන දේශපාලන පින්ගුත්තරයෙක් තමයි මේ. අපි දැක්කා පහුගිය කාලේ මෙයාගේ කෙරුවාව. ලජ්ජා නැතිව එනවා මෙතන කයිවාරු ගහන්න.
අපි දැක්කා අවුරුදු 72 ක් කෙරුවාව හලෝ