
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ෆේස්බුක් සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එයින් 19 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (10) නියෝග කළාය.
එම සැකකරුවන් පිරිස සමඟ හෝටලයේ හිමිකරු ද අධිකරණයට ඉදිරිපත් කළේය.
ඔවුන් සියලු දෙනාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කළාය.
හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 44 ක් සමඟ අත්අඩංගුවට ගත් බණ්ඩාරගම යටියන පදිංචි සැකකරු මෙම මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd