(නිමල කොඩිතුවක්කු)
ජාතිවාදය ආගම්වාදය විකුණමින් බලය වෙනුවෙන් කෑදර ඇමරිකානු පුරවැසියෙකු මෙරට ජනාධිපති ලෙස පත් කරනවාද, ජාති ආලයෙන් ආගම් ආලයෙන් කටයුතු කරමින් රට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගෙනයන සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති කරන්නේද යන තීන්දුව රටේ ජනතාව ගත යුතුව ඇතැයි එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමියෝ (10) පැවසූහ.
සිංහල, බෞද්ධ ජනතාව මෙන්ම රටේ වෙනත් ජාති ආගම් අදහන ජනතාව සජිත් පේ‍්‍රමදාස මහතා වටා එක් රොක් වන්නේ සියලුදෙනාට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කළ හැක්කේ ඔහුට පමණක් නිසා යැයිද උන්වහන්සේ සඳහන් කළහ.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෝපිටියේ ධම්මිස්සර හිමියෝ මෙසේද සඳහන් කළහ.
‘‘ඒකාධිපති වියරුවෙන්, අඥාදායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ රටවල්, ලොකයේ විනාශ වු බව අපි දන්නවා. හිට්ලර් ජර්මනියත්, මුසොලනි ඉතාලියත්, මාර්කොස් ඉන්දියාවත්, පොල්පොට් කාම්බෝජයත්, ඉඞී අමීන් උගන්ඩාවත්, සදාම් හුසේන ඉරාකයත් පාලනය කළා. මේ අය බලකාමය මුල්කර ගෙන, ඒකාධිපති වියරුවෙන් මහජනතාව පාලනය කළා. මේ නිසා ඒ රටවල් විනාශ වුණා.
අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව, රටට ජනතාවාදී පුරවැසියෙක් පත් කරගන්නයි. ඒ වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කිරීමට අපි සියලූ දෙනා කැපවිය යුතුයි.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙක් නෙවෙයි. ඒ නිසා අපිට ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැකියි. එතුමාගේ දරුවන්, බිරිය ඇමරිකානු ජාතිකයන්. ඒවැනි නායකයෙක් ගැන අපට විශ්වාසය තැබිය නොහැකියි.
ඇමරිකන් පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙටර ජාතික උරුමය, ජාති ආලය, ආගම් ආලය ගැන කතා කරනවා. ඇමරිකානු පුරවැසියකුට මේ ගැන කතාකරන්න අයිතයක් තියනව ද කියළා අපි අහනවා.
රටේ පොදු ජනතාවම, ත‍්‍රිසිංහලයම ඒක්රොක් කර ගෙන, මහා සංඝරත්නයෙන් සහ අනෙකුත් ආගම්වල ආශිර්වාදයෙන්, ලබන 16 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරනවා’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.
එහිදී අදහස් දැක්වූ මතුරට ධර්මාලංකාර හිමියෝ මෙසේ පැවසූහ.
‘‘මේ රට නව මාවතකට ගෙන යන්න පුළුවන්, සුදුස්සා කව්ද කියා තෝරා ගැනීම අපේ ප‍්‍රධාන කටයුත්ත බවට දැන් පත්ව තිබෙනවා.
රට නව ලෝකයට ගෙන යන්න ඉදිරිපත් වී තිබෙන් ප‍්‍රධාන අපේක්ෂකයන්ගෙන් ගෝඨාභයගේ සහ සජිත්ගේ වයස පිළිබඳව සිතුවාම, මේ නවලොව හදන්න පුළුවන් වසය 72 පුද්ගලයාට ද, වයස 52 කේ පුද්ගලයාට ද, කියල මෙරට ජනතාව තේරුම් ගත යුතුයි.
සජිත් ප්‍රේමදාස, ජාතිවාදී හෝ අගම්වාදී නයකයෙක් නොවෙයි. ඒ වගේම වර්ගවාදී බේදයක් නැතිව, රටේ ආරක්ෂාව ජාතියේ ආරක්ෂාව, ආගමේ ආරක්ෂාව මුල්කර ගෙන තමයි ඒතුමා මේ සටනට බැහැලා තියෙන්නේ.
රාජපක්ෂ කඳවුර වෛරී කඳවුරක්, සජිත් කඳවුර ඇවිල්ලා මෛත‍්‍රියෙන් වැඩකරන කදවුරක්, ඔවුන්ගේ හැසිරීම අපි නිවැරදිව තේරුම් ගත යුතුයි. මෙරට අන්තවාදීන් පෝෂණය කළේ මොන කඳවුරද, අන්තවාදීන්ට පඩි ගෙව්වේ මොන කඳවුරද කියලා අද රටේ ජනතාව දන්නවා.
එවැනි මිනීමරු පාලනයක් නැවත නිර්මානය නොවන් වගබලා ගන්නා ලෙස මේරටේ තරුණ තරුණියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා’’ යැයිද උන්වහන්සේ එහිදී පැවසූහ.
COMMENTS
හාමුදුරුවෝ කියන්නත් බැහැ වගේ.... කොන්ත්‍රාත්තුවට කීයද?
අවසරයි අපේ හාමුදුරුවනේ..., ඔබවහන්සේ මේ නොකියා කියන්නේ ගෝඨා හොඳ නැහැ සජිත් හොඳයි කියාද? අපට නම් කවුරුත් එකයි... මේ ඔක්කොම කබර මාංශ, තලගොයි මාංශ ලෙස අනුභව කිරීමට අති දක්ෂයින් බැවින් ඔබවහන්සේලාටද එය නොතේරීම පිළිබඳව අප අවංකව කණගාටු වන්නෙමු.
මේකට අදහස් මොකවත් නැත්තේ සියයට සීයක්ම මේ අදහසට එකඟ හින්දා හාමුදුරුවනේ... අන්තවාදීන්ට ගෙවලා තියෙන නිසා තමයි ඒ අය ඔබවහන්සේලා වගේ සුචරිතවාදීන්ට එකතුවෙලා තියෙන්නේ...
සංඝරත්නයට මම ගරු කරමි. ඒ අරහත් ධජය දරා සිටින බැවිනි. නිවැරදි මහා සංඝරත්නය රටට, ජාතියට මෙන්ම සම්බුදු ශාසනයටද ආදරේ කරති. පක්ෂයක් මිස මෙවැනි අයට වෙනත් දෙයක් නැත.
අවසරයි අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ ඔහොම වදාලාට " හිට්ලර් කෙනෙක් වෙලා හරි අපේ රට හදන්න" කියලා දේශනා කර වදාළ අනුනායක ස්වාමීන් වහන්සේලාත් මේ රටේ වැඩ සිටිනවානේ... අපේ හාමුදුරුවනේ. "ඒ අනුශාසනාව තමා නියම අනුශාසනාව" කියලා පිළිගන්නා පිරිස වැඩියි වගෙයි පෙනෙන්නේ...
සජිත් කියන්නේ ලේ වලින්ම පොඩි දුප්පතාගේ මනුස්සයා.. ඒ ගැන කිසිවක් කිසි කෙනෙකුට කිව නොහැකිය. ඔහු අා ගමනේ සියල්ල කළේද දුප්පතාටමයි. රටට දැන් අවශ්‍ය වන්නේද එවැනි කෙනෙකි. ඔහු මිනීමැරීම් වලට, හොරකම් වලට, කුඩු ව්‍යාපාරවලට නැත. දුප්පත් ජනතාවනි, ඔහු වෙනුවෙන් පෙරට එන්න.
පහුවදාට ඡන්දය දාන්න බැරි වෙන්න වැඩ කරන්න කියලා වදාරණ එක මොන ආගමට අනුවද කියලා පැහැදිලි කරනවද?
එතකොට රෑට අනිත් අයට පොවලා පහුවදාට ඡන්දය දාන්න බැරි වෙන්න වැඩ කරන්න කියලා කියන එක මොන ආගමට අනුවද කියලා පැහැදිලි කරනවද? ඒ කතා කරපු වචන ටික මේකේ දාන්න බැරි තරම් අප්‍රසන්නයි.
බුද්ධ චීවරේ ගරුත්වයවත් තිබ්බා නම් හොඳයි නේද හාමුදුරුවනේ...?
ඕනෙම කෙනෙක් තමන්ගේ සිතේ ඇති අදහස ප්‍රකාශ කිරීම..., තව කෙනෙකුට කඩේ යාමක්ද?
හාමුදුරුවනේ බුදුරජාණන්වහන්සේ දේශනා කළ සතර අගතිය ගැන අහලා තියනවද? 1. ඡන්ද- යමකට ඇති ඇල්ම නිසා අයුක්ති සහගතව, තම වාසියට, අනෙකෙකුට අවාසිවන පරිදි කටයුතු කිරීම. 2. දෝස - ද්වේෂය නිසා විරුද්ධකාරයාට අවාසිවන පරිදි අයුක්තිසහගතව කටයුතු කිරීම. 3. භය - කිසිවෙකුට බියෙන් ඔහුට වාසිවන පරිදි යුක්තියට පිටුපා ක්‍රියා කිරීම 4. මෝහ - යුක්තිය අයුක්තිය විසඳා ගැනීමට නුවණක් නොමැති කමින් අයුක්තිසහගතව කටයුතු කිරීම
සජිත්ගේ ආරක්ෂක ලේකම් අාඥා දායකත්වයෙන් ඒකාධිපති වියරුවෙන් වැඩකළ දවසට තමයි හාමුදුරුවනේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ඉපදුණු කෙනෙක් කියලා මතක් වෙන්නේ...
අමාරුවට බෙහෙත් ගත්තොත් හොඳයි. නැත්නම් 17 වෙනිදායින් පස්සේ තවත් අමාරුව තදවෙයි...
මේකේ කොමෙන්ටු දැක්කම කොයිතරම් වහල්ලු ඉන්නවද කියලා තේරෙනවා... විරුද්ධ මත ප්‍රකාශකරන භික්ෂූන් සිලවත් නැහැ කියලනේ වහල්ලු කියන්නේ...
ජනාධිපතිවරණයක් නිසා ජනතාව හිතන්න. තමන්ගේ බිරිඳ, දරුවගේ ඡන්දෙවත් නැති ඇමෙරිකාවට ගැති කෙනෙකුට ඡන්දෙ දෙනවද? ජනතාවගේ දහඩිය, මහන්සිය තේරෙන කෙනෙකුට ඡන්දය දෙනවද?
චීනය, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවලත් ඒකාධිපතියන් තමයි දියුණු කරේ..!
සජිත් අපේක්ෂක ගන්නකොට නම් අපිටත් හිතුණා හොඳ නායකයෙක් කියලා. එ්ත් කථා කරගෙන යනකොට දැනුනා හරයක් නැහැ කියලා මට කියනවද..? මම පළමුවෙන්ම කරනවයි කියලා... ගම් කීයකට පොරොන්දු වුණාද...? එ් පොරොන්දු මොනවද..? ජනාධිපති කාර්ය සාධක බලකා කීයක් හදන්න පොරොන්දු වුණාද? මගේ මතකයේ හැටියට 23ක් හා 19ක් එ්වා විහිළු පමණයි..
2015 තරම් පහසුවෙන් දිනන්න බෑ.. නමුත් සජිත් දිනනවා. බොහෝ විට 2005ටත් වඩා තියුණු සටනක් වෙයි.
අනේ බුද්ධ චීවර දරාගෙන මෙහෙම කරනවද?
ගෝඨාභය වෙනුවෙන් කතා කළොත් දේශප්‍රේමි... ගෝඨාභයට විරුද්ධව අදහස් පලකළොත් "සල්ලි අරගෙන". NGO සල්ලි අරගෙන... ගෝඨා ඉන්න පැත්තට පැන්නොත් දේශප්‍රේමී. අනික් පැත්තට උදව් කළොත් සල්ලි අරගෙන... අධිරාජ්‍යවාදී කොන්ත්‍රාත් කරන්න සල්ලි අරගෙන... මේවා තමයි බයියන්ගේ තියරි...
එක සිල්පදයක්වත් රැක්කා නම් හොඳයි.. එතකොටවත් පිනක් වෙනවනේ..
ඇයි හාමුදුරුවනේ ජාතිවාදීන් හා ජාතිවාදීන් නොවන අය හරියට අඳුනාගන්න නොහැකි. ජාතිය මතම පදනම්ව ඒ නමින් අඳුන්වන පක්ෂ ගොඩනගාගෙන එම පක්ෂ නායකයින් අප සුළු ජාතීන් යයි කියමින් තම ජන කොටසට ලේබල් ගසා වෙන්කරගෙන ඒ ජනතා ඡන්දයෙන් ඒ ඒ ප්‍රදේශවල බලයට පැමිණ අන්තිමට ප්‍රධාන පක්ෂ වලට එකතු වී තමන්ගේම පුද්ගලික පැවැත්මට කටයුතු සලසාගන්නවා. මේ අය වැඩියක් එකතුවී ඉන්නේ කා සමගද කියා නොතේරෙන්නේද? ජාතිවාදය ගැන කතාකරන හැම දෙනාටම ඇයි ජාතිවාදී නමින් පෙනීනොසිටින ප්‍රධාන පක්ෂ දෙකට එකතු වන්නට නොහැකි...?
මේ රටට ඕනෑ ආගම් හා ජාතිය පදනම්ව ගොඩනොනැගුණු පක්ෂ දේශපාලනයෙන් තුරන්වීමයි. මේ අය ජාතිවාදී කියන තේරුමවත් වටහා නොගෙනයි කතාකරන්නේ...
රටට මොනවද කෙරුවේ? ලොකුකම විතරයි... තරුණ කාලේ සම්පූර්ණයෙන් රටේ හමුදාවත් සමග බැඳිලා වැඩ කෙරුවා වගේ කතාව. මහින්ද ජනාධිපති වුණා විතරයි, ලොකුම තැන ගෝඨාට දුන්නා. මොනවද තියෙන සුදුසු කම්, ග්‍රාමසේවක තනතුරක් හෝ දැරුවද? අඩුම ගානේ හමුදා නිලධාරියෙක් නම් ඉලක්කෙට වෙඩිතියන්න හරි දන්නවද?
සඟවිනය කමිටු මේ ගැන තීරණයක් ගත යුතුය. ඒ මදිවට ගිහියන්ටත් පව් පුරවනවා...
මේ ඉන්නේ හාමුදුරුවරු කියලා කියන්න බැහැ.
17වෙනිදාට පසුව සල්ලිවලින් කාපු අයට සිරගෙට යන්න වෙනවා නියතයි.
කාටද ඡන්දෙ දෙන්න ඕනෑ කියන එකට මම එකඟ නැති වුණාට, නන්දසේන ගැන කියලා තියෙන ඒවා ඇත්ත. ඡන්දෙ දෙන එකත් ඡන්ද දායකයා බුද්ධිමත්ව කළ යුතුයි.
වැඩිහිටි භික්ෂුවක සතු කාර්යභාරය අමතක කර, පක්ෂය ලොකු කරගෙන කරන මේ දේශද්‍රෝහී ප්‍රකාශ ගැන අපගේ බලවත් පිළිකුල ප්‍රකාශ කරමි. භික්ෂූන් වහන්සේලාට මෙන්ම ශාසනයේ අනාගතය බරපතල අර්බුදයක පවතින අවස්ථාවක ඊට මග හෙළිකළ දුර්දාන්ත ආණ්ඩුවට කඩේ යන මෙවැනි නිර්ලජ්ජිත භික්ෂූන් කවර තනතුරක් දැරුවද ඔවුන් වර්ජනය කිරීම සඳහා බෞද්‍ධයන් ක්‍රියාත්මක විය යුතු කාලය එළැඹ තිබේ.
හාමුදුරුවරු තමන්ගේ පක්ෂයට කඩේ යන කොට හරි විරුද්ධව යමක් කියනකොට... එ්ක රුස්සන්නේ නෑ... ඕනේ කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරිද? තමන්ට තියෙන්නේ එක ඡන්දෙනේ... එ්ක විතරයිනේ විශ්වාසයෙන් දෙන්න පුළුවන් අනෙක් මිනිස්සු මෝඩයින් නෙවෙයිනේ...
ඔවුන්ට රට ගැන නම් කිසිම හැඟීමක් නැහැ තමයි! දැන් ලංකාවේත් අපි අත්විඳින්නේ ඒ ඉරණම...!.
පුදුම හාමුදුරුවෝ නමක්..!!! 2015 වැටුණු වලට සිංහල ජාතිය ඇදලා දාන්නද ඕනේ...?
බෝපිටියේ ධම්මිස්සරලා මේ රටේ පන්සල් ටික ගැන උනන්දු වුණොත් හොඳයි. එක එක දේශපාලුවාට කඩේ යමින් ගිහිගෙය අත්හැරි බවට බොරු මවා පාමින් මෙලෝ මිහිපිට තියන සුර සැප සියල්ල විඳිමින් චීවරය පොරවාගෙන ජාතිය අවුස්සන එක ශාසනයට කැපද? කෝ අනිත් ආගම් එකක්වත් පූජකයින් බුද්ධාගමේ පූජකයන් වගේ බුරනවා අපිට ඇහෙන්නේ නෑ. ඔහෙලා බුද්ධාගමට අයිති වැඩටික නැතුව අනිත් හැම මගුලම කරනවා.
ඒකාධිපතියන් ගැන කියද්දී අපේ රටේ හිටපු අර පාරේ මරුණු කෙනාව මතක් වෙනවා අපේ හාමුදුරුවනේ..!
කොන්ත්‍රාත්තුව හරි වගෙයි.., ඔන්න හාමුදුරුවනේ පන්සලේ විහාරගෙයි හා දාන ශාලාවේ වැඩකටයුතු සඳහා ලක්ශ 10ක් එවනවා. පින්වත් සිතින් බාරගන්න.
ජනා, ඇත්ත තමයි. එතකොට ලයිට්කණුවල මිනිසුන් මැරීසිටි කාලය. ඒකත් මතක් කරමු.
රටේ තියෙන දේවල් විකුණන රටකන්න බලන් ඉන්න කට්ටියකට රට බාරදෙන්නද කියන්නේ..?
2007 -2009 කාලයේ ප්‍රභාකරන්ට පන්න පන්නා ගහනකොට ඇමෙරිකන් කාරයක් කියලා මේ හමුදුරුවොට මතක් වුනේ නැද්ද? කොන්ත්‍රාත්තුවට ගාන කීයද? දෙනවා කීයපු වෙන වරප්‍රසාද මොනවද? නෙලුම් පොහොට්ටුව සේ ඔය මඩ වගුරන් ගොඩට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. ඇමෙරිකන් කාරයක් හෝ වැඩ කල හැකි මිනිහෙක් තොරා ගැනීමට රටේ ඡන්දය හිමි ජනතාවට තීරණය කීරීමට ඉඩ දෙන්න.