
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600 ක මුදලක් 2015 ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතියක් සදහා වැයකිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තමාට එරෙහි පැනවූ බරපතල වැඩ සහිත සිර දඩුවමින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් සම්බන්ධයෙන් විත්තිකාර අභියාචකවරුන් පිළිතුරු දේශන ලබන 24 සහ 30 දෙදින සිදු කිරීමට අභියාචනාධිකරණය අද (16) දින නියම කළේය.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලි ගේ මහතා දින හයක් තුළ නඩු වාර හයකදී කළ කරුණු දැක්වීම් අද (16) දිනයෙන් අවසන් වූ අතර ඒ අනුව විත්තිකාර අභියාචක පාර්ශවයේ පිළිතුරු දේශන එදිනට කල් තැබීමට අධිකරණය නියම කළේය.
කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචන පෙත්සම් කැදවිණි.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවතණි.එමනඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 සැප් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වැරදිකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50 ක වන්දි මුදලක් නියම කළේය.
එම දඩ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන් ව සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.
විත්තිකාර අභියාචක පෙත්සම්කරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා නීතීඥ කාංචන රත්වත්තේ යන මහත්වරුන් පෙනී සිටියහ.නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිල්රෙදි නඩුවේ අභියාචන පෙත්සම් සම්බන්ධ පිළිතුරු දේශන සඳහා දිනයක්
kamal Wednesday, 16 September 2020 09:15 AM
බුද්ධාලම්භන ප්‍රීතියට කළ දෙයක්නේ... ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න.
fairoos Wednesday, 16 September 2020 10:23 AM
මේක පවුලේ නඩුවක්නේ... ලබන සැරේ ඉල්ලා අස්කරගන්ඩ.