(නිමන්ති රණසිංහ)
පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 3 වැනිදා කළ නියෝගය ප්‍රකාරව ගානියා බැනිස්ටර් මහත්මිය ඇගේ නීතිඥවරුන් දෙදෙනකු සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමග අද (8) පස්වරු 2 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම නිලධාරියා කීය.
සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඇය පැමිණෙන බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකයට පසුගිය සිකුරාදා (06) දැනුම් දී තිබූ බව ද වාර්තා විය.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන මෙම නිලධාරිනිය නොවැම්බර් මස 25 වැනිදා කුරුඳුවත්ත පොලිස් වසමේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පස් දෙනෙකු විසින් පැහැරගෙන ගිය බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියා විසින් ඉකුත් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
එම නිලධාරිනිය පැහැරගෙන ගොස් ලිංගික අතවර කර නිශාන්ත සිල්වා නමැත්තාට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කර ඇගේ දුරකථනය පරීක්ෂා කිරීමෙන් පසු පැය කිහිපයක් රඳවා තබාගෙන සිට පසුව මුදා හරින ලදැයි එම පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 3 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරුවන් පැහැරගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන තුරු ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව අයට අද (09) වනතුරු විදෙස් ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් පැනවීය.
මේ සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (9) යළි කැඳවීමට නියමිතය.
රහස් පොලිසියේදි මේ තැනැත්තියගෙන් පැය පහක පමණ ප්‍රකාශයක් සටහන් කරගත් බවද පැවසේ.
ප්‍රකාශය දීමට පෙර ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ඇත.
ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඇය අද රාත්‍රි 7 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ.
COMMENTS
දැන් අැම්බියුලන්ස් ප්ලේන් එකට එන්න ඉඩදෙන්න.
රට රටවල් නියෝජනය කරන තානාපති පැලැන්තියේ අයත් සාවද්‍ය ප්‍රකාශ කරන බවට හොඳාකාරව ඔප්පුවුණා.
මෙතෙක් පැවති පරීක්ෂණ හා ප්‍රකාශ සටහන් ගරු අධිකරණයට වාර්තාකර ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පලකරන්න. ලොවටම කියන්න. ඒ උදවියට කියන්න හැංගි හැංගි වෙස් මුහුණු බැන්දාට නටන්න ඕනේ එළිපිට කියලා. නැතිනම් හැමදාම සුඛවිහරණය සලස සලසා අපිට ඉන්න වෙයි.
ඔබ සිංහලයෙක් නම් සංවර්ධිත රටකට සංක්‍රමණය වීමට දහසක් ලියකියවිලි හා අනේකවිධ සුදුසුකම් සපුරාලිය යුතුයි. ඔබ එවන් අයෙකු නොවේ නම් අවශ්‍ය බොරු පැමිණිල්ලක් පමණි.
සිදුවූයේ කුමක්දැයි අපි නොදනී. ඔය කියන විදිහට "ටුවර් " එකත් ගිහින් පණ බේරා ගෙන ආවා නම්, දෙයියන්ට පින් දීලා, පාඩුවේ ඉන්න එක තමයි ඇඟට ගුණ...
කොන්ද පණ තියෙන ජනපති කෙනෙක් විදේශ ඇමැති සහ රාජ්‍ය නිලධාරීන් නිසා ගුවනින් යන්න සිටි අසාධ්‍ය රෝගියාට ප්‍රකාශ දෙන්න එන්න පුළුවන් වන තරමට හොඳ වුණා.
ඔය ගිලන් රථවලට එන්න කියන අය මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න 1) ඔය කියන දවසේ, ඔය කියන වෙලාවේ මෙයා ප්‍රසිද්ධ පුද්ගලික ටැක්සියක ගියා කියනවා. නමුත් අදාළ සමාගමේ දත්ත බැලුවම ඒ කියන වෙලාවේ ඒ දවසේ ඒ හරියක ටැක්සියක් තිබිලා නැහැ.. 2) අදාළ දුරකථන දත්ත පිරික්සීමේදීත් ඔය කියන විදියේ පණිවිඩයක් හුවමාරු වෙලා නැහැ. 3) ඔය පහර ගැනීම වුණා කියන ප්‍රදේශයේ අවට සී.සී.ටී.වී මොකක්වත් ඔයකියන විදියේ සිදුවීමක් පටිගත වෙලා නැහැ. විශේෂයෙන් අසල තියන ජපාන තානාපති කාර්යාලයේ 4) ඔය කියන තැනැත්තියට ඔච්චරම අමාරු නම් ඔය අදාළ රටම මුල් කරගෙන තියන රතුකුරුසේ වගේ සංවිධානයකට මේ "ලෙඩා" ගැන ඉදිරිකටයුතු බාර දෙන්න බැරි ඇයි?
අර ඒ දවස්වල ප්‍රේමදාස ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය තානාපතිට කළා වගේ ස්විස් තානාපතිවරයාත් අපට පිළිගත නොහැකි රාජ්‍ය තාන්ත්‍රිකයකු වන බැවින් ඔහුව වහාම ආපසු කැඳවා ගන්නා ලෙසට එරටට දැන්විය යුතුයි.
දැන් රටින් පිටවෙන්න පුලුවන් ඇති අවශ්‍ය නම්...
ඔන්න සුදුවෑන් ආයේ ඇවිල්ලා...
"තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියා විසින් ඉකුත් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට" මෙහි සඳහන් වුවත් "මේ ගැන කිසිදු පැමිණිල්ලක් කර නැති බව" නේද අගමැතිවරයා ප්‍රකාශ කලේ...?
දැන් බලනකොට කලින් තාජුදීන් ඔහුවිසින්ම සියදිවිහනි කරගෙන එකනැලිගොඩත් එහෙමයි ලසන්ත වික්‍රමතුංගත් එහෙමයි ඒවගේම පොද්දල ජයන්ත අත පය 4 ම කඩාගෙන ඔහු විසින්ම, කීත්නොයාර් ඔහුම ඔහුගේ මුහුණ පොඩිකරගෙන.
මොන බොරුද? විමල් වීරවංශ , ප්‍රසන්න රණතුංග වගේ වගකිවයුතු දේශපාලකයන් කීප දෙනෙක් කිව්ව පැහැරගැනීමක් වුනේ නෑ කියලා.
ඔහේ කටට එන ඕනෑම දෙයක් දොට්ට දමා ශේප් වෙලා යාම අපේ දේශපාලුවන්ගේ සිරිතක් බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ කාරණාවක් නොවේද ? මෙවර අපේ රටේ පාලන තන්ත්‍රය අනාගන්න හදන්නේ ලෝකයේ තිබෙන එකම ස්වාධීන රාජ්‍යය සමග බව අමතක නොකළ යුතු වෙනවා. එවැනි ප්‍රතිපල අපේ රටට විශාල වශයෙන් හානිකර වෙන්නත් පුළුවන්.
තරිඳු පෙරේරා, සුභා පෙරේරා, සෝමා ඩුබායි, නන්දලාල් ඩි සිල්වා අයගේ අදහස් පිළිබඳව පුදුම හිතෙනවා. මෙයාලා අපරට විනාශ කරන්නට බලාහිඳින දේශද්‍රෝහීන් ගණයට වැටෙන අයයි. මෙම සිද්ධිය පිළිබඳ තානාපති කාර්යාලයේ තානාපති කාර්යාල සේවිකාවකට තර්ජන සිදුව ඇත්තේ 25 වැනිදා වන බවත් එය අනාවරණය වූයේ 27 වැනිදා බවත් මේ කියන අන්දමේ තර්ජනයක් වී නම් එය තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීම හා අදාළ කාන්තාව පොලිසියට දැනුම් දීම වහා කළයුතු නමුත් එසේ සිදුකර නැත. මේ රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය දුන් කාලසීමාව අවසන් වීමට පැය කිහිපයක් තිබියදී සති දෙකකට පසුව ප්‍රකාශයක් ලබාදීමට පැමිණියේ දෙසැම්බර් 09 වන දිනය පසුවුවහොත් අයව අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණු නිසයි. නමුත් මෙම පරීක්ෂණයට රජය සම්පූර්ණ ශක්තිය යොදවා නිමනොකළොත් අප රටට සහ නව රජයට බරපතල දෝෂයක් ඇතිවිය හැකිය...
අසත්‍ය ප්‍රචාර කියකියා බොරු බේගල් කියන්නේ නැතුව හරි විදියකට මේක විසඳන්න. නැතිනම් අපිව ජාත්‍යන්තරයෙන් පිළිකුල් කරාවි. අපි ස්වයංපෝෂිත රටක් නොවේ. අපි අන් රාජ්‍යයන් සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත යුතුයි. විමල් වීරවංශ වගේ කට්ටිය ජාත්‍යන්තරයට බනින එක විතරයි කරන්නේ. මේවා වැරැදි වැඩ. දැන් අනිත් ගිවිසුම් හොඳයි කියන ගම්මන්පිලලා වගේ කට්ටිය මහජනයා මුලා කරනවා. මේ ගොල්ලන්ගෙන් නව රජය පරිස්සම් විය යුතුයි. අපි ජාත්‍යන්තරය සමග සමගියෙන් වැඩ කළොත් අපේ රටත් දියුණු රටක් වේවි...
සමන්ත මේ කැත වැඩේ කරේ කමල් ගුණරත්නගේ අණපරිදි අලුතෙන් සී.අයි.ඩී. එකට ආව තිලකරත්න සහ ගෝලයෝ සෙට් එක කියලා බටහිර රහස් ඔත්තු සේවා දන්නවා. පස්සේ සීසීටීවී දර්ශන ඔක්කොම මකලා දාලා. ඒ නිසා මොන බයිලා ගැහුවත් දැන් වැඩක් නෑ. හෙට අනිද්දාට රිටර්න් එක ලැබෙනවා. දැන් තියෙන්නේ දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්න එක.
රටට අපකීර්තියක් අත්කර දෙන්න ගොතපු නාටකයක් ගැන අපේ කට්ටිය බෙදිලා විවාද කර ගන්න හැටි නේද? මේ වගේ රටට එරෙහි කාරණයකදීවත් ඒක මතයකට එන්න බැරි ජාතියක් කවදා දියුණු වෙන්නද? බැරි වෙලාවත් අධිකරණ නියෝගය නොතිබෙන්න මේ දූතිකාව මෙලහට රටින් පිටවෙලා. එහෙනම් ඔය පරීක්ෂණවත් ඉදිරියට ගෙනියන්න ලැබෙන්නේ නැහැ. එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී බලන්න තිබුණා අත්වෙන ඉරණම...
කවුරුවත් කතා කරන්නේ නැත්තේ ඇයි මේ වැඩේ කරපු මැරකල්ලිය ගැන? උන්ව අල්ලයි කයල තමයි බය...
යූ.එන්.පී.මඩ බලකාය තාම වැඩනේ. මං හිතුවෙ ඡන්දෙන් පස්සෙ විසුරුවන්න ඇති කියලා.