(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීපයට පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹ අරලියගහ මන්දිරයේ දී අද රාත්‍රී පැවැති සාකච්ඡාවෙන් පසු ලංකාදීපයට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බව කී සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින වලදී පැවැත්වීමට අදහස් කරන බවද පැවසීය.
සාකච්ඡාවේ සියලු කතා හෙළි කළ නොහැකි වන්නේ ප්‍රතිවාදීන්ට එයින් යම් වාසියක් අත්වන නිසා බව කී සජිත් ප්‍රේමදාස මහතා බුදුබව ලබන්නත් පෙරුම් පුරන්නට අවශ්‍ය වූ බවත් තමන් උකුස්සෙකු රාජාලියෙකු නොව සද්දන්ත ඇතෙකු බවත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ධනාත්මක මතයක සිටින බව ද ඉතා කෙටි කලකින් සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රමද මෙහිදී සාකච්ජාවට බඳුන් වී ඇති අතර අපේක්ෂකයා කව්රුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කලයුතු බවට වැඩිදුරටත් සාකච්ජා වී තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම හමුව සිදු වූයේ පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සහ අගමැතිවරයා අතර ඉකුත් 6 වැනිදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුවය.
මුලින් “රනිල් - සජිත් හමුව” ඉකුත් ඉරිදා 8 පැවැත්වීමට නියමිතව තිබූ අතර පසුව එය අද 10 රාත්‍රිය තෙක් කල් ගියේය.
එක්සත් ජාතික පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා පමණක් මෙම හමුවට සහ සහභාගී විය යුතු යැයි මුලින් තීරණයය වී තිබුණ ද ඊයේ රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයයේ සභාපති මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුලිය වැඩකරලා වගේ? ප්‍රශ්නේ තියෙන්නේ ගුලිය ගිල්ලෙව්වේ සජිත්ටද, නැතිනම් මිනිස්සුන්ටද කියන එකයි.
කන්දක් විළි ලා මී පැටියෙකුවත් නොවැදුවා වගේ ..
එකපාරටම කන්ද නගින්න ගිය ජැක් හා ජිල් වැටුණලු දඩස් කියලා. ඒවා නගින ක්‍රම හා විධි තිබෙනවා. දැන්වත් තේරුම් අරගෙන පක්ෂයෙන් අනුමැතිය දෙන අත්වල කුණු නැති නායකයෙකුට සහය දෙන්න බලන්න...
පක්ෂය හා රජය මෙන්ම නායකත්වය ආරක්ෂා කිරීමට සැමටම වඩා අති දැවැන්ත වැඩ කොටසක් ඉටු කරන ලද්දේ කතානායක කරු ජයසුරිය මහතායි. පසුගිය ඔක්තෝබර් මස 26 දින දේශපාලන කුමන්ත්‍රණයට කතානායකවරයා මුහුණ දුන් ආකාරය ගෞරවණීයයි. එමෙන්ම පසුගිය සතියේ සජිත් පක්ෂයේ බහුතරයක් සමග කුරුණෑගල ගොස් පක්ෂයේ අනුමැතියෙන් තොරව මහජන රැළි පවත්වද්දී රජය වැටෙන්නට තිබූ අවස්ථාව මගහැර එය රැකගත්තේ කතානායකවරයා විසිනි. සැබවින්ම මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමිවිය යුත්තේ කාටදැයි කවුරුන් හෝ ඇසුවහොත් මා දෙන්නේ එකම උත්තරයකි. කරු තරම් සුදුස්සෙක් තවත් නැත.. සුදුසුම කෙනා වෙනින් කවුරුවත් නොව දේශබන්දු කරු ජයසූරිය මහතාම බවයි. අපේ රටේ සමස්ත ජනතාවගේ ගෞරවාදරය දිනාගත හැකි එකම නායකයා ඔහුම බව මගේ අදහසයි.
සජිත් රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් අඩු තරමක් ඇති පුද්ගලයෙකි. රටක් පාලනය කිරීමේ හැකියාවක් නැත. මොහු බලයට පත්වූවොත් ඇමරිකාව ලෙහෙසියෙන් ඔවුන්ගේ උපක්‍රම ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ඇත. රනිල්ගේ බලල් අතක් මිස වෙන කළයුතු දෙයක් නැත.
අගමැති සමඟ කළ සාකච්ඡාව සුභවාදී නම්, එය ඉතාම යහපත් කාරණාවක් බව නොකියාම බැරිය..! මුළු රටේම එක්සත් ජාතික පෙරමුණේ සියලු ජනකොටස් පැතුවෙත් එයමයි. දැන්වත් ඉතින් දෙවියන්ගේ නාමයෙන් සියලු වාද භේද දුරලා ළඟ එන ජනපතිවරණය සඳහා කාටත් පිළිගතහැකි අපේක්ෂකයෙක් ඉදිරිපත්කර එතුමා ජයග්‍රහණය කරවීම මූලික කාරණාව වනඅතර ඉන්පසු එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ආසන 225න් අවම වශයෙන් 170ක් වත් දිනාගැනීමට සියලු එජාපෙ පාක්ෂිකයන් සමගියෙන් කටයුතු කරනු ඇතැයි ඉතසිතින් පතමු.. මුක්කු නැති, කේවල් කිරීම අනවශ්‍ය ශක්තිමත් රජයක් 20-20 නව වසරේදී ශ්‍රී ලංකාවට උදාවේවා..!!!
සාකච්චා සුභාවාදියි. එවුනට ඔයහේ වේගය අඩාල වුනාට පස්සේ ඔයට හුලන්
මල කෝලම්.
පුදුම උනන්දුවක් තියෙන්නේ රට ගොඩ දාන්න
සජිත්ට බෑ
එක්කෙනෙක් තෝරු මෝරුන්ට දැලදම්ම. අනික්කෙන හුරුල්ල්න්ට කාරල්ලන්ට දැලදම්ම. දැන් දල්දෙක එකට පටලවල ගොඩට අදින්න වගේ යන්නේ. කොහොම ගියත් මෝඩ මාළුන්ගේ අවසානේ.
පෙරුම්පුරන්න අවශ්‍යයි කියන්නේ ලැබෙන්නේ නැහැ කියන එකද.තාම සද්දන්ත ඇතාගේ දළ දෙක හරියට වැඩිලා නැහැ කියල නම් හිතෙනවා
කෝට්ටේ කුලප්පු වූ ඇතා ඉස්සරහට දුවලා කරඬුව ගෙනියන ඇතා ගාව නතරවුණා වගේ මෙයත් එතැනට ගිහිල්ලා ඔලුව පාත්කරලා සොරි සර් කියන්න ඇති ෂුවර් එකටම...!
තමන් ගැන මේ තරම් අධිතක්සේරුවකින් ඉන්න පොරක් සමාජයේ හරි අඩුයි.. ඒ වගේ අයට ඉතින් අනුකම්පා කරන්න ඕනේ... සද්දන්ත ඇතාගේ තරම ඡන්දෙදී බලාගන්න පුලුවන්.. ජනාධිපති නෙමෙයි ඇමැති වුනේ කොහොමද කියලා හිතෙනවා කියන ප්‍රාථමික කතා ඇහුවාම..
ඇයි අර හොර නායකයින්ට දෙන්න කියලද කියන්නේ? අපිට ඇමරිකන්කාරයින් අවශ්‍ය නැත.
තඩි කැරට් අලයක් එල්ලලා වගෙයි. රනිල් එක්ක සෙල්ලම් නෑ හලෝ...
සජිත් කරුණාකර හැඟීම්වලට ඉඩදෙන්නේ නැතිව මෙවර කරුට ඉල්ලන්න ඉඩ දෙන්න. ඔබට තව කල්තියෙනවා. ඔබට සිරස, ටිරාන් අලස්ගේ පත්තර දෙන උදව් දෙස මැද පන්තිය බලන්නේ සැකමුසුව. ඔබ ඔබගේ පියාගේ වැඩ එතරම් වර්ණනා කරන්න යාමත් එතරම් සුදුසු නැහැ. ඔබගේ පියාගේ අතින් විශාල වැරැදිගොඩක් මේ රටේ සිදුවුණා. වැඩිහිටි මැදහත් ඡන්ද දායකයෝ එ් බව දන්නවා.
බල පොරය = යහපාලනය සමස්ථ රටම අරාජික කළ යහපාලනය දැන් දඟලන්නේ ජනතාව සුඛිත සුඛිත මුදිත කිරීම සඳහා නායකයෙක් තෝරා ගැනීමේ සටනයි. ඔබලා කවුරු අාවත් බදුර්දීන් සමග නම් එන්නේ අපේ ඡන්දය නැත.
බොහොම හොඳයි. රනිල් ඉල්ලනවා නම් එජාපයට අබ සරණයි.. මුස්ලිම් සහ දෙමළ ජනතාව බලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාව ජනපති කිරීමටයි...
මේවා අපේ ප්‍රශ්නවත් රටේ ප්‍රශ්නවත් නෙවේ.
මෙන්න මේ කතාව මරු -කටේ මසුරන් නෙමේ ඩොලර් දමන්න වටිනවා " අපේක්ෂකයා කවුරු උනත් ඔහු ජයග්‍රහණය කරවීම සඳහා" ඕකට නම් මෙච්චර කට්ට කාගෙන රැලි තියලා ස්වයං යෝජිත අපේක්ෂකයෙක් වෙන්න ඕනද ? නිකන් හිතෙන්නේ නැද්ද දැන් පීල්ල මාරු කරන්න හදන්නේ කියල බලමු "පෙරලුන පිට හොඳයි " කියල කියාවිද කියල ?
සජිත්ගෙයි, ජනපති මෛත්‍රීපාල මහතාගේයි ප්‍රතිපත්ති එකවගේ. රට දියුණු කිරීමේ හැකියාවක් තියන බවක් පෙන්නේ නැ.
එතුමා සා.පෙළ සමත් වුනානම් තවත් හොඳයි .අනිත් සියලු දේ මේ විදියට තමයි අරගත්තේ
මේ දෙන්නටම නැතිව චම්පිකට දුන්න නම් අපි හැමෝටම නිකම්ම යකඩ මිනිස්සු වෙන්න තිබුනා . දැන් යකඩ මිනිස්සු වෙලා ඉන්න එයාගේ කට්ටිය විතරනේ .
තණ්හාව විනාසයට මුලයි.
එහෙම වේවා කියා පාක්ෂිකයා ප්‍රර්ථනා කරනවා.
ඔයාලට සුභවාදී ඇති . රටට නම් කිසිම සුභක් නැහැ .
මේකෙන් පෙන්නේ මේ ආණ්ඩුව කොතරම් අප්‍රසාදයට පත්වෙලාද කියන එකනේ . එකනේ අගමැති තමන්ගේ පක්ෂේ ඇතුලේවත් ජනප්‍රිය නැත්තේ ...
සාකව්ඡා සුභවාදී බව මුහුනෙන්ම දැක්කා.
ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රමද මෙහිදී සාකච්ජාවට බඳුන් වී ඇති අතර අපේක්ෂකයා කව්රුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කළයුතු බවට වැඩිදුරටත් සාකච්ජා වීම පිලිබදව පාක්ෂිකයන්ට බලාපොරොත්තු සහිත සුසුමක් හෙළිය හැකිය .
මෙයාලා මිනිස්සු පාවලා දෙනවා. මොකද ඔච්චර අමාරු තීරණයකට එන්න. අපිත් බලන් ඉන්නේ අපේ ලොක්කා කවුද කියල. අනේ අලියට ගිය කල .
මාධ්‍යය අහන ගැටළු වලට හරි උත්තරයක් නොදෙන කෙනා මහජනතාවගේ ගැටළු වලටත් ඔය ටිකම තමා.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනිලු. කෙරෙන මංගල්ලයක් නම් මෙලහකටත් කෙරිලා. ඕකෙන් වෙන්නේ මනමාලයා නිකම් නාකි වෙලා සවුත්තු වෙන එක .
මෙහෙම තණ්හාවක්.... දැඟලුවට දිනන්න බැහැ පක්ෂයේ අයවත් තරහ කරගෙන.
වැඩේ "සුභවාදි" කියල කීවට කතාබහ සහ හැසිරීම් විලාසයට අනුව පෙනුනේ තව අවුරුදු පහක් "පෙරුම් පුරන්න" වෙයි කියලයි.එදා එක්තරා නාලිකාවක් රාත්‍රී 10 පුවත ලෙස සම්පුර්ණයෙන්ම යොදාගෙන තිබුනේ සාකච්ඡාවෙන් පසු සජිත් සමඟ කළ කතාබහයි. එයින් ඔවුන්ගේ සැබෑ අරමුණ පෙනුනාලු. නමුත් කවුරු මොනවා කිව්වත් සජිත් හැමදාම තමන්ගේ තීන්දු තීරණ ගත්තේ ඔහුගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියගේ අවවාදයන්ට අනුව බවයි කියන්නේ. මේ වතාවේදීත් එතුමිය සජිත්ට " ඇතැම් දේශපාලන මිතුරන් ඔහුට පක්ෂය හැරයන ලෙස කිවත් ඒවාට හසු නොවන ලෙසත්, මොනම හේතුවක් නිසාවත් තමන්ගේ පියා ලේ දහදිය හළා රැකගත් පක්ෂය කිසිදා හැර නොයන ලෙසත් පියා මුහුණ දුන් අසීරුතම අවස්තාවලදී ඔහුව රැකගත් රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරගන්නා ලෙසත්" අවවාද කර ඇති බවයි කියන්නේ. සජිත් "අම්මාගේ වචනයට පිටින් නොයන" බව කවුරුත් කියති.රනිල්ද එය නොදන්නවා නොවේ. සාකච්චාව සුභවාදී වූවානම් තවදුරටත් පක්ෂ නායකයින් හමුවන්නේ මොනවාටද කියාත් සමහරු අසති. ඒ වගේම ජනාධිපති අපේක්ෂකත්වයත් පක්ෂයේ සභාපතිකමත් කියන "මස් රාත්තලම ' ඉල්ලා සිටීමෙන් වෙන්නේ අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැතිවෙන එකද වෙන්නත් බැරි නැත.
සජිත් මාර රට හැදිල්ලක් හදන්න යන්නේ.. සිංගප්පූරුවක් වෙයිද බ්‍රෝ ලංකාව?
සිරිමල් ඔබ හරි... සජිත් රනිල්ට සලකාවි. සජිත්ගේ මවට දැක්මක් තිබෙනවා.
අනේ දවල් හීන දකින්න එපා .