ප්‍රකට දෙමළ දේශපාලනඥයකු වන එම්.කේ. සිවාජිලිංගම් මහතා සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.

සිවාජිලිංගම් මහතා වැල්වෙටිතුරෙයි හි පිහිටි සිය කාර්යාලයේ සිටියදී මෙලෙස සර්ප දෂ්ඨ කිරීමට ලක්ව තිබෙන අතර ඔහු පේදුරු තුඩුව රෝහලට ඇතුළත් කර ඇත.

යුද්ධය සමයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම සඳහා උත්සව සංවිධානය කිරීම සඳහා ඔහු පසුගිය සතිය මුළුල්ලේ කාර්යබහුල වී සිටියේය.

සඳුඳා වනවිට සිවාජිලිංගම් මහතා පූර්ණ සුවය ලබා ඇති අතර රෝහලෙන් ද පිටත්ව ගොස් තිබිණි. හෙතෙම පසුගිය සිකුරාදා (26) යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අනුස්මරණය කරමින් සිය කාර්යාලය ඉදිරිපට උත්සවයක් ද සංවිධානය කර තිබිණි.

(සන්ඩේ ටයිම්ස්)

055