(බිඟුන් මේනක ගමගේ )
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරුවන්ට සහනයක් ලබාදීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් කර නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ‘ලංකාදීප’ යට අද(13) පැවැසීය.
එහෙත් වැරැදි තොරතුරු හා උපකල්පන මත සාධාරණ නොවන ක්‍රමවේදයකින් කිසිවෙකුට හෝ දඬුවමක් ලැබී තිබේ නම් එමගින් අදාළ තැනැත්තන් වින්ධිතයන් වී ඇතැයි ද එනිසා එවැනි සිදුවීම් වී තිබේදැයි සොයාබැලිය යුතු යැයි ද ගුණවර්ධන මහතා කීවේය.
රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස පළ කළේ රංජන් රාමනායක මහතාගේ භාරයේ තිබී පොලිස් විමර්ශන සඳහා ලබාගත් හඬ පට පදනම් කරගෙන භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරුවන්ට සහනයක් දීම ගැන රජයේ අවධානය යොමු වී තිබේදැයි කළ විමසුමට පිළිතුරු දෙමිනි.
වැරැදි ක්‍රමවේද මගින් කිසිවෙකුට හෝ දඬුවම් දී ඇතිනම් ඔවුන්ට දෙවියන්ගේ පිහිට හැර අන් සරණක් නැතැයි කී හෙතෙම ඒ ගැන අගවිනිසුරුවරයා යම් පියවරක් ගනු ඇතැයි අවධාරණය කර කීය.
සාක්ෂි නොමැතිව පවා නඩු ගොනු කරන්නැයි පැවැති රජයේ බලවත් දේශපාලකයන් උපදෙස් දී ඇති බවට දිල්රුක්ෂි ඩයස් හා සුහද ගම්ලත් යන සොලිස්ටර් ජනරාල්වරුන්ම හෙළිදරව් කිරීම් කර ඇතැයි ද පැවැති රජයේ දින 100 පාලන කාලයේ ක්‍රියාත්මක වූ විධායක සභාව මේ සියල්ලේ මුල යැයි ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවැසීය.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී මරණ දණ්ඩනය ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දී නිදහස් කරන ලෙස ඇතැම් බෞද්ධ හිමිවරුන් මෙන්ම ආණ්ඩුවේ අමාත්‍යවරුන් ද ඉල්ලා සිටින අතර නව සිංහල රාවය සහ නව සිංහලේ ජාතික රාවය යන සංවිධාන පසුගියදා අධිකරණ කොමිෂන් සේවා සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ දුමින්ද සිල්වා වරදකරු කරමින් දෙන ලද නඩු තීන්දුව ශුන්‍ය කරන ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේම තරුණ පරපුර විනාශ කරන කුඩු ජාවාරම් කාරයෙක් ට සමාව දෙන්න කියන්න තරම් ලංකාවේ සමාජය නීච වෙලා.
මතක හැටියට එම නඩුව අබියාචනය පංචපුද්ගල ශ්‍රේෂ්ටාදිකර ණ විනුෂුරු මඩ්ල්ලක ඒකමතික තීරණ්‍රයකින් අනුමතවූවක් අධිකරණ දැනුමක් නොමැති අයගේ ඉල්ලූම මත නිදහස් කරයි නම් මේ රටට අධිකරණ අවශ්‍ය නැත එම අයට නඩු අසා තීන්දු දීමට බලය පවරමු.
"ජනාධිපති සමාව දී නිදහස් කරන ලෙස ඇතැම් හිමිවරුන් මෙන්ම ආණ්ඩුවේ අමාත්‍යවරුන් ද ඉල්ලා සිටින " මටනම් මතකයි ජනාධිපති තුමා සදහන් කලා "2015 අපි පරාජය වෙන්න හේතු තේරුම්ගන්න ඕන" කියලා. මේක කලොත් 2025 පරදින හේතු හොයන්න ඕන වෙන එකක්ම නෑ...
අපරාදේ නේද කඩේ ගියේ.
කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්? ගොනා පොල් පැලේට හැරෙමින් සිටී. එහෙත් ඌ කන්නේ පොල් පැලය නොව රටේ නීතියයි.
බුදු සසුනට ගිය කලක්?
තවත් ඡන්ද ප්‍රතිපලයක් එන්න නේද හදන්නේ?
මෙහෙම ගියොත් ඊළඟ ඡන්දෙන් ගෙදර. දැනටම දිපු ඡන්දය ගැන පසුතැවෙනවා.
ආවේ නම් රණවිරුවෝ නිදහස් කරනවා කියලා දැන් මේ කොහෙවත් ඉන්න අය නිදහස් කරන්න තමයි ආන්ඩුවේ බොහෝ දෙනා උත්සහ කරන්නේ ..
ලජ්ජා වෙන්න එපා අනේ ,වැරද්දක් කරලා නෑ වගේනම් එයාව එලියට දාන්න. අලුත් ෆිල්ම්ස් නැතුව හරි බොරින්. හඬ පට අහල දැන් එපා වෙලා.
"දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දී නිදහස් කරන ලෙස ඇතැම් හිමිවරුන් මෙන්ම ආණ්ඩුවේ අමාත්‍යවරුන් ද ඉල්ලා සිටින අතර". අපට කියනවද කරුණාකරලා ඒ ගෞරවනීය හිමි වරු සහ ගරු කටයුතු අමාත්‍යවරු කවුද කියලා?
භාරත ඝාතන නඩුව ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවක් මොකටද? බුද්ධිමත් මිනිසුන්ට නඩු තීන්දුව කියවා රන්ජන්ගේ හඬපටය පටය බැලුවාම සිදුවුනේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවනි. දැන් තිබෙන්නේ මේ සාක්ෂි සමග නැවත නඩුව අසන්න කියා නීතිඥයින් ඉදිරිපත් වීමයි. සිතාමතාම පක්ෂග්‍රාහී වූ විනිසුරුවන්ට විරුද්ධව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමයි.
භාරත ඇතුලු හතර දෙනෙක්ම වෙඩි කාලා මැරුණා. කවුද මේවට වගකියන්නෙ?