(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පැවති රැස්වීමකට අද (08) සහභාගි වූ අතර ඒ අවස්ථාවේදී එහි රැඳීසිටි පිරිස් අරුවක්කාලු කසල අංගනය පිළිබඳ හිටපු ජනාධිපතිනියගෙන් විමසූ අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කරතිව් නගරයේ පැවති රැළියකට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
රැස්වීම අවසානයේ බණ්ඩාරනායක මහත්මියගේ කතාව අවසන් කිරීමත් සමඟ අරුවක්කාලු කසල අංගනයට විරෝධය පළකරන පුත්තලම නගරයේ පිරිසක් කසල අංගනය පිළිබඳව එතුමියගේ ස්ථාවරය විමසුවේය.
එහිදී අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිස් පවසා සිටියේ මේ වන විට කසල අංගනයේ පිපිරීම් පවා ඇතිවී ඇති බවත් ඒ සමඟම මෙවැනි ව්‍යාපෘති නිසා තවත් වසර පහකින් මේ ගම්මාන දමා යාමට ජනතාවට සිදුවන බවත්ය.
එහිදි බණ්ඩාරනායක මහත්මිය පවසා සිටියේ මේ සඳහා විසඳුමක් ඡන්දයෙන් පසුව ලබා දෙන බවයි. එයට විරෝධය දැක්වූ පිරිසකට තවත් පිරිසක් පහර දීමට සැරසුන අතර ඒ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සාටකයින්ගේ ක්‍රියාවන් ..
කසල ගොඩක් එක්ක කසල අංගනයක් ගැන කතාවකට ගිහින්.
අරුවක්කාලු කසල අංගනය ගැන චන්ද්‍රිකාගෙන් අහන එකේ ඵලය කුමක්ද?
වෙල්ගම උන්නැහේයි, මැතිණියයි දැන් U.N.P වෙලා නේද? මේ අයට තියෙන්නේ තනිකරම පෞද්ගලික ප්‍රශ්නයක්..
1970-77 කාලයේ මේ රට හොඳට දියුණුවෙලා තිබුණා. ඊට පස්සේ මේ දක්වා රට විනාශ කරපු නායකයින් තමයි ඉන්නේ....
ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය පිළිබඳ සිතාගන්න ජනතාවට වෙන කිසිවක් අවශ්‍ය නැහැ. මේ සිදුවීම ඇති. චන්ද්‍රිකාව නෙමෙයි, සහරාන්ගේ හරි ප්‍රභාකරන්ගේ හරි බිරින්දෑවරුන්ව හරි ස්ටේජ් එකට නග්ගලා ඡන්දෙ දිනන්න පුලුවන් නම් මේ මිනිස්සු එ්කත් කරනවා. ඒ තරමටම බලයට වියරු විදියට වහ වැටිලා..
එතුමිය කිව්වා හරිනේ. 'ඡන්දෙන් පස්සේ විසඳුමක් දෙන්නම්'. ඉතින් ඊට වඩා දෙයක් කියන්නේ කොහොමද? බලයට ආවොත් මොකක් හරි කරනවා, ආවේ නැත්නම් නිකම් ඉන්නවා, එච්චරයි.
මේ උද්ඝෝෂණය කරන අය ඒකවත් නිදහසේ කරන්නේ මේ යහපාලන රජය නිසා, මතකද වතුර ඉල්ලලා උද්ඝෝෂණය කළ අයට රතුපස්වලදී වෙඩි තිබ්බා...
මතක නැද්ද කොළඹ කුණු කන්ද? ඔය බලය ඉල්ලන කට්ටිය ඒක ගහක් වගේ උස යන්න ඇරියා මිසක් විසඳුමක් දුන්නද?
ඔය උද්ඝෝෂණ කරන කට්ටිය කල්පනා කරන්න මේ නිදහස ලබලා දුන්නේ කවුද? එයාලට ඕනෑ මල්ලි ජනාධිපති, අයියා අගමැති, අනිත් අයියා කතානායක, අනිත් අයියා ආර්ථික ඇමති, නංගි තව ඇමති කෙනෙක්, අයියගේ පුතා තව ඇමති කෙනෙක්, අනිත් අයියගේ පුතා තව ඇමති කෙනෙක්, එහෙමද?
බොරුද කියල බලන්න 17 රෑට ආච්චි අාපහු එනගලන්තේ යන්නේ නැද්ද කියලා නොඑන්නම...? දැනටමත් ටිකට් බුක් කරලා ඉවරයි.
අන්දෘගේ මාලිගාව මට අරන් දුන්නේ නුඹලගේ සල්ලිවලින්... මම එජාපයට යන්නේ නුඹලා වෙනුවෙන්ම නොවේ. මාලිගාවේ ඉතුරු වැඩ ටික කරගන්න. එහෙ හැමදෙයක්ම බොහොම ගණන්....
දැන් වෙල්ගමත් එක්කද? ඇයි ඒ දවස්වල මන්දිරයේ දමාගෙන හිටිය සනත්ට මොකද උනේ ?
යන යන තැනින් මෙහෙම යවා ගත්තා නම් රටට හොඳක් වෙයි.