පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිසමේදී හිටපු ආරක්ෂක ඇමැති හේමසිරි ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් එය අසත්‍ය, ද්වේෂ සහගත ලෙස ඉදිරිපත් කර ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා අද ( 20) කීවේය.
යම් ලෙසකින් ඉදිරියේදී තමාට කොමිසම හමුවේ පෙනී සිටිමට අවස්ථාවක් ලැබුණහොත් සියලු ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍ය කරුණු පැහැදිලිකිරීමක් සිදු කිරීමට තමන් සූදානම් බවදඑම නිවේදනයේ දක්වා ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය ඒකකයෙන් නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.

COMMENTS
පහුවෙනකොට කවුද කිව්වේ කියලා දැනගන්න ලැබෙයිනේ.
මේ හැමදේකටම වැරැද්ද වැඩබැරි අය ඉහළ පුටුවේ තිබ්බ රට වැසියාගේ නේද?
මට ඇති එකම ප්‍රශ්නය හරින් ප්‍රනාන්දු ගේ තාත්තා දැනුවත්ව හිටියා නම්.. ඇයි හිටපු ජනාධිපති දැනුවත්ව හිටියේ නැත්තේ.. ඔහු ආරක්ෂක ඇමති... පාස්කු දා ප්‍රහාරයත් දැනදැනම වගකීම් විරහිතව ක්‍රියාකිරීම නිසා ඇති වුණු අවාසනාවන්ත සිදුවීමක්. ඇත්තටම වළක්වා ගන්න තිබුණා. මෙයත් එක්තරා උකුසු ප්‍රහාරයක්. පුළුවන් ඉක්මණට වැරදි කරුවන්ට දඬුවම් ලැබේවා..!!!
හේමසිරි ප්‍රනාන්දු මෙවැනි බොරුවක් කොමිසම ඉදිරියේ කිවා යයි සිතීම අපහසුයි.
මේ පාස්කු ඇටෑක් එකේ වගකීම ඔබතුමා පොඩ්ඩක්වත් ගන්නේ නැතිද? එතකොට ඔබතුමා කියන්නේ මේ වගකීම ගන්න ඕනේ ගමේ සිරිපාලද? සෝමලතාද?
අනේ බබා.., එන්න තොටිල්ලේ දාලා නලවන්න.
මේ රටේ දේශපාලුවන්ගෙන් මුලු රටටම පාට, පක්ෂ, ජාති, ආගම්, කුල භේදයකින් තොරව එවපු එකම දේශපාලුවා තමයි.
කවුරු හරි වුණත්, වැරැදි වුණත් මෙතැන ඔක්කොම ලොකු වරදක් කරලා තියෙනවා. ඊට අදාළ පුද්ගලයන්ට උපරිම දඬුවම් දිය යුතුයි. මෙතන බෝලේ පාස්කරලා වැඩක් නැහැ.
එතකොට සිරිසේන මහත්තයා කියන දේවල් විතරද හරි?
එයා මොනවා කිව්වත් දැන් වැඩක් නැහැ. ඔක්කෝමලා දන්නවා මොකක්ද වුණේ කියලා...
ඕනෑම ප්‍රධානියෙක් ආරක්ෂාව පිළිබඳව නිරතුරුව විමසිලිමත් විය යුතුයි. එය ආයතනයක, නිවසක හෝ රටක විය හැකිය. එම ප්‍රධානියා ආරක්ෂාව ගැන තොරතුරු යාවත්කාලීන කළයුතුයි. මෙය ඉතා සරල අදහසකි...
ඇත්ත කතාව මේ දෙන්නයි තව නිලධාරීන් කිහිප දෙනකුයි පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් සිදුවුණ ජනසංහාරය වලක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳව ඍජුවම වග කියන්න ඕන.
ඔක්කොම මෙහෙමද මන්ද...
හේමසිරි ඇත්ත කිව්වා. සිරිසේන බොරු කියනවා. ඔහු ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති ධුරයට කිසිදු හිමිකමක් නොමැත. ඔහු රූකඩයක් බව ඔප්පු කළේය.
මම බබා...
ඒ වුනාට අපිට නම් ඒක ඇත්ත කියලත් හිතෙනවා!
තව මොන ඇත්තක් කියන්නද.? මුළු රටේම ජනතාව දන්නවා ඔයා කවුද කියලා.
මුස්ලිම් ඇමතිලා... වගකිව යුතු පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය, අගමැති, ජනාධිපති, අන්තවාදී මුස්ලිම් අය... පොලිස්පති, හමුදාපති, බුද්ධි අංශයේ ලොක්කො ඔක්කොටම දඬුවම් දෙන්න ඕනෙ ජීවිත 300 කියන්නෙ මේ අයට හිනා වෙන්න දෙයක් විතරයි..
අනේ මෙයා බබානේ. පව් පත්තරෙන් බලන්න හිතාගෙන ඉන්න ඇති.
සත්‍ය ජය ගනී...
කොමිසමෙන් එන්න කීවාම ගියේ නැහැ.
ඇයි අගමැති, එයා මුස්ලිම් ඇමතිලාට බය නැද්ද.
එතකොට මෙයා කියන එක විතරද ‘‘සත්‍යය‘‘?
මුන්නැහේ කට ඇරියොත් කියන්නේ කෙබර.. බේතට ගන්නවත් ඇත්තක් නම් උපන් දා ඉඳලා කියලා නැතිව ඇති. මම මගේ ජීවිතේටම කරපු ලොකුම මෝඩකම මුන්නැහේව ජනාධිපති කරන්න එදා ඡන්දෙ දීපු එකයි. හේමසිරි කියන්නේ ඇත්ත බව කාටත් වැටහෙනවා.
ගැරඬියාට භූමිතෙල් වැදිලා වගේ නටන්න දෙයක් නැහැ. වැඩේ හරියට කිරීම ගැන අධිකරණයට ගිහින් බේරගන්න. කියව කියවා ඉන්නේ නැතිව..
කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු කාරණයක් මේ, මේ සියල්ල වංචාව සම්බන්ධයෙන් කටයුතු කළ අය, හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ විනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ... මේ සේරම පල්හොරු රට කනවා. අපට ජීවත් වන්න පුළුවන් රට නැති කරගන්න එපා. පක්ෂ, පාට දේශපාලකයන් මේ සේරම බලය ලබාගන්න තමන්ගේ අවයව වුණත් දෙයි..