(මනෝප‍්‍රිය ගුණසේකර)
කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කොට මොහොමඞ් සහරාන් ඇතුළු 06 දෙනකු විසින් ප‍්‍රහාරයක් එල්ල කරන බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පාස්කු ඉරිදා ප‍්‍රහාරයට දින 10 කට පෙර තමන්ට තොරතුරු ලබාදුන් බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (26) බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ පොලිස් පරීක්‍ෂක බී.ජේ.කේ. අබේවික‍්‍රම මහතා හෙළි කළේය.
ඒ සමයේදී ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ රාජ්‍ය බුද්ධි අංශය, විශේෂ කාර්යංශය හා අනෙකුත් විශේෂ බුද්ධි අංශ විසින් බුද්ධි තොරතුරු නිසි ලෙස සංනිවේදනය කර නොගැනීම නිසා මෙම ප‍්‍රහාර වළක්වා ගැනීමට තිබු අවස්ථාව නැති වී ගිය බව කොමිසම හමුවේ පිළිගත් බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂවරයා ප‍්‍රහාරයෙන් අනතුරුව බුද්ධි තොරතුරු සියලුම බුද්ධි අංශ සමඟ හුවමාරූ කරගැනීම නිසා ඉතා කෙටි කාලයක් තුළ සැකකරුවන් අල්ලා ගැනීමට හැකිවු බවත් කොමිසම හමුවේ වැඩිදුරටත් පිළිගත්තේය.
අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකයින් 100 කට අධික පිරිසක් ලංකාවේ සිටින බව මා දන්නා නමුත් මුස්ලිම් අන්තවාදී මත දරණ පිරිස් තුර්කිය හරහා සිරියාවට යවන බව තමා දන්නේ නැතැයි හෙළි කළ ඔහු අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකයින් මෙරට සිටින බව තොරතුරු මුලින්ම හෙළි වුණේ 2015 - 2016 වසරවල බවත් මුස්ලිස් අන්තවාදී මත දරණ පිරිස් මරදාන ප‍්‍රදේශයේදී හමුවන බව තමා දන්නේ නැතැයි පිළිගත් බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂවරයා මුස්ලිම් අන්තවාදය පිළිබද මාධ්‍ය මඟින් දැනගත් තොරතුරු වලට අමතරව පාස්කු ප‍්‍රහාරයට පෙර වෙනත් තොරතුරු බුද්ධි නිලධාරීන් විසින් තමන්ට ලබා නොදුන් බවද පැවසීය.
පාස්කු ප‍්‍රහාරයට පෙර දින රාත‍්‍රීයේදී මෙන්ම පාස්කු ප‍්‍රහාරය සිදුවු දින උදෑසනදීත් පාස්කු ප‍්‍රහාරය පිළිබදව තොරතුරු පොලිසියට ලැබී තිබුණත් එම තොරතුරු තම අංශයට නොලැබුණු බව පැවසු බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂවරයා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක් එල්ල වු පසුව තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බ අඩංගු විශාල පාර්සලයක් එල්ලාගෙන කොළඹ සිට දෙහිවල දක්වා ගමන් කර තිබුණත් කිසිදු බුද්ධි අංශ නිලධාරීයකුට ඔහු ඇස ගැටී නොමැති බවද පිළිගත්තේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මියගේ මෙන්ම කොමිසමේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා මහතා (සභාපති) අභියාචනාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්‍ෂ සහ බන්ධුල අතපත්තු යන මහත්වරුන් මෙන්ම විශ‍්‍රාමික අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. මංගලිකා අධිකාරී මහත්මියගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ සාක්කි දෙමින් බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ පොලිස් පරීක්‍ෂක බී.ජේ.කේ. අබේවික‍්‍රම මහතා එම කරුණු හෙළි කළේය.
COMMENTS
"බල අරගලය, නිලධාරිවාදය " නිසා කඩේ සම්පූර්ණයෙන්ම වසා තිබු බවට වෙන මොන කතාද? අප මෙසේ ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට කැමැත්තෙමු. මෙම පාපතර පිදේනි තට්ටුවට වචනයකින් හෝ සම්බන්ධ වුණු " සෑම කෙනෙක්ම" වන්දි ගෙවනු නියතයි. තාත්තා කියපු නිසා එදා මම උදේට වසුරු පිටකරන්න වැසිකිළියටවත් නොගිහින් දියවන්නාව 225 න් එකෙකුටවත් මෙම පාපයෙන් බේරීමට නොහැකිය.
ISIS මේවාගේ නියම අය මරාලාම තමයි...
හැමෝම හැමෝටම දැනුම්දීලා. හැමෝම දන්නවා. අන්තිමට කොහෙද යන රජයෙන් පඩි ගෙවපු ත්‍රස්තවාදියෙක් උපයෝගී කරගෙන ලොකු ලොක්කෝ ඔක්කොම ඡන්දෙ නිසා මුස්ලිම් මිනිස්සුන්වයි, කතෝලික මිනිස්සුන්වයි බිල්ලට දීලා ඒ ගොල්ලෝ ඡන්දෙ දිනාගත්තා... කතෝලික අපි මුස්ලිම් මිනිස්සු එක්ක අමනාප නැහැ. මේකේ සුලමුල හොයන්න ගියාම සහරාන්ට පඩි දීපු ලොක්කෝ, ඒවා හංගපු ලොක්කෝ ඔක්කොම අහුවෙනවා.. ඒවා තියලා කොහෙවත් ඉන්න සොක්කෝ ටිකක් අත්අඩංගුවට ගන්නවා . දැන් මේක හොඳටම පැහැදිලියි කවුද මේවා කලේ? මොකටද මේවා කලේ කියලා... හැබැයි නියම චූදිතයෝ කවදාවත් අත්අඩංගුවට ගන්න එකක් නැහැ. මොකද මේවා කලේ දේශපාලන හේතු නිසා... අන්තිමට වුනේ කතෝලික අපේ මිනිස් ජීවිත නැතිවුණු එකයි. මුස්ලිම් මිනිස්සුන්ට කළු පැල්ලමක් එකතු කළ එකයි විතරයි. හැබැයි ඡන්දෙ නම් දිනාගත්තා..
රටේ ආරක්ෂාව බිංදුවටම දාලා නේද තිබිලා තියෙන්නේ ? දේශපාලකයින් කළේ මහ ජනතාවට හිනාවුණු එක. ඒක හරි. මොකද.ඔවුන් එතැනට යැව්වේ මහජනතාව .
අනේ ඔය බොරු සංදර්ශන නැතුව ප්‍රහාරයට සම්බන්ධ මහ මුල් අල්ලන්න. ඡන්දෙට කලින් රටට කිව්වෙ එහෙමනේ....
එක එක්කෙනා තමතමන්ගේ මරණ ආසන්නයේ කරපු පව්වල බැරෑරුම්කම තේරුම් ගනී. කවුරු වුණත් එකයි.
කතෝලික මිනිස්සුන්වයි, මුස්ලිම් මිනිස්සුන්වයි කොටවලා අන්තිමේ ඡන්දෙ ගොඩ දාගත්තා. බොරුවට ඇවිල්ලා අපේ කාදිනල්තුමාගාව වැලපෙනවා අල්ලනවා අල්ලනවා කියලා. කොහෙද අල්ලන්නේ කරපු අයම ඇවිල්ලා අල්ලනවා කියන කොට.... මුලින්ම සහරාන්ට පඩි දීපු එවුන්වයි අත්අඩංගුවට ගන්න ඕනේ... මේක ත්‍රස්තවාදියෙක් අල්ලාගෙන ගහපු දේශපාලන ගේම් එකක්... අන්තිමට අනුන්ගේ කුණු... කතෝලික සහ මුස්ලිම් මිනිස්සුන්ගේ නම්වලට බැර කළා. මේක කරපු අයට නම් ශාප වෙන්න ඕනේ. මල මිනී උඩින් ගිහිල්ලා ඒ අය ඡන්දෙ දිනාගත්තා...
අන්තවාදීන් සෑම ආගමකම ඉන්නවා. පසුගිය වසරේ සිදුවුණු සියල්ල සිදුවුනේ සිරිසේන ජනාධිපතිතුමා ඉන්න කලේ නේද? දැන් එතුමා ඉන්නේ මොන පක්ෂයේද කියල කවුරුත් දන්නා දෙයක්. ඉතින් සාධාරණයක් සිදුවෙයි කියල සිතන්න පුලුවන්ද? ඔය කොමිටු දමන්නේ වේලි වේලි ඉන්න අයට ආදායම් මාර්ගයක් සලසා දෙන්නයි.