(රංජිත් රාජපක්ෂ)
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව හැටන් පොලිසිය පවසයි.
අද (14) පස්වරු 4 ට පමණ ප්‍රධාන මාර්ගයට ඉහළින් වූ තේ වත්ත ප්‍රදේශයෙන් පස් කන්දක කොටසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මංතීරුවකට පමණක් සිමා කර ඇත.
ප්‍රධාන මාර්ගයට ඉහළින්, වතු කම්කරුවන්ට පානීය ජලය ලබා දෙමින් තිබු ජල නලයක් කාන්දු වීම නිසා පස් කන්ද කඩා වැටී ඇති බව පොලිසිය සැක පළ කරයි.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බව හැටන් පොලිසිය පවසයි.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.