IMG-LOGO

’හන්ටා’ වයිරසයෙන් චීනයේ පුද්ගලයෙක් මරුට

කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබියදී, හන්ටා නමැති වයිරසයක් ආසාදනය වීමෙන් චීනයේ යුනාන් පළාතේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

බස් රථයක ගමන් කරමින් සිටියදී ඔහුගේ මෙම මරණ සිදුවී ඇති අතර මේ හේතුවෙන් බස් රථයේ සිටි අනෙකුත් පුද්ගලයින් තිස්දෙදෙනා ද පරීක්ෂා කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වේ.

ඒ අනුව මීයන්ගෙන් මෙම වයිරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර මිනිසුන්ගෙන් මිනිසුන්ට මෙහි පැතිරයාමක් සිදු නොවේ.

හිසේ කැක්කුම, මස්පිඬු වේදනාව, උදරය ආශ්‍රිත ආබාධ, කැරකැවිල්ල, වමනය යාම සහ උණ මෙහි රෝග ලක්ෂණ වෙයි.

හන්ටා වයිරසය ආසාදනය වීම සාමාන්‍යයෙන් සිදුවන්නේ වනාන්තර, කුඹුරු සහ ගොවිපළ වැනි ගම්බද ප්‍රදේශ ආශ්‍රිතවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙම වෛරසය ආසාදනය වීමෙන් 2013 සහ 2018 වසර අතර කාලයේ ආජන්ටිනාවේ පුද්ගලයින් 114 දෙනෙකු මරණයට පත්වී ඇත.

2016 වසරේදී ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකු ද මෙම වෛරසය ආසාදනයෙන් මරණයට පත් වී තිබේ.

වයිසරය ආසාදනයෙන් සිදුවන මරණ අනුපාතය 18.6% ක් වන අතර එය ඇතැම් ප්‍රදේශවලදී 40 %ට ආසන්න වන තත්ත්වයක් ද දක්නට ලැබේ.


(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)
-226-

 



අදහස් (9)

’හන්ටා’ වයිරසයෙන් චීනයේ පුද්ගලයෙක් මරුට

Raveendra Tuesday, 24 March 2020 04:53 PM

අලි මදිවට හරක් කිව්වලු ....

:       6       116

SISIRA Tuesday, 24 March 2020 05:41 PM

හුටා............

:       1       49

Aris Tuesday, 24 March 2020 06:13 PM

කවුද අප්පේ මේවට නම් දාන්නේ? ලංකාවේ නම් කියන්නේ හදුනා නොගත් උණ රෝගයකින් මිය ගියා කියලයි.

:       0       0

de silva Tuesday, 24 March 2020 06:44 PM

බලාගෙන ගියහම චිනේ කියන්නේ වෛරස් වල උල්පතක්

:       0       0

රොෂාන් Tuesday, 24 March 2020 07:38 PM

චීනයෙන් මේ සුපිරි තෑග්ගක් ලගදීම ලැබෙයි. හැලිය රත් වෙන තුරු තව නටන්න ... මේ සුපිරි බඩුව ඔර්ජිනල් "මේඩ් ඉන් චයිනා".

:       0       4

ලක්සිරි Tuesday, 24 March 2020 09:25 PM

අපිත් කියන්නේ ඕකම තමයි, "කරනවා නම් කරන්න හරියට, තවමත් අපේ අය දඟලනවා වැඩියි.

:       0       1

Bandara Tuesday, 24 March 2020 09:30 PM

පුලුවන්නම් එකත් ලෝකෙටම දෙන්න.

:       0       0

narada Wednesday, 25 March 2020 04:41 AM

මිනිසුන්ගෙන් මිනිසුන්ට මෙහි පැතිරයාමක් සිදු නොවේ.

:       0       3

AsapuWednesday, 25 March 2020 06:00 AM

මිනිස්සු ටික දෙනෙක් අතරේ වැඩියේ ඉන්නේ මිනිස්සු වගේ සත්තු නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 98 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 642 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site