(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොහොමඩ් ෆාරුක් හෙවත් " බැරල් රංජි " නැමැත්තා අද (20) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.   

සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 7 ක්,ජංගම දුරකථන 19 ක්, අයි ෆෝන් 1 ක් සහ ටැබ් 1 ක් පොලිස් බාරයට ගෙන තිබේ.