(නිමන්ති රණසිංහ)
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු වූ තම ඥාතී පුත්‍රයා බේරාදෙන ලෙස ඉල්ලා හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් බව කියන පුද්ගලයා ලබන 4 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නැමැති සැකකරු වෙනුවෙන් අල්ලස් ලබාදුන්නැයි කියන ව්‍යාපෘති නිලධාරී අබ්දුල් කපූර් මොහොමඩ් නැමැත්තාය.
හොරොව්පොතාන ස්ථානාධිපතිගේ පැමිණීල්ලට අනුව අලල්ස් හෝ දුෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 5 වැනි දාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකව වැඩකරන නිලධාරීන් හිටියොත් ත්‍රස්තවාදීන් හා ඔවුන්ට අනුබල දෙන්නන් මුලින්ම උපුටා දැමීම එතරම් වැඩි ඈතක නොවේ.