( තිළිණි ද සිල්වා )
කොරෝනා වයිරස වසංගතය හමුවේ සති තුනකට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු සදහා රැදී සිටින 600 කට ආසන්න ශ්‍රී ලාංකික සිසුන් හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
මේ වන විට ලාංකික සිසුන 600 දෙනා ගෙන් 191 දෙනෙකුම දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත 5ක අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින බව චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව කර්ණාටක ප්‍රාන්තයේ මෙරට සිසුන් 112 ක්ද , තමිල්නාඩු ප්‍රාන්තයේ සිසුන් 62 ක්ද , තෙලංගානා ප්‍රාන්තයේ සිසුන් 9 ක්ද , කේරළ හා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත දෙකේ සිසුන් 4 දෙනා බැගින් උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින්නේ යැයිද චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
දැනට ඉන්දියාවේ ක්‍රියාත්මක නීති රීති වලට ගරු කරමින් සිය නේවාසිකාගාර වලට වී ආරක්ෂා සහිතව සිටින ලෙසත්, එම සිසුන්ගේ යම් අවශ්‍යතා පවතින්නේ නම් ඒ ගැන නිරන්තරයෙන් සොයා බලන බවද එම මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
එසේම දැනට විදෙස්ගත ලාංකිකයින් වෙනුවෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක " කන්ටෑක්ට් ශ්‍රී ලංකා " නමින් සජීවි අන්තර්ජාල පිවිසුමක් හදුන්වා දී තිබෙන අතර , ඒ අනුව එම වෙබ් අඩවියේ ලියාපදිංචි වී සහාය ලබා ගත හැකි බවද විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රිෂානා ගැන හොයා බැලුවා වගේද?
රිසානා සහ මෙම ප්‍රශ්නය පටලවගන්න එපා... රිසානාගේ ප්‍රශ්නෙදි තානාපති අංශවලට කරන්න දෙයක් තිබුනේ නැහැ. ලංකාවේ ජනපති පවා මේ ගැන ඉල්ලීමක් කලා. සවුදි අරාබියේ ම්ලේච්ච පාලකයන් මේ සියල්ල නොතකා රිසානාගේ බෙල්ල කැපුවා. නමුත් මේ ප්‍රශ්නෙදි තානාපති අංශ වලට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විශාල සේවයක් කලහැක.