IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හොරෙක් අපාගත වෙන වැඩක් කරයි

( බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ ලේකම් ධූරය හෙබවූ බටපොල මේධානන්ද හිමියන් වැඩම කළ වෑන් රථයේ වීදුරුව කඩා බැංකු පොත් සහ ලිපි ලේඛන රැසක්  සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

බටපොල මේධානන්ද හිමියන්ට අයත් වෑන් රථයෙන් මිරිහාන ගල්පොත්ත විහාරස්ථානයේ සිට ගල්කිස්ස ධර්මපාලා රාම විහාරස්ථානයට වැඩම කර ඇති අතර අනතුරුව වෑන් රථයේ රියදුරු වෑන් රථය විහාරස්ථානය පිටුපස සංඝමිත්තා පාරේ ගාල්කර තිබේ.

පැය කිහිපයකට පමණ පසු වෑන් රථයට පැමිණී අවස්ථාවේ රියැදුරු අසුන අසල ඇති වීදුරුව කඩා තිබෙනු දැක ඒ බව බටපොල මේධානන්ද හිමියන්ට දන්වා ඇත.

පසුව  පරික්ෂා කිරීමේදී එහි තිබූ බැංකු පොත් හා අනකුත් ලිපි ලේඛන සොරාගෙන ගොස් ඇති බවට දැනගෙන තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (16)

හොරෙක් අපාගත වෙන වැඩක් කරයි

විපරමා Thursday, 25 March 2021 12:51 PM

අපාගත වෙන විදියේ හොර වැඩ කරන මහා පරිමාණයේ හොර, දූෂිතයින් පවා ඉන්න රටේ මේවා මොනවද?

:       4       75

Ruhunu Thursday, 25 March 2021 01:09 PM

හිමිවරුන්ට ලේකම්වරු, බෑන්ක් නෝට්, යානවාහන වෙන මොනවද අඩු..? මේ වගේ දේවල් වලට මොනවද කළේ?

:       6       55

ගමේ එකාලාThursday, 25 March 2021 06:30 PM

ඕවා මොනවද? පිරිවෙනට ඉගෙන ගන්න ආපු කෙල්ලන්ව යාලුකරගෙන සිවුරු හැරපු අයත් නැතුව නෙවෙයි.

:       0       1

සිරිබිරිස් Thursday, 25 March 2021 01:15 PM

හාමුදුරුවෝ බැංකු පොත් මොනවට අරගෙන ගියාද ඔතනට? ඉන්න පන්සලේ තියලා යන්න බය හිතිලා වත්ද?

:       5       52

Senaka Thursday, 25 March 2021 01:18 PM

අපාය තියෙන්නෙත් දුප්පත් හොරුන්ට විතරයි.

:       3       53

Lankaputha Thursday, 25 March 2021 01:45 PM

බෑන්ක් කවුන්ට් තබා ගැනීමද? හෙලි කිරීමද?

:       4       36

නිහාල් Thursday, 25 March 2021 03:39 PM

නිවන් දැකීම එකම අරමුණ වුණු හාමුදුරුවන්ට මේ වගේ සුඛෝපභෝගි වාහන මිලදී ගැනීමට හැකි වූයේ කෙසේද? අපායේ යා යුත්තේ සොරා පමණක්ද?

:       0       2

Dasa P Thursday, 25 March 2021 04:02 PM

මොන ජගතාටවත් බංකු පොතත් සමග අපාගත වෙන්නේවත්, නිවනට යාමටත් නොහැක.

:       0       2

chandima Thursday, 25 March 2021 05:00 PM

හොරකමට අපාගත වුණත්, කරපු පින්කමට ඉක්මණින් අපායෙන් මිදෙයි..

:       0       1

beau Thursday, 25 March 2021 05:57 PM

වාහනය සේප්පුවක් නොවේ. නායක හාමුදුරුවෝ මෙවැනි සුලු දෙයක්වත් දැනගෙන හිටියේ නැද්ද? ලංකාව හොර ගුහාවක්. ලොක්කන්ගේ ඉඳන් හිඟන්නා දක්වාම හොරකම් කරන රටක්.

:       0       2

Saman Thursday, 25 March 2021 08:12 PM

සෞභාග්‍යයේ දැක්ම..

:       0       1

BANDA Thursday, 25 March 2021 10:38 PM

හොරා යන්නේ දිව්‍ය ලෝකේ... හාමුදුරුවන්ට මොකටද බැංකු පොත්, චෙක් පොත් ... ඇතැමුන් සිවුරු ඇඳගත්තු බිස්නස් කාරයින්.

:       0       3

sarath perth Friday, 26 March 2021 12:41 AM

බිමල් මහත්තයෝ හොරු විතරද අපාගත වෙන්නේ? හොර මැරකම් කරන මැති ඇමතිවරු දිව්‍ය ලෝකෙ යනවද? දන්නේ නැති නිසයි අහන්නේ...

:       0       2

Saumya Friday, 26 March 2021 04:00 AM

මෙතන ගොඩක් කමෙන්ට් තියෙන්නේ හොරාව සාධාරනීකරණය කරලා. කුඩ්ඩන්ට ආදරේ කරලා බලන්නට බැරිය. ප්‍රශ්නේ තමාගේ වුණාම ඔය වගේම දාර්ශනික විදියටම මෙයාලත් වැඩ කරයිද කියලා... ඇයි හාමුදුරුවන්ට බැංකු පොත් තියාගන්න බැරිද? ලිපි ලේඛන තියා ගන්න බැරිද? ඕනෑම පන්සලක ඉන්නවා වාහනේ පදින මනුස්සයෙක්. ඔය ලේකම් පට්ටම ඒ මනුස්සයාගේ... ඒ මනුස්සයා තමයි හාමුදුරුවන්ගේ ආවතේව ඔක්කොම කරන්නේ. පන්සලකට බත් ඇටයක් පූජා කරපු නැති මිනිස්සු මෙතන පොර ටෝක් දෙනවා. වැස්සකටවත් පන්සලකට ගොඩ වුණා නම් ඔහොම අලුගුත්තේරු කතා කියලා පව් පුරවා ගන්නේ නෑ. පුළුවන් කාලේ කට වාචාලකමට කියවනවා. මරණ මංචකයේදී තමන්ට මතක් වෙයි. තමන් ගරුතර සංඝ රත්නයට අපහාස කරපුවා වගේ රඟේ. තෙරුවන් සරණයි!

:       2       8

fairoosSunday, 28 March 2021 07:42 AM

සෞම්‍යා ඔයාගේ අදහස නිවැරදියි

:       0       1

දිමුත් Friday, 26 March 2021 06:46 AM

මේක බෞද්ධ රටක්ලු...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 3 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 211 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 448 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 260 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 226 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 478 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site