IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘පාසල් විවෘත කිරීම ප්‍රමාද කර තැපැල් මගින් ඉගැන්වීමේ කටයුතු කරන්න‘‘

(මොහොමඩ්  ආසික්)

කොවිඩ් 19 වසංගතයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බැවින් පාසල් ආරම්භ කිරීම තව දුරටත්  ප්‍රමාද කර තැපැල් මගින් සිසුන්ට නොමිලයේ ඉගැන්වීම කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අද (30) මහනුවර අලවතුගොඩ පිහිටි  අධ්‍යාපන අනධ්‍යයන සේවක  සංගමයේ  ප්‍රධාන කාර්යාලයේ පැවැත් වූ  මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා මේ බව කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම් අජිත් කේ.  තිලකරත්න මහතා මෙසේද කීය.

‘‘රජය විසින් මේ  වන විට නිකුත් කරල තියෙන උපදෙස්වලට අනුව සති දෙකක් ඇතුළත පාසැල් ආරම්භ කිරීමේ දිනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව සඳහන් කරල තියෙනවා.

නමුත්  මෙම උපදෙස් සංග්‍රහය අනුව පාසැල් ආරම්භ කිරීමේදී ගැටළු පවතින බව අපට  පෙනී යනවා. එහෙම නැත්නම් පාසැල්  ආරම්භ කිරීම සඳහා සංගමයක් හැටියට අපි අපේ සම්පූර්ණ සහාය ලබා දෙනවා.

නමුත් සිසුන් වැඩිම ප්‍රමාණයක් ඉන්න  පාසැල් ආරම්භ කිරීමේදී ගැටළු කිහිපයක් බලපානවා.

ඒ නිසා අපි යෝජනාවක් හැටියට අපි අධ්‍යාපන අමාත්‍යාංශයට  සහ සෞඛ්‍ය බලධාරින්ට ඉදිරිපත් කරන්නේ  විදෙස් ශ්‍රමිකයින්ගෙන් තව දුරටත් මේ කොවිඩ් 19 වසංගය මතු වන බැවින් අපට තවමත් අවදානම පහවී නැහැ එම නිසා  අවදානම පහව යන තුරු පාසල් පටන් ගැනීම තව දුරටත්  ප්‍රමාද කරනවානම් හොඳයි කියන එකයි අපේ තියෙන මතය.

මේ වන විට වට්ස්ඇප් හරහා ඉගැන්වීම් කටයුතු දැනටමත් සිදු වෙනවා.  නමුත් දුප්පත් පවුල්වල දරුවන්ට  මේ සඳහා අවශ්‍ය පහසුකම් නැහැ  තවත් හුඟක් තැන්වල දුරකථන සංඥාත් නැහැ.

ඒ නිසා අපි යෝජනාවක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන්නේ පාසල් ආරම්භ කිරිම ප්‍රමාද කරලා  තැපැල් මාර්ගිකව මෙම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පහසුකම් සලසන්න කියලයි.

දරුවන්ට අවශ්‍ය විෂය කරුණු නොමිලේම නිවසට ලැබෙන්න සලස්වලා දරුවා එම විෂය කරුණු අධ්‍යයනය කරලා අභ්‍යාසයන් සිදු කලායින් පසුව එම කට්ටලයත් පාසලට නොමිලයේම යවන ක්‍රමයක් ඇති කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

එම සිසුන්ගේ නිවසට ආසන්නතම තැපැල් කාර්යාලය මගින් මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්. පාසැලට ගුරුවරු ටික රැස්වුණා කියලා ගැටළුවක් ඇති වෙන්නේ නෑ.

ඔවුන්ට සමාජ දුරස්ථභාවය රැක ගෙන අවශ්‍ය විදිහට පාසල තුල රැස්වෙන්න පුළුවන්. මීටරයේ දුර තියාගෙන දරුවෝ එවන ටික බලන්නත්  පුළුවන්.

ඒ දරුවන්ගේ ප්‍රගතිය සම්බන්ධයෙන් නැවත දරුවන්ට යවන්නත් පුළුවන්. මෙලෙස තැපැල් දෙපාර්තමේන්තුවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ව මේ තැපැල් මාර්ගික  අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් දුප්පත් පොහොසත් සියලු පවුල්වල දරුවන්ට එක සමාන අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් වන බවද අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා මෙහිදී කීය.

 

 



අදහස් (18)

‘‘පාසල් විවෘත කිරීම ප්‍රමාද කර තැපැල් මගින් ඉගැන්වීමේ කටයුතු කරන්න‘‘

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 May 2020 12:47 PM

කව්රුන් කෙසේ කීවත්, මේවා කරන එක සිතනා තරම් ලෙහෙසි නැහැ. අනික මේ අය මෙහෙම කිව්වාට බාහිර සමාජයෙන් රෝගීන් හමුවන්නේ නැහැ. ඒක සතුටට කරුණක්... ඒ වගේම, නිරෝධායන කටයුතුත් කිසියම් ක්‍රමයකට දැන් දැන් සිදුවෙන බවක් පෙනී යනවා. ඒනිසා තවත් ටිකක් ප්‍රමාදවෙලා පාසල් විවෘත කළාම ඇති. මේ අනධ්‍යයනයේ අය තැපැල් මගින් උගන්වන්න කියනවා නම්, ඒ අයගේ සේවයකුත්, අවශ්‍ය නැහැනේ. ඒ අය නොසිතුවාට ලොකු අයට මෙන් පොඩි අයට එහෙම උගන්වන්නට අමාරුයි. හේතුව පුද්ගලාන්තර සන්නිවේදනය තමා මෙහිදී බලවත් වන්නේ...

:       0       80

Tharanga Saturday, 30 May 2020 02:33 PM

මෙය ඇත්ත වශයෙන්ම දරුවන් පිළිබඳව සිතාගත් තීරණයක් නොව සංගමයේ ගරු සාමාජිකයින් වෙනුවෙන් ගත් තීරණයක් බව බැලූබැල්මට පෙනේ. මොකද තව ටික කාලයක් ගෙදරට වෙලා සිටීමට අවශ්‍ය බව පෙනීයයි. මොකද යම්කිසි සංගමයක් කිසියම් ඉල්ලීමක් සිදු කරන්නේ එම සංගමයට වාසි පිණිස මිස වෙනත් පුද්ගලයෙකුට වාසි නිසා නොවන බව මේ රටේ බහුතර මිනිසුන් දනී.

:       1       5

නිමල් Saturday, 30 May 2020 04:47 PM

පිස්සු වැඩක්... විෂය කරුණු පෙල පොත්වල තිබෙනවා. ඉගෙනුම යනු විෂය කරුණු මතක තබාගැනීම නොවේ.

:       0       3

Sanka Bambarawana Saturday, 30 May 2020 08:27 PM

මේක හොඳ අදහසක් නොවේ. යම් හෙයකින් කොරෝනා පාසල් ළමයින්ගේ පවුල් වලට අාසාදනය වෙලා තිබුණොත් එය ලෙහෙසියෙන්ම ගුරුවරුන්ට අාසාදනය වෙන්න පුළුවන් උත්තර පත්‍ර මගින්. එයම අනික් පැත්තටත් වෙන්න පුළුවන්...

:       0       1

බද්රානි Saturday, 30 May 2020 08:29 PM

මේ වහල්ලුන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් මොන අධ්‍යාපනයක්ද? පාලකයින්ට ගැති, ආණ්ඩුවේ සහනාධාරයෙන් යැපෙන, දේශප්‍රේමී යටත් වැසියන් රැලක් තමයි අප බිහිකළ යුතු වන්නේ? අනික, පාරම්පරික වැඩවසම් සමාජ පන්තියේ සිටි අය අද යම් තැනකට පැමිණ සමාජ වෛරයෙන් සිදුකරන මේ ව්‍යසනය මැඩ පවත්වා ගත හැකිවන්නේ, අධ්‍යාපනය නොදී, මුතුන්මිත්තන්ගෙන් පැවත එන ඔවුන්ගේ පාරම්පරික රැකියාවල නියුතු වීමට කිසියම් දිරිගැන්වීමක් (වුර්තීය අධ්‍යාපනය) පමණි. එහෙම නැත්නම්, අර කතාවට කියන "අශ්වයින්ට අං ලැබුනාම" සිදුවෙන විපත තමයි ලංකාවේ සිදුවෙන්නේ? කුඩැල්ලන්ව අපි මෙට්ට උඩ තියන්න උත්සාහ කළාම එවුන් අපේ ඇඟේ එල්ලිලා අපේම ලේ ටික උරා බොන්න තමයි උත්සාහ කරන්නේ... ඒ නිසා කූඩැල්ලව, මඩේම තියන්න ඕනෑ. ඒ වැඩේ පහසුයි..

:       119       22

sunandaSunday, 31 May 2020 08:01 AM

කූඩැල්ලියේ දුප්පත් මිනිස්සුන්ට නින්දා කරන්න එපා...!!! ඒ මිනිස්සුන්ව දුප්පත් කරලා තියෙන්නේ වහල්කම් කරන මේ රටේ පාලකයින්...

:       0       122

BamunuarachchiFriday, 05 June 2020 10:45 AM

ඔය උන්දැ මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් නොවෙයි... නන්නත්තාර වුණු කෙනෙක්. එයා පාලකයින්ට ගැති නැත්නම් ඡන්දය පාවිච්චි කරාවි. මිනිස්සු කුමන හෝ පාලක පක්ෂයකට කැමතිය. මිනිස්සු පක්ෂයකට ඡන්දය දෙන්නේ පාලකයා, නායකයා බලලා. එ් නිසයි පක්ෂයක් නැතිවත් ඝෝඨාභය මහතා ලක්ෂ 69කින් ජයග්‍රහණය කලේ සිංහල බෞද්ධ ඡන්ද ටික ලැබුනේ...

:       0       0

බද්රානි Saturday, 30 May 2020 08:29 PM

පාලකයින්ට ගැති, ආණ්ඩුවේ සහනාධාරයෙන් යැපෙන, දේශප්‍රේමී යටත් වැසියන් රැලක් තමයි අප බිහිකළ යුතු වන්නේ? අනික, පාරම්පරික වැඩවසම් සමාජ පන්තියේ සිටි අය අද යම් තැනකට පැමිණ සමාජ වෛරයෙන් සිදුකරන මේ ව්‍යසනය මැඩ පවත්වා ගත හැකිවන්නේ, අධ්‍යාපනය නොදී, මුතුන්මිත්තන්ගෙන් පැවත එන ඔවුන්ගේ පාරම්පරික රැකියාවල නියුතු වීමට කිසියම් දිරිගැන්වීමක් (වෘත්තීය අධ්‍යාපනය) පමණි. එහෙම නැත්නම්, අර කතාවට කියන "අශ්වයින්ට අං ලැබුනාම" සිදුවෙන විපත තමයි ලංකාවේ සිදුවෙන්නේ? කුඩල්ලන්ව අපි මෙට්ට උඩ තියන්න උත්සහ කලාම එවුන් අපේ ඇඟේ එල්ලිලා අපේම ලේ ටික උරා බොන්න තමයි උත්සහ කරන්නේ. ඒ නිසා කුඩැල්ලව ,මඩේම තියන්න ඕනා. ඒ වැඩේ පහසුයි?

:       2       8

බයිලා Sunday, 31 May 2020 12:04 AM

මේ අවුරුද්ද පාඩම් ලබන අවුරුද්දේ තමයි අපේ තැපැල් සේවයත් එක්ක ඉගෙන ගන්න වෙන්නේ...

:       0       7

chandima Sunday, 31 May 2020 12:48 AM

හොඳ අදහසක්... එ්ත් එ්කෙන් වෙන්නේ අනාගතේ අපේ ළමයින්ටත් ඔය අනධ්‍යයන රස්සාවලට යන්න වෙන එකයි. කවදාවත්ම අධ්‍යයන කාර්ය මණ්ඩලේට එකතුවෙන්න සුදුසුකම් ගන්නනම් වෙන්නේ නැහැ. බය වෙන්න එපා.. මේ දක්වා කොරෝනාවෙන් මැරිලා තියෙන්නේ 10යි, ඩෙංගු වලින් 50ක් මරුණාලු. වෙනත් රටවල් කොරෝනාවලින් දහස් ගණනක්ම මැරිලත් වැඩ පටන් අරන්... අපිත් වැඩට බහිමු.

:       0       23

sam Sunday, 31 May 2020 02:23 AM

උපකල්පනා කිරීමට අමතරව ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රමාණවත් පරීක්ෂණයක් පවත්වා ප්‍රයෝගික බව පෙන්වන්න. මුලින්ම කුඩා ගම්මානයක් සදහා පටන් ගත හැක. සමහරවිට වෙනත් වඩා හොද විකල්පද තිබිය හැක.

:       0       5

duminda Sunday, 31 May 2020 04:55 AM

අසාර්ථක ක්‍රමයක්.

:       0       4

R.m.s.sanjala rathnayaka Sunday, 31 May 2020 05:38 AM

කොවිඩ් 19 අවදානම පහව යන තුරු සා/පෙළ සහ උ/පෙළ ලියන දරුවන් සඳහා පමණක් විවෘත කරන්න..

:       47       11

විජිත් Sunday, 31 May 2020 06:25 AM

හොඳ යෝජනාවක්... නමුත් අපි දැන් ජීවත්වන්නේ 21 වැනි සියවසේ නිසා කාලය ..කියන සාධකය තමයි තීරණාත්මක වෙන්නේ... එදා අපි යමක් ගැන කතාකරද්දී තත්පර යන්න යොදාගත්තත් තොරතුරු සොයාගෙන පිස්සන් වගේ එහෙ මෙහෙ දුවන අපිට තත්පරය දිග කාලයක් නිසා අපි දැන් මිලි තත්පර, නැනෝ තත්පර භාවිතා කරන්නේ. ඉන්ටර්නෙට් හරහා අධ්‍යාපනය ලැබීම තමයි වඩාත්ම සුදුසු ක්‍රමය කියලා මට හිතෙන්නේ. එවිට ශිෂ්‍යයාට කෙලින්ම ගුරුවරයා හා සම්බන්ධ වෙන්න පුළුවනි. ගුරුවරයාට ශිෂ්‍යයා අවධානයෙන්ද සිටින්නේ කියලා මොහොතකින් දැනගන්නත් පුළුවනි. පසුගිය මාසේ බටහිර රටක කුඩා ශිෂ්‍යයින්ට වීඩියෝ තාක්ෂණයෙන් උගන්වමින් සිටි ගුරුවරියක් දුටුවා... එක පොඩ්ඩෙක්ගේ අවධානය වෙනතක බව. ඇය ශිෂ්‍යයාට කීවා " ගියුම්, ඔයාගේ දකුණු අත ඔසවන්න" කියලා. පව් චුට්ටා පොඩි කාර් එකක් එක්ක සෙල්ලම්කරලා අහුවුණා. තැපැල් මගින් අධ්‍යාපනය මේ යුගය හා සසඳනවිට මන්දගාමී එකක්... ඒවගේම තැපෑලේදී සමහර ලිපි නැතිවෙන්නටත් පුළුවනි. නමුත් වෙන මාධ්‍යයක් නැතිම නම් තැපෑල හැර වෙනත් විකල්පයක් නැහැ නේද..? නමුත් ඉස්කෝලේ උගන්වනවා වගේ ඔය කිසිම ක්‍රමයකින් උගන්වන්න බැහැ. මට අායෙත් ඉස්කෝලේ යන්න ලැබුනොත්...

:       0       47

de silva berlin Sunday, 31 May 2020 06:48 AM

අපේ රටේ කොරෝනා වලින් මැරිලා තිබෙන්නේ 10යි. ලංකාවේ කොරෝනා සීඝ්‍රලෙස පැතිරුනේ විශාල පිරිසක එකම ශාලාවක තට්ටු ඇඳන්වල නිදාගන්න, එකම වැසිකිලි භාවිතා කරපු හමුදා බැරැක්ක සහ නිරෝධායන මධ්‍යස්ථානවල වාසය කළ පුද්ගලයන් අතර, සාමාන්‍ය ජන සමාජයේ පැතිරීම අඩුය. යුරෝපය, ජර්මනිය වැනි රටවල කරන ආකාරයට ලංකාවේත්, ආරක්ෂක සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ක්‍රමයෙන් රට විවෘත කිරීම කළ යුතුයි... මෙම උපදෙස් සහ නීති සාමාන්‍ය ජනතාව පමණක් පිළිපැදලා හරියන්නේ නැහැ. දේශපාලකයන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ රජයේ නිලධාරීන් යන සියල්ල මෙම නීති සහ ආරක්ෂණ උපදෙස් පිළිපදින්න ඕනේ... ඩෙංගුවලින් මේ වසරේ 22ක් විතර මැරිලා... ඩෙංගු එක්ක සංසංදනය කරනකොට කොරෝනා කියන්නේ මාරාන්තික රෝගයක් නොවේ. කොරෝනා ජනතාව අතර පැතිරෙන කොට රෝගලක්ෂණ නොපෙන්වන විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් හරහා සමාජයේ වෙනත් වෛරස් රෝගවල මෙන් ස්වභාවික ප්‍රතිරෝධයක් ගොඩ නැගෙනවා. ආරක්ෂක උපදෙස් පිළිපදිමින් පාසල් රජයේ කාර්යාල විවෘත කරන්න.. කරුණාකර රජයේ කාර්යාලවල සහ උසාවි වැනි ස්ථානවල අනවශ්‍ය ලෙස ජනතාව රස්තියාදු වීම වළකන්න...

:       0       15

chandana Sunday, 31 May 2020 07:49 AM

අසාර්ථක යල්පැනගිය ක්‍රමයකි. හොඳම ක්‍රමය ගුරු, සිසු මුහුණට, මුහුණ සාකච්ඡා කරමින් ගැටළු විසඳාගන්නා ක්‍රමයයි. සෞඛ්‍ය උපදෙස් මත ක්‍රමයෙන් පාසැල් විවෘත කරමු. පවතින රජය විසින් මෙතෙක් සාර්ථකවකටයුතු කළා සේම අදාල බලධාරීන්ගේ නිර්දේශ මත සුදුසු කලට සුදුසු පරිදි අවශ්‍ය තීරණ ගනු ඇත. එම තීරණ හා උපදෙස්වලට අනුව කටයුතු කරමු. අපගේ පවතින නායකත්වය, පවතින පාලනය හා එහි කොටස් කරුවන් වන විරුවන් ගැන විශ්වාසය තබමු. නිසි බලධාරීන් වසංගතය පාලනය කරන විට කොහේවත් නොසිටි විෂයානුබද්ධ නොවන උපදේශකයන් බිහිවේ. තව ඉදිරියේදී උපදේශකයන්, නිදහස ගැන කථා කරන්නවුන්, සාධාරණ සමාජයන්, ප්‍රජාතන්ත්‍රවාදීන්, යහපාලනයන්, හමුදා විරෝධීන්, කලඑලි බසිනු ඇත. ඒ සියල්ලම බහුබූත විකාරයන් විනා අප ගැන ආදරයෙන් අනුකම්පාවෙන් බිහිවන්නවුන් නොවේ.

:       0       5

de silva Sunday, 31 May 2020 09:18 AM

සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා ලංකාවේ සාමාන්‍ය ජන සමාජයේ කොරෝනා පැතිරීමක් මේ අවස්ථාවේ නැත්තටම නැති තරම් කියලා.., ලංකාවේ සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් දෙන නිර්දේශ ඉතා හොඳින් පිළිපදින බව පෙනෙනවා.. එමනිසා නිසි උපදෙස් පිළිපදිමින් පාසල් පවත්වන්න පුළුවන්... ටියුෂන් පන්තිනම් අනිවාර්යයෙන් වසා තබන්න ඕනේ...

:       0       2

Deepal Nirosh Sunday, 31 May 2020 10:00 AM

අදහස හොඳ වුවත් යෝජනාවක් වශයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව ඉතා අපසහුයි. පන්තියක සිසුන් 20කට වැඩි පාසල්වල සෑම පන්තියකම ළමුන් අඩක් වශයෙන් දෙකොටසකට බෙදා සතියකට දින දෙකක් පමණක් බැගින් කැඳවා ඉගැන්වීමයි වඩාත් සුදුසු... අවශ්‍ය නම් දෛනිකව ඉගැන්වීමේ පැය ගණන 1-2ක් වැඩි කරන්න පුළුවන්. ළමුන්ගේ ප්‍රවාහන ගැටළුවලටත් විසඳුමක් මේ තුළ තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 289 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2691 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 581 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1209 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 157 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 99 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site