IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘සන්ධානයට ‘අලියා’ නොදෙන්නේ නම් ‘හදවත’ ලකුණින් තරග කරනවා’

(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)

           

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක් එක්ව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත සමගි ජන බලවේගය සඳහා ‘අලියා’ ලකුණ ලබානොදුනහොත් අනිවාර්යයයෙන්ම ‘හදවත’ ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම අද (14) තීරණය කර ඇත.

නව සන්ධානයේ ලකුණ ලෙස ‘අලියා’ ලකුණ ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (14) මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා කාලය ලබාදීමටත්, මධ්‍යම රාත‍්‍රියට පෙර අවසන් තීරණයක් නොලැබුණොත් යළිත් එම පාර්ශවය සමඟ සාකච්ඡා නොකිරීමටත් මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කළ බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ ඉදිරි කටයුතු පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) රැස්වූ අතර එහිදී මෙම තීරණය ගත් බව අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට සහභාගී වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේ මහ මැතිවරණයට තරග කරන ලකුණ ගැන තීරණයක් ගැනීම දිනෙන් දින කල්දැමීම නොකළ යුතු බවයි.

එබැවින් එක් කඳවුරක් යටතේ තරග කළ හැකිනම් එසේ තරග කිරීමටත්, එයට අකමැති පිරිස් වේ නම් ඔවුන් ගැන නොසිතා තීරණයක් ගැනීමටත් කටයුතු කළ යුතු බව තුෂාර ඉඳුනිල් මහතා කීවේය.

දිගින් දිගටම සාකච්ඡා සඳහා කල්මැරීමෙන් සිදුවන්නේ මැතිවරණයට සූදානම් වීමට කාලයක් නොමැතිවීම බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා මන්ත‍්‍රීවරුන් 50කට ආසන්න පිරිසක් පැමිණි බව ද වාර්තා වේ.

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දීම එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායකවරුන් පිරිසක් ද හමුවී සාකච්ඡාවක නිරත වී ඇත.



අදහස් (17)

‘සන්ධානයට ‘අලියා’ නොදෙන්නේ නම් ‘හදවත’ ලකුණින් තරග කරනවා’

lasantha wijenayaka Friday, 14 February 2020 12:18 PM

කන්න දීපු අත හපා කාලා.. අලියත් මරලා පක්ෂයත් මරලා පස්ස බලපල්ලා. සමගියක් නැති සිංහල කාලකන්නි...

:       224       361

MaheshFriday, 14 February 2020 01:22 PM

ගොට්ටෙක් වගේ...

:       204       148

රණවක Friday, 14 February 2020 02:49 PM

සන්ධානයකුත් හදලා තව මොනවටද අලියා ඉල්ලන්නේ. ඡන්දෙට ගියාට අයෙත් මේ කට්ටිය පාර්ලිමේන්තු එන්නේ නැහැනේ.

:       0       0

Rohana Friday, 14 February 2020 12:31 PM

අසමගිය බලය අහිමිවීමට හේතුවිය හැකියි..

:       7       44

Raveendra Friday, 14 February 2020 12:35 PM

සූත්තර පුංචාව බේරන්න ඇතිතරම් කඩේ ගිහින්.. එතකොට ෆුට් නෝට් ලියලත් සුත්තරයාගේ හොඳම අය මේ අර අඳින්නේ තවත් විනාශයකටයි.

:       67       221

MaheeSaturday, 15 February 2020 01:16 AM

රවීන්ද්‍ර මහතා, අපි යෝජනා කරමුද "කාක පාදය" හෙවත් ෆුට් නෝට් ලකුණ දාගන්න කියල. කොහොමත් මේ අය කුලල් කාගන්න හැටියට පුට් නෝට්එකේ තමා නවතින්නේ.

:       0       0

lalithm Friday, 14 February 2020 12:41 PM

යෝධයෝ, කියවන්නේ නැතිව ක්‍රියාවෙන් ඔප්පු කරනවා. පොහොට්ටුව පිපුණෙත් නිහඬව පිටුපසින් ආපු තල්ලුවෙන්. කයිය ගහන්නේ බැරි එවුන්...!

:       1       116

Kosala devage Friday, 14 February 2020 12:42 PM

රනිල් අලියා බදාගෙන වලපල්ලට යනකන් ඉන්නේ නැතුව ඔහොම තීරණයක් ගන්න එක හොඳයි. අපි නුවර ඡන්ද අරන් දෙන්න බැහැලා වැඩ කරනවා..

:       333       325

Bamunuarachchi Friday, 14 February 2020 12:53 PM

ඔව් අපි ඕමි ක්‍රීඩාවේ හාරත කොළයට අයිති ඉහලම තනතුර සජිත්ට දෙනවා. ඒ ගැන සැකයක් හිතන්න එපා.

:       0       0

Mahesh Friday, 14 February 2020 01:21 PM

අලියා කියන්නේ අවාසනාව ගේන ලකුණක්... බලය ලැබුණත් රැකගන්න බෑ..

:       90       245

Kalum Perera Friday, 14 February 2020 01:32 PM

බොරුවට කෑ ගහන්න එපා. පාක්ෂිකයින් සමග සමගියෙන් වැඩ ක‍රන්න ඕනෑවට වැඩිය කෑගහලා මොකද වුනේ ගියපාර මැතිවරණයේදී?

:       1       249

saradiyel Friday, 14 February 2020 01:41 PM

මොකෙන් ආවත් වැලේ වැල් නැහැ මේ හොරුන්ට.. ශක්තිමත් විපක්ෂයක් නැහැ මිනිස්සු අනාථයි. ආයෙත් ලෝක හොරුන්ට හිතේ හැටියට හොරාකන්න පුළුවන් විදිහට මිනිස්සු පාරකපලා දුන්නා.

:       268       238

Sarath Friday, 14 February 2020 03:44 PM

ජනපති ගෝඨාභය අතලකුණ ඕනෑ කියලා බෙරිහන් දුන්නද? එහි අයිතිය ප්‍රධාන පක්ෂයට තබා පොහොට්ටුව ලකුණින් තරග කළා. ඇයි සජිත්ට එහෙම කරන්න බැරි...?

:       22       154

raheem Friday, 14 February 2020 04:05 PM

ප්‍රිය සූරිසේනගේ "හදවත ඉල්ලා" සින්දුව කියන්න

:       0       0

සමන්ත Friday, 14 February 2020 04:31 PM

මීළඟ මහ මැතිවරනයෙන් පැරදවීමට කළුතර මිනිසුන් වගබලා ගත යුතුය​.

:       0       0

Kumba Friday, 14 February 2020 06:03 PM

ලකුණ මොකක් වුනත් පරාජය නතර කළ නොහැක.

:       0       0

de silva Saturday, 15 February 2020 08:56 AM

එජාපෙට තිබෙන ලොකුම ප්‍රශ්නය ලකුණ නොව රනිල් , ඔහු තව අවරුදු 5 ඔකේ නායකත්වය දැරුවොත් දෙමල සන්ධානය නැවත ලංකාවේ විපක්ෂය වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 875 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site