අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකතන යෙදුම් (ඇප්) හරහා විවිධ ආකාරයේ මූලය වංචා සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
එම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවත් එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ කාඩ්පත්වල (හරපත් හා ණය පත් (ඩෙබ්ට් කාඩ් හා ක්‍රෙඩිට් කාඩ්)) පෞද්ගලික රහස්‍ය තොරතුරු, අන්තර්ජාල බැංකුකරණයට අදාළ විස්තර යනාදිය ලබාගැනීමට උත්සාහ කරන බව ද මහ බැංකුව කියයි.
එබැවින් මූල්‍ය ගනුදෙනුවලට යොමු වීමේදී ණය දෙන පාර්ශවයේ සම්පූර්ණ තොරතුරු ලබාගන්නැයි ද හැකි සෑම අවස්ථාවකදීම නිසි පරිදි නියාමනය වන හෝ යම්කිසි නියාමන අධිකාරියක නියාමනයට ලක්වන ආයතන කෙරෙහි විශ්වාසය තබන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලයි.
එමෙන්ම මෙවැනි ගනුදෙනුවලදී ඉතා සුපරීක්ෂාකාරී වන්නැයි ද තමන්ගේ කාඩ්පත් හෝ අන්තර්ජාල බැංකුකරණයට අදාළ මුරපද හෝ අනන්‍යතාව තහවුරු කරන විස්තර වෙනත් පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගන්නැයි ද මහ බැංකුව ඉල්ලයි.
ඊට අමතරව බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ගනුදෙනු සම්බන්ධයෙන් එසැණින් තොරතුරු ලබාදෙන කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.
(055)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලු මහ බැංකුවම කොල්ල කන කන් උඩ බලන් උන්නු අය වගේ මහා වංචා වෙනකන් නින්දේ උන්නු මහ බැංකුව දැන් උපදෙස් දෙනවා අන්තර්ජාල ගණුදෙනු ගැන පරිස්සමෙන් කියලා. ග්‍රාමීය බැංකුවක් කලමණාකරණය කරගන්න බැරි පාලකයන්...
දැන්ද ඔබලාගේ ඇස් ඇරිලා තියෙන්නේ...? මම පුද්ගලිකව දන්නවා මහා බැංකුවේ සේවය කරන්නේ ඉතාමත් උගත්, බුද්ධිමත්, ඒ වගේම මූල්‍ය කළමනාකරණය ගැන හොඳ පළපුරුද්දක් ඇති අය බව. නමුත් අද මොකද වුනේ...? අද යුරෝ එකක් රුපියල් 240 යි. මහත්වරුනේ, ඔයගොල්ලන්ට කරන්න කිසිම දෙයක් ඉතිරිවෙලා නැහැ.
අන්තර්ජාලයෙන් වන වංචා නොවේ ප්‍රශ්නේ... ආණ්ඩුව මහජනයාගෙන් ගසාකන එකයි ලොකුම ප්‍රශ්නේ. දූසණ, වංචා, කොමිස් ගැහිලි ඉහවහා ගිහිල්ලා. සම්පූර්ණ රජය කෙරෙහි අප්‍රසාදයට පත්වෙලා ඉන්නේ ජනතාව. ආයේ වෙන කාටවත් අපේ සතයක් ගන්න ලැබෙන්නේ නැහැ. මොකද දැන් ජනතාව නැට්ටටම හිඳිලා ඉන්නේ..
අපි නොවේ, රජය සහ මාධ්‍යවලිනුයි මෙය කරන්නේ...
රජයේ බැංකු තමන්ගේ යුතුකම් හරියට ඉටුකරනවා නම්...