(ඉන්දිකා රාමනායක)
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධ සැබෑ තතු හෙළි නොකරන ලෙසට දන්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මරණ තර්ජනය එල්ල වී ඇති බව පවසමින් එම සුදුවෑන් මාධ්‍ය හමුවට එක් වු කොටහේන පදිංචි ඩබ්ලිව්. ජී. අතුල සංජීව මදනායක අම්පාර පදිංචි එස්. ඩබ්ලිව්. ඒ. සරත් කුමාර යන දෙදෙනා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
මෙම සිද්ධියේ සැබෑ තොරතුරු හෙළිදරුවූ නොකරන ලෙස පවසමින් පාතාල සාමාජිකයකු ලවා දුරකතන ඔස්සේ මෙම තර්ජනය එල්ල කළ බවට පවසමින් ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු එහි සිටි මාධ්‍යවේදීන් අමතමින් සුදු වෑන් මාධ්‍ය හමුවේදී සුදු වෑන් රියදුරෙකු ලෙස පෙනී සිටි අතුල සංජීව මදනායක මෙසේ පැවසීය.
“මෙම සිදු වෑන් මාධ්‍ය සාකච්ඡාව නිවැරදි නොකරන ලෙස පාර්ලිමෙන්තු රාජිත සේනාරත්න මහාත දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කරනවා. ඇප ලැබී අධිකරණ භූමියෙන් පිටතට පැමිණ අපි කිව්වා අපේ සැබෑ මුහුණින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා සිද්ධියේ ඇත්ත තත්ත්වය හෙළි කරනවා කියලා.
කොටහේනේ පදිංචි වැලිකඩ බන්ධනාගරයේ සිටින පාතාල කල්ලි සාමජිකයෙක් දුරකථනය ඔස්සේ ඇමතුමක් ලබා දී කිව්වා මෙම මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කරන්න එපා. මාධ්‍ය සාකච්ඡාව නිවැරදි කළොත් උසාවි දිනයට අධිකරණයට එන්නට එපා කියා. එහෙම ආවොත් ගෙරද සුදු කොඩි එල්ලනවා කියලා
අපට තර්ජනය කළ සියලූ දේ පිළිබඳ සාක්කි අපේ දුරකතනයේ තිබෙනවා. අපි මේ දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී රාජිත සේනාරත්න මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා” යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මම හදපු කිඹුලා මටම කනෝ...
කාල වරෙන්කෝ, අනේ අම්මේ දතාට වෙච්ච දෙයක්... කොහොම හිටිය කෙනෙක්ද මේ?
පහුගිය ආණ්ඩුව රටේ සෞඛ්‍යයට බාරදීලා තිබුණේ මොනතරම් දරුණු පුද්ගලයෙකුට කියලා මේකෙන් පේනවා. පාතාලයන් ඇසුරු කරන, අය ලවා මරණීය තර්ජන එල්ල කරන තත්වයේ මිනිස්සුන්ට ලොකු තනතුරු දීපු එකේ ආදීනව තමයි රනිල් මහත්තයා අද භුක්ති විඳින්නේ...
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ.. කියලා කිව්වලු..
මෙය බොහොම ස්වාධීනව බැලිය යුතු කරුණක්. මේ කියන දෙදෙනාගේ චරිත සහතික දෙස බැලීමෙන් පමණක් ඕනෑම කෙනෙකුට වටහා ගැනීම අපහසු නොවෙයි සිතමි...
කුම්බලා මාලු කෑවානම් දුක් විඳපන් බළලෝ. බල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා.
අපි.. නම් කියන්නේ, මේ තුන්දෙනාවම එල්ලලා දාමු කියලා..! කැමති අය අපිට කැමැත්ත දක්වන්න...
රාජිතව කොටු කරන්න තවත් නාට්‍යයක් රඟපාන්න වගෙයි හදන්නේ. පාතාල සාමාජිකයා කාගේ කෙනෙක්ද කියලා ඔප්පු වෙලා නැතිකොට කොහොමද රාජිත මේ තර්ජනය කළා කියන්නේ?
බලනකොට ඇත්තටම මෙයා හෘද රෝගියක්ද? දැන් චණ්ඩියක් වෙලා.
රාජිත ගැන මට තිබෙන්නේ බලවත් අප්‍රසාදයක්. නමුත් මේ දෙන්නා දැන් නම් කාගේ හෝ බළල් අත් බවට පත්වෙලා මේ සින්දුව ගායනා කරනවා කියලයි මට හිතෙන්නේ. රන්ජා පස්සෙන් එලවන නාලිකාලා ආණ්ඩුවේ ලොක්කන්ගේ සහ ලොක්කන් යයි හිතාගෙන ඉන්න කුක්කන්ගේ බළල් අත් බවට පත්වී ඉන්නා සේම මේ දෙන්නා රාජිත පස්සෙන් එලවන ලොක්කන්ගේ බළල් අත් දෙකක්.
හඬපට ඇතුළට කිඹුල එළියට... අද තිරගත කරන ලදී
තවත් හඬ පටි කිහිපයක් දොරට වඩින ලකුණු මේ පුවතින් පේනවා ! මේවා කියවන්න, විශ්ලේෂණය කරන්න තවත් යන්ත්‍ර සුත්‍ර ආනයනය කරන්න වේවිද මන්දා...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති තනතුර දෙවරක් දරපු මේ සුවපති එම ආයතනයේ ශ්‍රී ලංකාවේ දරපු ඇමති තනතුරේ ද ප්‍රති රුපයට නිගරු කළ මේ සුවපති.
ඕක පොඩි දෙයක්.
මේක රජිතව ඇතුලට යවන්න හදපු බොරුවක් වෙන්න බැරිත් නැහැ.
වහලුන්ගේ අදහස් දැක්කම කලකිරෙනවා. පාතාලයෝ සුදු වෑන් තිබුනා කියනකොට ඒවා බොරු කියනවා. ඒ පාතලයම තර්ජනය කළා කිව්වම රාජිතට බනිනවා. මේ ඔක්කොම තව එක මිනිහෙක් ඇතුළට දාන්න ආණ්ඩුව කරන සංදර්ශන විතරයි.
කුමන්ත්‍රණකාරී රාජිතගේ කෙරුවාව.
ලැජ්ජා නැතිව කියන හැටි සල්ලී වලට මේක කළා කියලා. ඒක නිදහසට කාරණයක්ද?