IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හබරාදුවේ 30ක් නිරෝධායනයට

(ජේ.කේ.එල් චාමින්ද)
 
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලෙස සේවය කරන  හබරාදුව  ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු  ඔහු සමීපව ඇසුරු කළ පවුල් 10කට අයත් පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
 
මෙකි උපදේශකවරයා සමිපව ඇසුරුකළ පුද්ගලයින් 16 දෙනෙකු  අද (12) දින පි. සි.ආර් පරීක්ෂණ වලට යොමු කිරිමට කටයුතු කරන බවද සෞඛ්‍ය නිලධාරිවරයා සදහන් කළේය. කොරෝනා ය ආසාදනය වි ඇති මෙකී  උපදේශකවරයා 35 හැවිරිදි වියේ පසුවන හබරාදුව අත්තරගොඩ තල්පේ හිනටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
මොහු පී. සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු   කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී. සී. ආර්. පරීක්ෂණ කටයුතු සඳහා මොහුගේ ජෛව සාම්පල් ලබාගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකොට ඇත. මෙකී උපදේශකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ඔහු කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත පිටත්කොට යැවීමට පියවරගත් බවද  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
 
මෙකි උපදේශකවරයාගේ බිරිද ගෝනාපිනුවල ප්‍රදේශයේ  පාසලක සේවය කරණ  ගුරුවරියක් වන අතර ඇය එක් දිනක්  එම පාසලට ගොස් ඇත.  ඇය ද පී. සී. ආර්. පරීක්ෂණ කටයුතු සදහා යොමු කිරීමට නියමිතව ඇත. ඇය සමීපව ඇසුරුකළ සමීපතයින්ට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇති බව ගොනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ගොනාපිනුවල ප්‍රදේශයේ පදිංචි මෙකි පාසල් ගුරුවරියගේ මව පියා හා සහෝදරිය  ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බවද ගෝනපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.



අදහස් (0)

හබරාදුවේ 30ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site