IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘මහානාම ගුරුවරියගේ කට වහන්න හැදීම වැරදියි‘‘

පාසලේ දී සිදුවීයැයි කියන අපයෝජනයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ජනමාධ්‍යට අදහස් පළ කළැයි වැඩ තහනමට ලක් වූ කොළඹ මහානාම විද්‍යාලයයේ ගුරුවරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගුරුවරියට වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියෙන් සහ 14.1 වගන්තියෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

එම වගන්ති දෙක මෙසේය.

12. (1) නීතිය පසිඳලීම සහ කියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.

14. (1) සෑම පුරවැසියකුට ම -

(අ) භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් වූ කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට සහ එහි ගුරුවරයකු වූ මාලේගොඩට රුපියල් ලක්ෂය බැගින් මෙම ගුරුවරියට වන්දි ගෙවන ලෙස නියෝග කැරිණි.

අගවිනිසුරු කේ ශ්‍රීපවන්, අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු නඩු තීන්දුව ලබා දුන්හ.

මෙම ගුරුවරියගේ සිද්ධිය ඒ දිනවල ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ඇයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරතියි ගුරු සංගම් චෝදනා කළේය.

සබැඳි පුවත්

මහානාම විදුහල්පති විශ්‍රාම ගන්වයි

මහානාම ගුරුවරියට යළි වැඩ

තිලිණ ගමගේගේ තීන්දුව ආපස්සට

සිසුන් ගැනීමේදී ලිංගික අල්ලසුත් අරන්



අදහස් (0)

‘‘මහානාම ගුරුවරියගේ කට වහන්න හැදීම වැරදියි‘‘

කුමාර රාජකරුණා Wednesday, 28 September 2016 08:08 AM

අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පාසල් වල සිදුවන බොහෝ අකටයුතුකම් සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. විදුහල්පතිවරුන්ගේ අකටයුතුකම් වලට සහයෝගය නොදෙන අයට සමහරු කැපිල්ල දානවා කියලත් අපි දන්නවා. ඒ ගැන අමාත්‍යාංශයට දැනුම්දුන්නහම ඒගොල්ලෝ මුනිවත රකිනවා. අන්තිමටම පිහිට උසාවිය තමයි. (නි)

:       0       1

බුද්ධිකා Wednesday, 28 September 2016 10:14 AM

ඔය තරමටම තමන්ගේ භාෂාව දන්නේ නැති එක පිළිගන්න අමාරුයි. (ර)

:       0       0

සාගර Wednesday, 28 September 2016 10:21 AM

මෙය ඉතා හොඳ තීන්දුවක් මෙන්ම පුර්වාදර්ශයක් මේ රටේ ඉන්න දෙශපාලකයන්ට සහ නිලධාරින්ට දැන්වත් වැරදි නිවැරදි කරනවා වෙනුවට පලි ගැනීමේ ක්‍රියාවන් වලින් ඉවත් වීමට පාඩමක්. (ර)

:       0       1

පීරිස් Wednesday, 28 September 2016 10:22 AM

විදුහල්පති සහ අනිතෙක්කෙනා කල අපයෝජන මොනවාද කියල පැහැදිලිමදී. විස්තරකරනවද පොඩ්ඩක්? (ර)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 28 September 2016 10:39 AM

මට නං කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ගුරුවරිය කලදේ නිවැරදිද ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ ? (ර)

:       1       0

වීරවර්ධන Wednesday, 28 September 2016 05:30 AM

වැරදි පෙන්නලා දෙනකොටත් ඒකත් නීතිවිරෝධී කියනවා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 28 September 2016 06:19 AM

කරුණාකර අපයෝජනය වචනයේ හා අවභාවිතය යන වචනවල තේරුම පිටරට බොහෝ කලක් පදිංචිව සිටින අපට මෙම තීරුවෙන් කියා දෙන්න. ඉංග්‍රීසි වලින් දුන්නොත් වඩා හොඳයි දෙකම එකම තේරුමද කියාත් හිතෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1585 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 775 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 646 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 332 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 570 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 524 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site