(දිමුතු සදරුවන්)
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා හා සමාජ මාධ්‍ය හරහා පුවත් වාර්තා වන බවත් එවැනි තත්ත්වයක් නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (14) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.
එහිදී අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ කීය.
‘‘අද දින ඕමානයේ සිට පැමිණි තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව කුණ්ඩසාලේ ප්‍රදේශයේ කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයකුගේ භාර්යාව සහ මාමණ්ඩි කෙනෙක් කොවිඩ් 19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ වගේම ලංකාපුර හඳුනාගත් රෝගියාගේ එනම් කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරියාගේ තවත් ඥාතියෙක් කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම රාජාංගනය ප්‍රදේශයේ සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලදී තවත් පුද්ගලයෙක් කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා පැතිරෙන බව කී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් කියා සිටියේ,කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරින්, රැදවියන් ලෙස සිටිය අය තම නිවෙස්වලින් නැවත නිරෝධායනය සඳහා කැඳවාගෙන යෑමේ දී මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි. ආරක්ෂක අංශ හා සෞඛ්‍ය පරීක්ෂකවරු විවෘතව මෙම කටයුත්තේ නිරත වෙනවා.
තවද රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහල කොවිඩ් ආසාදිත රෝගියකු වාර්තා වීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
මෙම රෝහලෙන් වාර්තා වූ ආසාදිතයා ද කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකයකු ලෙස කටයුතු කර තිබෙන බව ද මේ වනවිට එම රෝහලේ 48 ක් පී සී ආර් පරීක්ෂණ සිදු කර තිබෙන බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘සමාජයෙන් රෝගීන් හඳුනාගන්නේ නම් ඒ බව දැනුවත් කරනවා‘‘
Nuwan Wednesday, 15 July 2020 03:45 AM
මෙල්බර්න් නුවර දෙවෙනි රැල්ල එන්නෙ සිකුරුටි ගාඩ්ලගෙ අයතා හැසිරීම් නිසායි කියවෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කරගෙන යනවා. කන්දකාඩුවල පරීක්ෂණ නොකලේ ඇයි. එතන වෙච්ච අඩුපාඩු මොනවාද යන්න ජනතාවට දැනගන්න අයිතියක් නැද්ද?
Anton Fernando Wednesday, 15 July 2020 04:04 AM
දැන් මේ හම්බෙන රෝගීන් වෙන සමාජයකද.?
wicky Wednesday, 15 July 2020 05:12 AM
ඡන්දෙන් පස්සේ කියන්න පුළුවන් 100 ගුණාකාර වලින් එතකන් ඉමුකෝ.