
(ඉන්දිකා රාමනායක)
පොලිස් වෙඩි පහරින් මියගිය ‘ගෝනාකෝවිලේ රොහා‘ විසින් මහර අධිකරණය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ සුරේෂ් අසංක නොහොත් ‘ලංසියාගේ‘ සොහොනට මල් ඉසීම සඳහා රැගෙන විත් තිබූ ඩ්‍රෝන යානයක් පොලිස් භාරයට ගත්බව දෙහිවල පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය මෙම ඩ්‍රෝන යානය අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම ඩ්‍රෝන යානය ගුවන් ගත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබාගෙන නොතිබූ බවද පොලිසිය සඳහන් කරයි.
මොවුන් මුලින්ම පෞද්ගලික ආයතනයකට අයත් හෙලිකොප්ටර් යානයකින් මල් ඉසීමට සැලසුම් කර ඇති අතර පොලිසියට ලද තොරතුරකට අනුව එය නැවැත්වීමට කටයුතු කර ඇත පසුව ඔවුන් ඩ්‍රෝන යානය යොදා ගෙන ඇත.
ගොනාකෝවිලේ රොහා කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය පසු ඔවුන් එයට ප්‍රීති ඝෝෂා කරමින් සැමරුම් සංවිධාන කර තිබිණි.
(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොහොනකට මල් ඉසින එක නීතිවිරෝධී වැඩක්ද?
ලංකාවේ ජනගහනයෙන් ගැහැණු වැඩිපුර ඉන්නේ. පිරිමි ජනගහනය බොහොම අඩුයි. මේ ඉන්න අයත් දැන් එකා දෙන්නා මරාගෙන යනවා. මේකට ආණ්ඩුවක් මොකටද? කුඩු මුදලාලිලා රජකරනවා. දෙයියෝ සාක්කි...