(අමල් වික්‍රමරත්න)
ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටු ගෝ නමැති මෙම නෞකාව අද උදෑසන වනවිටත් ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල් පරයක සිර වී තිබෙන අයුරු දැකිය හැකිය.
ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙන එන ලද මෙම නෞකාව ගාලු වරායට පිටත වරායේ නැංගුරම් යොදා නවතා තිබී ඇති අතර මුහුදේ තිබු රළු වීම නිසා නැංගුරම් වලින් බිදී එහි සිටි නාවිකයින්ද සමග ඊයේ ( 18) සවස ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයට ගසාගෙන පැමිණ තිබිණි. අනතුරුව උණවටුන සාම චෛත්‍යය පාමුල ගල් පරයක් අසල සිරවී තිබුණි.
එහි සේවක මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු මහවැසි නොතකා රූමස්සල ප්‍රදේශවාසීන්ගේ සහයෙන් කඹ යොදාගනිමින් බේරාගෙන තිබු අතර පසුව පැමිණි නාවික හමුදා කණ්ඩායමක් මැදිහත්ව ඉතිරි පිරිස බේරා ගැනීමට සමත් විය.
නෞකාවේ ආරක්ෂාව සදහා නාවික හමුදා නිලධාරීන් යොදවා ඇත.මුහුදේ තත්වය සාමාන්‍ය අතට හැරුණු වහාම නවුකාවට කළ යුත්තේ කුමක්දැයි තීරණයකට එළබෙන බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.
මේවන විටත් ජංගල් බීච් වෙරළ තීරය අසල මුහුද ප්‍රචණ්ඩකාරී තත්වයක පවතින බව ප්‍රදේශවාසීහු පවසති.





2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ග්ලෝරී ටූ ගෝ‘ නෞකාව තවමත් ජංගල් බීච් මුහුදු තීරයේ
ලංකෝනිස් Friday, 19 July 2019 10:48 AM
රූමස්සල තිබුණ නැව දැනට තියෙන්නේ මොන රටේද කියන්න. මේ මුහුදු තීරය ලංකාවේනම් වෙන්න බැහැ.