(නිමල් ජයරත්න)
මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පලවෙනිදා පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි ප‍්‍රකාශ කලේය.
හිටපු අගමැතිවරයා විසින් මහබැංකුවේ අධිපති ලෙස සිංගප්පුරු ජාතිකයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කිරිමේදි තමා ඊට දැඩි විරෝධය පලකල බවත් ආණ්ඩුව පිහිටුවා සති දෙකක් වැනි කාලයක් නිසා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් අතර අර්බුදයක් හදාගත නොහැකි නිසා අගමැතිවරයාගේ ඉල්ලිම පරිදි දැඩි අකමැත්තකින් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරිමට තමා කැමැත්ත පලකල බවද මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසිය.
පොළොන්නරුව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවේදි වැඩිදුරටත් මාධ්‍යවේදින් අමතා කතා කල හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේද කිය.
'මහබැංකුවේ සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් මා විසින් පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාව ඉතා සාර්ථකව ඒ කටයුතු කරගෙන ගියා.මම දන්න විදිහට මගේ දේශපාලන ජිවිතය තුල නිදහසෙන් පසු ලංකාවේ එක් එක් ආණ්ඩු විසින් පත්කරන ලද ජනාධිපති කොමිසම් සභාවලින් මහබැංකු මුල්‍ය වංචා සෙවිමට මම පත් කරපු ජනාධිපති කොමිසම තරම් රටේ මහජනතාව අතරත් උගතුන් බුද්ධිමතුන් සහ මාධ්‍ය තුලත් මේ තරම් කොමිසම් සභාවක් නැති තරම්. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඉදලා ජනාධිපතිවරු මේ වෙනකල් පත් කරපු කොමිසම් සභා වලට මා පත් කෙරු කොමිසම් සභාවට ඉහලම ගෞරවයක් හිමි උනා. ඒ මහබැංකු වංචාව පිලිබද ජනාධිපති කොමිසම් සභා වාර්තාව මට භාර දුන්නා. ඊට පස්සේ බැදුම්කර වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සභාගත කරන්නත් ක‍්‍රියාකලා. අදත් ඒ වාර්ථාව අන්තර්ජාලයේ තියනවා. ඊට පස්සේ මේ කොමිසම් සභා වාර්ථාව මම භාර දුන්නා නීතීපති දෙපාර්තමේන්තුවටත්, අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිසමට , අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවටත් ඒවා මම භාර දුන්නා. ඊට පස්සේ ඒ ආයතන ඉතාම හොදින් ඒ පරික්ෂණ කටයුතු කරගෙන ගියා. ඒ වාර්ථාවේ නිර්දේශ කරලා තියනවා මේ වංචාවන් හොයන්න වෝ්හාරික විඝණනයක් සිදු කරන්න කියලා. මේ මහබැංකු වාර්ථාව අනුව උගතුන් බුද්ධිමතුන් හැම දෙනාටමත් අලූත් වචනයක් එකතුවුනේ මේ කොමිසන් සභා සිදු කරන ලද වෝහාරික විඝණන නිර්දේශයන් අනුව තමයි. ඒ සියලූ කොමිසම් සභා වර්ථාවන් 2017-12-30 වන දින ඉහත කී කොමිසම් සභා මට භාර දුන්නා.'

COMMENTS
දැන් ඕවා කිව්වට ඡන්ද හම්බෙන්නේ නැහැ!!, දැන් ඕවා කිව්වා කියලා රනිල්ව තනියම කොටු කරන්නත් බෑ !!, ඕවා නිදහසට කාරණා වුණාට නීතියට, ජනතාවට ඕව විහිළු!!
අවුරුදු 5කින් පරම්පරා 7ක් ගොඩ දා ගත්තු අපේ ගොවි පුතෙක් රටට සේවය කරපු හැටි කියනකොට පුදුම ගැම්මක් එන්නේ අපේ හාමුදුරුවනේ...
අනේ දෙයියන්ගේ නාමෙට දැන්වත් අපිට කනක් ඇහිලා ඉන්න දෙනවද? හිටිය කාලේ කරන්න බැරි වුණු දේවල්වල ඇඬියාව අහලා ඇතිවෙලා...
දැන්ද මේ අත්සන් ගැන කියන්න ගත්තේ? එකට දාම් අදින කාලේ කියන්න බය හිතුණාද? අනේ මේ කරුණාකරලා පාස්කුවේ වෙච්චි මහා මිනිස් ඝාතනයට සාක්කි දෙන්න ගිහින්. ඡන්ද ගන්න මහන්සි නොවී... බලන් ඉන්න මිනිස්සු දෙන්නේ ඡන්ද නෙමෙයි, කොසු පාරයි දෙන්න බලන් ඉන්නේ..
තමන් රටේ විධායක ජනාධිපති වෙලා හිටිය කාලේ වෙච්ච දෙයක් නේද ඔය..? තවදුරටත් තමාගේ නොහැකියාව රටටම හඬගා නොකියා ඉන්න මහත්තයෝ.. ඔයා නිසා තමයි අපේ රටේ ජනාධිපතිකම මේ තරමටම හෑල්ලු වුනේ. දැන් රටේ ඉන්න හැම එකාම හිතනවා මෛත්‍රීපාලට පුළුවන් වුනානම් ජනාධිපති වෙන්න ඇයි මට බැරි කියලා...
හිනාවෙලා වකුගඩුත් කොරවුණා දෙයියෝ.. අපි ඕක කියමු ගිනස් පොතේ ලියන අප්පුලාට...
ඉතින් ඒ වාර්තාවට ඔබතුමා මොකක්ද කලේ? ඊට කලින් හිටපු ආණ්ඩුවේ මහා බැංකුවේ අධිපතිවරයාගේ නගා ඔය කියන මනුස්සයාගේ බෑනාගේ සමාගමේ ඉගෙන, මහා බැංකුවට කළ එක ගැන මොකුත් සඳහන් වෙලා නැද්ද? නිකන් පච කෙළින්නැතුව යන්න සර්...
ඔය රාත්‍රී 10න් පස්සෙත් අත්සන් කළාද? අපිට හරිම දුකක් දැනෙනවා 10න් පසුව නිදි මරනවාට...
හැබැයි ඉතින් ඔය මොකා කළා කිව්වත් බුද්ධි අංශ වලින් ඔච්චර අනතුරු අඟවලත් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණානේ... ලංකා ඉතිහාසයේ හිටපු වගකීම් විරහිතම ආරක්ෂක ඇමති තමයි මෙයා. තව දෙයක් එතකොට රුපියල් 10යේ පෑනකින් අස්සන් කරලා යනකොට කෝටි 800ක ගෙයක් අරගෙනයි ගියේ...
මේවා කියකිය ඉඳලා වැඩක් නැහැ. ඉක්මණින් නඩුදමා වරදකරුවන්ට දඬුවම් නොදෙන්නේ ඇයි..?
අපූරුයි. අපි සරල උපකල්පනයක් කරල බලමු. ඔහු විනාඩියක් තුළදී අත්සන් දෙකක් යෙදුවොත් ඔහුට පැයකදී යෙදිය හැකි අත්සන් ගණන 120ක් වේ. ඒ අනුව ඔහු එක් දිනක් එනම් පැය විසි හතරක් නොකඩවා අත්සන් තැබීම සිදුකළත් ඔහුට අත්සන් තැබිය හැක්කේ 2880ක් පමණි.. ඉතින් සිරිසේන ජනාධිපතිවරයාගේ කතාවල ගණන් හිලව් මෙන්ම ඔහු කළ කී දේත් කරන දේත් ගැන තවත් කතා කිරීම නිෂ්ඵලයි. අර්ජුන් මහේන්ද්‍රන් විතරක් නෙමෙයි ඊට පෙර බැඳුම්කර මගින් ගසා කෑ අයටත් නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි අප බලාපොරොත්තුවෙන් සිටිමු. එහෙත් දේශපාලන ඩීල්වල පිහිටෙන් හෙට දිනයේත් ඔවුන් මේ රටේ මිනිසුන්ට කොකා පෙන්වමින් යහතින් වැජඹෙනු නිසැකයි.
අපිට ගණන් බෑ... විනාඩියකට 21 ගැහුවොත් විනාඩි 1000. ඒ කියන්නේ පැය 17. පේන හැටියට අත්සන් ගහලා විතරයි වගේ අවුරුදු 5ට කරලා තියෙන්නේ...
ඇති ඇති විහිළු සැපයූවා... ගමට ගිහින් කුඹුරක් කොටාගෙන පාඩුවේ ඉන්න...
මොනවා කළත් ගෙන්න ගන්න බැරි වුණා.. කොච්චර කොමිසන් දැම්මත් වෙච්ච දෙයක් නෑ... අපරාදේ සල්ලි මේ මනුස්සයට ගෙවපු...
කළින්ම කිව්වා නම් හිටන්ට ගිනස් රෙකෝඩ් එකක් ගන්න තිබුණා...
"අර්ජුන නමැති කාලකන්නියාට අදාළ " ලිපිලේඛන සඳහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් 21000ක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පලවෙනිදා පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි ප‍්‍රකාශ කළේය. අප ජාතියක් හැටියට මොහුගේ මෙම ප්‍රකාශය පිළිබඳව ඉතාමත්ම කණගාටු වන්නෙමු. මක්නිසාදයත් රට නායකයාගේ අත්සන එතරම් දුරට හෑල්ලු වී ඇති බැවිනි. අර්ජුන අපගේ මුදල් හොරා කෑවේ තනියම යයි කිසිවෙකු සිතන්නේ නම් එය මුලාවකි. මෙම අර්ජුන නමැත්තා අප රටට හඳුන්වා දුන් රනිල් නමැති දේශපාලුවා මෙයට ඍජුව වගකිව යුතු නොවන්නේද? තමන්ගේ කුඹුරේ හතර මායිම අමතක රවී නමැත්තා මෙයට වගකිවයුතු නොවන්නේද? කිසිඳු ඉගෙනීමක් නොමැති සාමාන්‍ය පුරවැසියන් වන අපට නැගෙන ස්වභාවික ප්‍රශනයන් නීතියේ කෙල පැමිණි සුදුකබා ඔලුවෙන් ඇදගත් ගම් කබරයින්ගේ සිත්වලට පැන නොනගින්නේ මන්ද?
කොළවලට අත්සන් 21000ක් ගහන්නේ නැහැ. ජනාධිපති කෙනෙක් හැටියට සාමාන්‍යයෙන් කරන්නේ තමන්ගේ අත්සන සිංහලෙන් කපලා කාට හරි දෙනවා ගහන්න කියලා.. මේ වගේ කෙනෙක් නම් අපේ ජීවිතයට දැකලා නෑ.. 21වැනිදා ගහලත් ඉතිං වැඩක් නෑනේ... පාස්කු ප්‍රහාරය නවත්ත ගන්න බැරිවුණාම තමන් දැනුවත් තම රටින් පැනලා ගියා...
වැඩකළ බව පේනවා.. හැබැයි ඔක්කොම බොරු වැඩ.. පාස්කු බෝම්බේ පත්තු වෙන්නත් වාතාවරණය සකස් වුණානේ...
තමන් බලයට ආවේ විධායක ජනාධිපතිකම නැති කරන පොරොන්දුව යටතේ නේද? මාදුළුවාවේ හාමුදුරුවන්ට, මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු, දළදා මාලිගාව ඉදිරිපිටදී කියපු දේවල් සියල්ල අමතක වුණේ කොහොමද? ලැජ්ජා නැද්ද?
ලෝක ඉතිහාසයේ දුටු හාස්‍යජනකම දෙයක්...
බොරු කියනවා අහලා තියනවා. එ්ත් මෙහෙම කටේ දිවේ ගෑවෙන්නේ නැතිව බොරු කියන මේ වගේ කෙනෙක් නම් දැක්කමයි. කාගේ කාගේත් හොරකම් ගැන පස්සේ හොයා ගන්න පුළුවන්. එ්ත්, පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු ප්‍රධානියා අල්ලලා හිරේ දානකනුයි අපි මේ බලාගෙන ඉන්නේ... හිතාගෙන ඇති බොරු දෙසලා මේ රටේ සියලුම ජනතාව රවට්ටන්න පුළුවන් කියලා...
මොන විහිළුද? කියන ඒවා පිළිගන්න තරම් ලක් වැසියන් මෝඩද? උතුරු මැදදී කියන කෙනාද ? නැතිනම් දකුණේ කියන කෙනාද හරි? මේ වොලිබෝල් සෙල්ලමක් නොවේ. මේ රටේ මිනිසුන්ගේ දුක් කඳුළු මහන්සිය අපේ අනාගතය.
අවුරුදු 5ක්ම කලේ මෝඩ වැඩ.... දැනුත් කියන්නේ ගොන් කතා තමයි. පොළොන්නරුවේ කට්ටිය මෙයාට රැවටෙන්න එපා මේ සැරේවත්.
හරි ලේඛනයට අත්සන් කරලා නෑ වගේ...
අර රෝයල් පාක් මිනීමරුවාව නිදහස් කරන්න අත්සන් කීයක් ගැහුවද?
කතා කරන්න එපා මහත්තයෝ. ඔහෙගේ 19 සංශෝධනේ හින්දා අපේ රටට හෙන ගැහුවේ. පාස්කු ඇටෑක් එක 97 පාරක් දන්වලත් ඩිෆෙන්ස් මීටින් එකක් තිබ්බේ නැති ඔහේ ඒ දවස්ටිකේ රට පැනල හැංගුණා. මහින්ද ලොක්කලාට ලැජ්ජාවක් නැතුව ඔහෙව ලඟට ගත්තනේ...
ඔච්චර ගහලා ඉවර වෙනකොට අත රිදෙන්න ඇති නේද? කවුද තෙල් ගෑවේ ඔයාගෙ නෝනද?
කෝටියක් කොළ අත්සන් කළත් වැඩක් තියේද? එ්කෙන්ම පේනවා කෙරුවාව.. වැඩ බැරි ටාසන්.. අායෙත් එන්න හිතාගෙනද ඉන්නේ ඔය වගේ පච වැඩ කරන්න.
මෙයත් දැන් හම්බන්තොට ලොකු අයියා වගේ කොළඹ ඉඩම් ඡන්දෙට ගමට යනවා වගේ..., ඕවා දැන් වැඩක් නැහැ. ඔහුව ගෙන්න ගන්න සිංගප්පූර් අගමැතිටත් කෝල් කළා කීවනේ... රතු නිවේදනය කෝ? එහෙ ලංකා එම්බසිය කෝ? ඔබතුමා ඉන්නකොට හරියට කළා.. දැන් දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලවලට තේරුණා ළමයින්ට 10.000 ගානේ බෙදන්න අවශ්‍ය නැහැනේ ඡන්දෙ ප්‍රකාශ කරලා තියනකොට (හොඳ වැඩක් දුප්පත් ළමයින්ට) එ්ත් ඕවාවලින් ඒවායේ වටිනාකමත් නැතිවෙනවා... නිපුණතා ඇති අය හාල් බෙදන්නා වගේනේ...
එ්කයි එහෙනම් අත අමාරුවෙන් වගේ ඉන්නේ.
ගිනස් වාර්තාවකුත් තියලා නොවැ. අපි දන්නෙත් නෑ. පත්තරෙන් තමයි දැනගත්තේ...
හම්මේ ගොවි රජෙක්. අන්තිමට කෝටි බරගාණක කොළඹ මාලිගාවකුත් අරගෙනම ගෙදර ගියා හිටන් කියහන්කෝ..! ලංකා ඉතිහාසේ අසාර්ථකම පාලකයා මෙයා කියලා පත්තරෙන්වත් දැනගත්තේ නැද්ද මන්දා..
හරිම ෂෝක්. ඒක ගීනස් වාර්තාවක් වෙන්නත් පුලුවන්...
අර්ජුන මහේන්ද්‍රන් නොවේ, ලංකාවේ සිටපු ඔය හොරකමේ ඉතුරු හොරු ටික සහ හොරුන්ගෙන් අල්ලස් ගනිපු රවියත් හොඳ සනීපෙන් ලංකාවේ ඉන්නවා.. අල්ලස් දඬුවම් කරන්න ඔහෙට බැරි වුණා. මහින්ද මහත්මයත් මුකුත් කරන්නේ නැහැ... ලැජ්ජා නැතුව එනවා තවපාරක් ඡන්දෙ ඉල්ලගෙන... මහා පක්ෂ දෙකම මහා බැංකු හොරු ආරක්ෂා කරනවා...
ඉඳලා හිටලා හරි හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න පුලුවන්...
ඔහේගේ කැරැට්ටුව මෙන්න මේක... කටක් ඇරියොත් කියන්නේ බොරු... මහින්ද මහත්මයත් එක්ක රාත්‍රියට එකට ආප්ප කාලා මම අනිත් පැත්තට යන්නේ නැහැ කියලා ගෙදර ගිහින් උදේ මහින්ද මහත්මයට විරුද්ධව ඡන්දෙ ඉල්ලන බව ප්‍රකාශ කළා... කුඩුකාරයන් එල්ලනවා... කියලා තව නාඩගමක් පටන් ගත්ත එක ජාත්‍යන්තරයට පවා ගිහින් අපේ ජි.එස්.ටී. එකටත් කෙලවෙන්න ගියා.. නමුත් එ්ක කළෙත් නැහැ. ඇස්බැස්ටෝස් ග්ලයිෆොසේට් තහනම වැනි දේවල් මුකුත්ම කලේ නැහැ.. ආරක්ෂක ඇමතිකම ඇතුළු සියලුම වැදගත් තනතුරු භාරගෙන ඒවා කිසිම දෙයක් හරියට කලේ නැති නිසා බෝම්බ ප්‍රහාරය වළකාගන්න බැරි වීමෙන් මිනිස්සු 300ක් විතර මැරුණා.. 100ක් විතර සදාකාලික අාබාධිත වුණා... මහා බැංකු වංචාව පිළිබඳව වැදගත් සාක්ෂි තිබෙනකොට විධායක බලතල පාවිච්චි කරලා හොරා අල්ලා නඩු දමන්න කියන සරල නියෝගය දෙන්නේ නැතුව... කොමිසම් දමාගෙන පිස්සු කෙළිමින් සිටිය හොරා රට පනිනකම් ... මම සරල ජනාධිපති කියලා ඇවිත් පැන්ෂන් ගියහම ජීවිතාන්තය දක්වාම ඉන්න කොළඹ 7 මන්දිරයක්... බෙන්ස් කාර් වැනි සියලු වරප්‍රසාද ගත්තා... මේ ඔක්කොම කරලා එනවා තව පාරක් ඡන්දෙ ඉල්ලගෙන... අපිව තව ටිකක් කන්න...
කටක් ඇරියොත් කියන්නේ බොරු... ලංකා ඉතිහාසයේ සිටපු අසාර්ථකම ජනාධිපති ඔබ... පරණ පිනකට ජනපති වුණා කියලා මාධ්‍ය මගින් කොපමණ අපහාස කළත් විජේතුංග ජනපතිතුමා... බොරු නොකියා හොරකම් නොකර.., හරියට නීතියට සාධාරණ මැතිවරණයක් තියලා විශ්‍රාම ගිහින් යහපත් විශ්‍රාම දිවියක් ගතකළා, අාපහු ඡන්දෙ ඉල්ලුවෙත් නැහැ... කොළඹින් මන්දිර ඉල්ලුවෙත් නැහැ බෙන්ස් කාර් ඉල්ලුවෙත් නැහැ.. අාරක්ෂකයෝත් නැතුව ගෙදරින් එළියට බැහැල ගමන්බිමන් ගියා... වයසට ගිහින් ස්වභාවික මරණය ලබනකම් නිදහස් ජීවිතයක් ගතකළා..
අපේ සිංහල භාෂාවේ යෙදුමක් තියෙනවා මම අහලා තියෙනවා." තාර බර ඇරලා ගන්න.." කියලා. මෙයත් අත්සන් 21 විතර ගහන්න ඇති.. හැබැයි ඒ ලියුම් කියෙව්වාද? (තේරෙනවා නම්) නැතුව ලේකම්ව සතුටු කරන්න නොකියවාම අත්සන් කළාද දන්නේ නැහැ. ඉතින් මෙයා 21 වරක් අත්සන් කරලා ජනමාධ්‍ය ඉදිරියේදී ඒක වැඩි කළා 1000 න්. ඕකයි සිද්ධ වෙන්න ඇත්තේ. මෙයා හිතන්නේ දහස් වරක් අත්සන් කළාම.. හරි මම වැඩ කාරයෙක්... කියලා. එ්ත් මෙයා දන්නේ නැහැ ජනාධිපති කෙනෙකුගේ එකම එක අත්සනකින් ඔය වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ නිසා අත්සන් 21000 න් තාර බර ඇරලා නියම ප්‍රමාණය ඔයගොල්ලෝ හිතාගන්න. ඔය කියෙව්වාට මෙයා අත්සන් කළාදත් කියලා මට සැකයි...
අත්සන් 21000 පට්ටපල් බොරු , ඇතිද අහගත්තා...?
සමහර විට එක කොලේක අත්සන් කරලා සිංගප්පූරු යවන්නයි, පාර්ලිමේන්තුවට යවන්නයි... ෆොටෝකොපි 21000ක් ගැහුවද දන්නේ නෑ...
ඔබ අපේ රටට නොමැකෙන, පුදුමාකාර සේවයක් කළ කෙනෙක්නේ. අපට හැමවෙලාවෙම ඔබව මතක් වෙනවා.. ඒක නෙවෙයි, ඔය අත්සන් 21,000 ගැහුවේ කොහොමද? !...හිතා ගන්නවත් බෑ.
විලි ලැජ්ජානැති මිනිහෙක් මුලු රටම අගාධයට දමලා රෙද්දක් ඇඳගෙන මාධ්‍ය සාකච්චා තියෙනවා.. මොනවද රටට කලේ? අන්තිමට මිනීමරුවෝත් නිදහස් කරලා, උන්ගෙනුත් පගාව අරගෙන ගන්ඩතියෙන ඔක්කෝම අරගෙන ගියා, පින්සිද්දවෙයි කරපු විනාසේ ඇති හොඳටම දැන්... දැන් මේ රටට දේශපාලකයින් ඕනෑ නැහැ...
මේ මනුස්සයා ගහන බොරු....
ඉතින් , ඉතින්....
ලංකාව ඉතිහාසයේ මේ වගේ දුර්වල, ලැජ්ජා නැති, කෙළෙහිගුණ නොදන්නා කෙනෙක් මගේ ජීවිතයට දැකලා නැහැ...
මේ වාගේ එකෙක් තමයි ඇමෙරිකාවේ ජනතාවත් පත්කරගෙන ඉන්නේ. ඒකත් කෙලින තරමක් පිස්සු කෙලිනවා. ඒ රටේ මිනිස්සුත් කර කියා ගන්න දෙයක් නැතිව ඉන්නවා..
රටට, සමාජයට යහපත් යමක් ලබාදීමට කටයුතු කරන පුද්ගලයින්ට ඉරණම් දෙකක් තිබිය හැකිය... 1 අන්ධ ලෙස ඔහු ඇදහීම (දෙවියන් ලෙස) 2.නිර්දය ලෙස ඔහු හෙලා දකිමින් විනාශ කිරීම
හාමු මහත්තයා මෙයාට ලොකු දිරච්ච ලණුවක් දීලා. 21000 අත්සන් ගහලාම තමයි මොලේ අවුල් වෙන්න ඇත්තේ. දැන්වත් මානසික රෝහලකට ඇතුළත් කරොත් හොඳයි නේද? නැත්නම් තව පිස්සු කියවයි.
මරණින් පස්සේ කොයි ලොව යන්නේ...
මේ රට විනාශය කරා රැගෙන ගිය ලංකාවේ බිහිවූ දුර්දාන්තම පාලකයායි. දේශපාලනයෙන් පමණක් නොවෙයි, මේ රටින්ම නෙරපා දැමිය යුතු පුද්ගලයෙක්. පාස්කු ප්‍රහාරයට ලැබිය යුතු දඬුවම මේ ආත්මේදී, පමණක් නොවෙයි, මතු උපදින හැම ආත්මෙකම ලැබෙයි.
අත්සන වගේම ඔබතුමාත් අවලංගු, බලයක් නැතිව කටයුතු කළ බව නොකියා කියනවා.
අවුරුදු 5ක් තිස්සේ බලපු "පොලොන්නරුවේ කොල්ලෙක්" ටෙලි නාඩගම තාමත් ඉවර නෑ වගේ...
තටු ගහනවා වගේ අත්සන ගහන්න ඇති නේ?
ඉතින් ඊට පස්සේ....?
ඔය බොරුවලට කවුද රැවටෙන්නේ? අවශ්‍යනම් චූදිතයා නැතිව නඩු කියන්න පුළුවන්. එවැනි නඩුවකින් චූදිතයා වරදකරු කරන්න පුළුවනි. මොනම රටකින්වත් එරට කෙනෙක් වෙන රටකට නඩු නොකියා පාවාදෙන්නේ නැහැ...
මේ අත්සන් 21000 ගහද්ද්දී ඊට අදාල කරුණු කාරණා ටිකත් කියවා බැලුවද? නැත්නම් මොනවා ලියලා අත්සන් ගත්තද කව්ද දන්නේ...?
මෙයාගේ විහිළු කතා අහලාම එපාවෙලා හිටන්... දැන් නින්දෙන් අවදිවෙලා ගජබින්න ගහනවා..
විනාඩි 1 කට අත්සන් 4-5 අතර. බලන් යනකොට එකක්වත් කියවලා නැහැ. මිනිහෙක් කරන සාමාන්‍ය වැඩ, කෑමබීම ... මොකුත් කරලා නෑ. මෙහෙමත් නායකයෝ. කාගේ දරුවෝද මේ අය?
අම්මපා සෑර්, කාබන් පෑන් කීයක් විතර ගියාද මේ වැඩේට?
රටට හෙනගහපු එක අහන්න දෙයක්ද? කරල තියෙන්නේ අස්සං ගගහ හිටපු එක විතරයි. ඒ අල්ල පනල්ලෙ රනියයි හොරු හතලිහයි රටම මංකොල්ලා කෑවා. ජෙප්පො, එන්ජීඕ නඩේ ....මේ සේරම මේ වගේ අය ගෙනැත් රට කෑවට ජාති ජාතිත් පව් ගෙවන්න ඕනේ...
අපි හිතුවේ කිව්ව පරිදි පොලොන්නරුව මහගෙදරේ විශ්‍රාම ජීවිත කරනවයි කියලා. කොහොම හරි මහබැංකු හොරුත් එක්ක කෝටි 800ක් වටිනා නිවසක් භුක්ති විඳින්න අයිති කරගත්තා. එදා මහින්ද රනිල් වැඩ කරන්න දුන්න නැහැ කියනවා නම්, දැන් ගෝඨාගේ යටතේ වැඩ කරන්න හැකි වේවිද?
ලියුම් දෙකක් අත්සන් කරන්න ඇති 1000 පිටි පස්සට අතින් දමලා ගමේ මිනිසුන්ට ඔහේ කියවනවා. සමාජ වාදීයන්, කොමියුනිස්ට් කාරයින් සත පහකට විශ්වාස කරන්න බැහැ. අවස්ථාව ලැබුණු ගමන් වටේ ඉන්න ඔක්කොම හලලා පනිනවා. විජේතුංග , දහනායක , සේනානායක, මුදියන්සේ තෙන්නකෝන්ලා, කළුගල්ලලා, කොතලාවලලාට සම කරන්න කව්ද ඉන්නේ? යූ.බී. වන්නිනායකලා වෙලාවට අපේ කරුමෙට නැතිවුණා. දරුවනේ නුඹලාගේ අනාගතය තීරණය වෙන්නේ ළඟදීම එන මැතිවරණයෙන්. යු බී වන්නිනායක මැතිතුමා ගෙදර යනකොට තිබුනේ කබල් සරම් දෙකකුයි, කමිස කෑලි දෙක තුනකුයි, තුත්තිරි කපන වීසි කැත්තකුයි පමණයි.
සිංහ වෙස් මුහුණක් දාගත්ත නරියෙකුට එහෙමත් නැත්නම් සුනඛයෙකුට සිංහයෙක් වගේ ක්‍රියා කරන්න පුලුවන්ද? රජකමට පත් වුනත්, ආරේ ගති නෑරේ කියලා අහල තියනවනේ අපි? " බලු කම් කලත් කළකම් පලදේ" කියලා තමයි කියන්න තියෙන්නේ. "සභාපති " කියන වචනේටත් බය නිතර උඩුබුරන බලු කුක්කෝ වැඩිය සද්දේ දාන්නේ නැහැ මේ වගේ වෙලාවට..
ඉතින් මේ උත්තමයාව රටේ පාලන බලවතා බවට වැඩි ඡන්දයෙන් පත් කරගත්තු අය වැටෙන්නේ මොන කොටසටද?
ඔය අතට අත්සන් ගහන එක කජ්ජක්ද? කොල්ල කාලේ ඉඳන් මොන තරම් වැඩ අරන් ඇතිද?
පට්ටපල් බොරු... කිසිම මිනිහෙකුට දින තුනක් ඇතුළත අත්සන් 21000 ගහන්න බැහැ...
එක වැරද්දක් වසා ගන්නට තවත් එක ලොකු බොරුවක් ගොතා තටම තටමා කියා දැම්මේ පොලොන්නරුවේ සිරිසේන... ආප්පයකට වැඩේ දීලා උන්න තැනටත් කෙලවලා බලය නැතිවී ගෙදර ගියපසු ආයෙ උන් තැනටම ගියා..
කරුණාකරලා හැකි ඉක්මණන් විගණන පරීක්ෂණයක් තියන්න මේ අත්සන් 21000 පිළිබඳව... මොකද දවසට අත්සන් 7000 ක් ගහනවා කියන්නේ මුන්නාන්සේ ඒ දවස් තුනේ වෙන කිසිම වැඩක් කරලා නැහැ වගේ..අම්මප අපේ අන්දරේ දාපු ජෝක්ස් අහනකොට මේවනේ නියම ජෝක්ස්...
මෙයා පත්තරේ බැලුවට ඔන්ලයින් පත්තරේ බලන්න දන්නේ නැහැනේ... එහෙම වුණා නම් මේ කමෙන්ට් බලලා බෙල්ල කපා ගන්නවා...
එක්සත් ජාතික පාක්ෂිකයින් කියනවා මිස්ට ක්ලීන් කියලා හිටපු රනිල්ගේ නම කැතවුනෙත් ඔබතුමා සම්බන්ධ කරගත් නිසා කියා...
අගමැති අලුත් නම් පරීක්ෂණයකට මාස 3කට පරිවාස කාලයකට පත් කිරීමට කොන්දේසියක් ඇතුළු කරන්නට තිබුණා. නමුත් අතනදී තිබුණු යටිහිත පැරණි පාලනයට වැරදි කීම පමණි.
අම්මප .... මෙහෙමත් ගජබින්න..
ආයෙත් සැරයක් පාර්ලිමේන්තුවට එවමු..
මට පෙනෙන්නේ පෙත්සමක් ලියලා හොර අස්සන් ගහලා... අර රත්තරන් ටොන් 7000 කතාවට පස්සේ ඔහොම එකක් ඇහුවාමයි...
ග්‍රාමසේවක රාළහාමි යුගය තුළ මොහු උතුම් රජයේ සේවකයෙකි. පළමු පුරුෂයාගේ කාල පරාසය තුළ (බුද්ධ භාෂිතය අනුව) නම් වසලගති ඇත්තෙකි.