( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
අපේම පක්ෂයේ යම් කණ්ඩායමක් බලාගෙන ඉන්නවා මේ පක්ෂය දෙකට කඩලා දිනන්න පුළුවන් කියලා . ඒගොල්ලෝ හිතන්නේ හැමෝම සමගියෙන් එකට එකතු වෙලා ඉන්නකොට ජන්ද දිනන්න බැහැ කියලයි.‘ යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද ( 03) පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
සජිත් ප්‍රේමදාස මහත්තයයි , රනිල් වික්‍රමසිංහ මහත්තයයි මේ කණ්ඩායම් වල නැහැ.මේක හුදෙකලාව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි බහුතරය කැමැත්ත පල කළේ අලියා ලකුණ යටතේ තරඟ කරන්න.
හදවත සහ හංසයා යන ලාංජන දෙකම මේ වන තෙක් අපිට ලබා ගන්න බැරුව ගිහින් තියෙනවා නීතිමය ප්‍රශ්න නිසා. අන්තිමට ඉතුරු වුනේ අලියා සහ ටෙලිෆෝන් යන ලාංජන විතරයි, ටෙලිෆෝන් එකට කැමති වුනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අට දෙනෙකු විතරයි. මම ඒක වගකීමෙන් කියනවා.ඉතුරු ඔක්කොමලා කියා සිටියේ අපි කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව අලියා ලකුණෙන් තරඟ කරමු , ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරමු කියා.
එහෙම කියලා එලියට ඇවිල්ලා හන්දි ගානේ බෝක්කු ගානේ එක එක මත පලකරනවා. මේ ගැන සියලු එකසත් ජාතික පාක්ෂිකයන් හොඳින් තේරුම්ගත ගත යුතුයි. අපි දැනටත් කියන්නේ මේ පක්ෂය කිසිමදාක අපි කඩන්න දෙන්නේ නැහැ. අවසන් මොහොත වෙනකන් අපි අපේ පක්ෂය ආරක්ෂා කරනවා.
(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

COMMENTS
මහා බැංකු හොරකමට චෝදනා ලබලා ඉන්න අය ගෑවුණු පක්ෂයකටවත් අපි ඡන්දේ දෙන්නේ නැහැ. ඡන්ද ලකුණ අපට අදාළ නැත.
රටේ ප්‍රධාන පක්ෂ දෙක කියාගන්න අය හැමදාම හිතන්නේ බලය අරගෙන තමුන් වැජඹෙන්නේ කොහොමද කියන එක මිසක් රට සංවර්ධනය දුප්පත් බාවය තුරන් කරන එක නෙමේ. එකෙන් මේකෙන් ඉස්ලාම් අන්තවාදය සහ කොටි ඊලමට සිහින දකින සුළු පක්ෂ වලට රජ මගුල්.
පක්ෂය කඩන්න දෙන්න නැහැලු. අර ළඟ ඉන්නේ මාමණ්ඩිය ඇතුළු 17ක් සමග පක්ෂය කඩාගන ගිය එකක්.
එක්සත් ජාතික පක්ෂය මේ පාර 2/3 ගන්නවා.
ලෝකයේ හැමදේම කාලයත් එක්ක වෙනස් වෙනවා. වෙනස් නොවෙන සහ ඒ වගේම යල්පැනගිය අදහස් වලට පැවත්මක් නෑ... එජාපය සහ රනිල් යනු එවැනි කොටසකි. 2015 සිරිසේනට පින්සිදු වෙන්න බලේට ආවා මිසක් කරපු දෙයක් නොමැත.
යුඑන්පී එකේ විනාශයේ නියමුවෝ මේ ඉන්නේ.
කවුරු දිනුවත් අපි පරාදයි.
මේ අයට හොඳ ලකුණක් නම් මේ අය පාවෙන බදු නොගෙවා ගත් "සුපිරි වාහනය".
දිනන්න ඕනේ නම් රනිල් එළවන්න. ඩබල් ගේම් ගහන අකාර්යක්ෂම පාලකයෙකු වන රනිල්ට ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 95% කැමති නැහැ.
අඟේ ඉඳන් කණ කන අය එක්ක, පස්සෙන් ඉඳන් කකුලෙන් අදින අය එක්ක මොන සමගියක්ද හලෝ ?
මේ ඔක්කොම ලෙඩ දමා රනිල් පෙන්වන්නේ යටින් මහින්දට උදව්කර 2025 මැතිවරණයට රනිල්ට ලකුණු දමා ගැනීම විය හැකිය කියලා සැකයක් තිබෙනවා.
රන්ජන් සහ හිරුනිකා දැන් ඉන්නේ සජිත් පිලේ. ඒ නිසා වෙන්න ඇති ටෙලිෆෝන් ලකුණ ගන්න කියන්නේ. මොකද දෙන්නා වැඩ පෙන්නලා ගෝල්ඩ් මෙඩල් ගහල තියෙන්නේ ටෙලිෆෝන් එකෙන්නේ. ඒ නිසා ඡන්දෙදිත් ඒ දෙන්නා ලවා ගෝල්ඩ් මෙඩල් ගස්සන්න වෙන්න ඇති හිතන්නේ.