(දසුන් රාජපක්ෂ)
තුර්කියේ ක්‍රියාත්මක ෆේටෝ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 ක් ලංකාවට පැමිණ ඇති බවට තුර්කි රජය මෙරටට එවා තිබුණු ලිපිය කෙරේ එවකට සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් නිසි අවධානය යොමු නොකළ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමතී පීරිස් මහත්මිය පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (21) ප්‍රකාශ කළාය .
2016 අගෝස්තු 24 දින තුර්කි තානාපති කාර්යාලය මගින් පිටු 12 කින් සමන්විතව එවා තිබූ මෙම ලිපිය මගින් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකිරීම විමතියට කරුණක් බවද මාලිකා ශ්‍රීමති පීරිස් මහත්මිය සඳහන් කළාය.
මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේදී රැස්වූහ.
සාක්ෂි ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුවගේ මහතා සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මහේෂා භාරතී ජයවර්ධන මහත්මිය ද මෙම ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි.
තුර්කි රජය ලංකාවට එවන ලද එම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම මෙම තිදෙනාගෙන් දීර්ඝ ලෙස සාක්ෂි සටහන් කරගැනිණි.
COMMENTS
කමක් නැහැ... බිත්තිවල පින්තූර ඇන්දනේ...
යහපාලකයන් රට ගැන නොව තමන්ගේ පුද්ගලික වාසිය සඳහා අවධානය යොමු කළා නිසා රටට මේ විනාශය සිදු වුණා. ඒ නිසයි ජනතාව පයින් ගහලා පන්නා දැම්මේ.
පන යනකල් හතර වටෙන් ම අවශ්‍ය දත්ත ලැබිලත් ඇහැකන පියාගෙන කට්ටිය හිටිය බව රටම දන්නවා. අඩු ගානේ ඔය කියන 50 දෙනා දැන් ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියලවත් හොයලා බැලුවද එච්චර දෙයක් වුනාට පස්සේවත් ?