
( බන්ධුල ඉලේපෙරුම )
සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඒ සම්බන්ධ වගන්තියක් 20වැනි සංශෝධනයට දානවානම් තමන්ද අත ඔසවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(22) පාර්ලිමේන්තුවේදී විසිවැනි සංශෝධන විවාදයට එක්වෙමින් කියා සිටියේය.
“තමුන්නාන්සේලා පසුගිය කාලේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව මතයක් හැදුවා. ත්‍රස්තවාදීන් කියලා ඒකට විරුද්ධව සිංහල බෞද්ධ ජනතාව එක තැනකට එකතු කළා. හැබැයි එහෙම මතයක් හදලා තමුන්නාන්සේලා අධිකරණ ඇමැති දැම්මේ මුස්ලිම් ජාතිකයෙක්. බුද්ධි අංශ ප්‍රධානියා මුස්ලිම් ජාතිකයෙක්. දවසක් ආරක්ෂක ලේකම් කියනවා හමුදාවේ හිටපු හොඳම නිලධාරියා මුස්ලිම් ජාතිකයෙක් කියලා.
සිංහල බෞද්ධ ජනතාව රවට්ටලා එහෙම කරන්න එපා. සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒ වගන්තියක් දාන්න 20වැනි සංශෝධනයට. අපිත් කැමැත්ත දෙනවා. හැබැයි ඒ වගේම අනෙක් ජාතීන්ගේ අයිතියටත් ගරු කරන්න.” යනුවෙන්ද පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
“ඊයේ මෙතන මන්ත්‍රීවරයෙක් කථා කළා හමුදාවේ අයට විරුද්ධව. හමුදාවේ අයට ඒ ගොල්ලන්ගේ මානසිකත්වයට ඒ අයට දේශපාලනය කරන්න බෑ කියලා. හමුදාවේ අය ඉන්නවා ජනාධිපතිවරු වෙච්චි අය. ඒ නිසා එ වගේ කතා කියන්න එපා. මේ වගේ මෝඩ කතා කියන මිනිස්සු ඉන්නවා අපේ පැත්තෙත්. අනෙක් පැත්තේ කෙනෙක් කිව්වා හමුදාපති කෙනෙක් හමුදාවේ සෙබළියෝ දූෂණය කළා කියලා. යුද හමුදාව කියන්නේ ඉතා පිරිසිදු තැනක්. ඒ කියපු පුද්ගලයා දුම්රියේ වඩේ විකුණපු කෙනෙක්. වඩේ අස්සේ ගංජා තියාගෙන විකුණුවා. එයා තමයි වඩේ විකුණද්දී ස්ත්‍රීන් දූෂණය කළේ. ඒ පුද්ගලයාට මම කියන්නේ හමුදාවට අපහාස කරන්න එපා.”
2025 දෙසැම්බර් මස 18
691
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සිංහල බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කරනවානම් මාත් එනවා‘
Bamunuarachchi Thursday, 22 October 2020 02:08 PM
ගෝඨාභය මහතා ගියාම ඔය පක්ෂයෙන් ජනාධිපති කමට සුදුස්සෙක් නැත. එමනිසා දැන්ම එකතු වෙන්න..
විජේ Friday, 23 October 2020 04:17 AM
ෆස්ලි ලෆීර් වෙන්නෙ ඇති ඔය කියන හොදම නිලධාරියා. ෆොන්සේකා තමයි හමුදාපති. "සරා ගොයියා හරි මිනිහා තුවක්කුවත් බිමින් තියා චන්දය දඩයමේ ගියා"