(අජන්ත කුමාර අගලකඩ)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත.
වනාතවිල්ලුවේ ආයුධ ගබඩාවක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීමත් සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. බලය පිරිහෙමින් පැවතීම හේතුවෙන් එම සංවිධානය ප්‍රහාර එල්ල කරන ලෙසට ලොව පුරා සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටීම ආදී හේතු නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය ඉක්මන් වූ බවද එම වාර්තාව පෙන්වා දෙයි. සිවිල් යුද්ධය අවසන්වීමෙන් පසුව හමුවූ විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය 2019 ජනවාරි 16 වැනිදා වනාතවිල්ලුවේදී සොයාගත් විශාල පුපුරණ ද්‍රව්‍ය තොගය යැයිද ඊට සහරාන් සම්බන්ධ බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.
අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සහරාන් හා සෙසු සාමාජිකයන්ගේ නම් සහ සිදුවිය හැකි ප්‍රහාරක තොරතුරු ඇතුළත් ක්‍රියාත්මක විය හැකි මට්ටමේ බුද්ධි තොරතුරක් ඉන්දීය බලධාරීන් විසින් 2019 අප්‍රේල් 4 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට දෙනලද නමුත් ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී, පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ යන අය ඔවුන්ගේ කාර්යයන් කාර්යක්ෂමව ඉටුකිරීමට අපොහොසත් වී ඇතැයි ද කොමිසම පෙන්වා දී ඇත.
ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 4 වැනිදා ලබාදුන් බුද්ධි තොරතුරුවලට වඩා නිවැරැදි බුද්ධි තොරතුරු, ප්‍රහාරයට කලින්දා එනම් 2019 අප්‍රේල් මස 20 වැනිදා සවස බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ලැබී ඇතත් ඛේදවාචකය වළක්වා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අසමත් වී ඇතැයිද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.
සහරාන් සහ මරාගෙන මැරෙන තවත් බෝම්බකරුවන් 7 දෙනකු 2019 අප්‍රේල් 20 වැනිදා ‘‘ස්පාත් ටවර්’’ ආරක්ෂිත නිවාසයේදී ප්‍රහාරය සාධාරණීකරණයට හේතු දක්වමින් ‘‘බයියාට්’’ දිවුරුම දී ඇති බවද එහි දැක්වේ.
මඩකළපුව නගරයට කිලෝමීටර් 4ක් දකුණේ පිහිටි කාත්තන්කුඩි නගරය සුවිශේෂ බවත් එය දිවයිනේ ඇති එකම මුස්ලිම් නගරය බවත් කොමිෂන් වාර්තාවේ සඳහන් කර ඇත. මුස්ලිම් නොවන අයට කාත්තන්කුඩියේ වාසය කිරීමට, දේපළ මිලදී ගැනීමට හෝ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි බවද එහි සඳහන් වේ. කාත්තන්කුඩිය වර්ග කිලෝමීටර එකක පමණ භූමි භාගයක මුස්ලිම් පල්ලි 65ක් පමණ තිබෙන බවත් එම ප්‍රදේශයේ 50,000 ක පමණ මුස්ලිම් ප්‍රජාවක් සිටින බවත් කොමිෂන් වාර්තාව පෙන්වා දෙයි.
ලංකාවේ නැගෙනහිර පළාතේ අනෙකුත් නගරවලට වෙනස් දර්ශනයක් මෙම නගරයේ දැකිය හැකි බවත් එහි වීදිවල කාන්තාවන් දක්නට නොලැබෙන බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.
මාවනැල්ලේ බුදු පිළිම බිඳ දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන ෂහීඩ් හා සාදික් යන දෙදෙනා විසින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ළමයින් 30 දෙනකුට හිඟුල, දෙල්ගහගොඩ අංක 130/B දරන ස්ථානයේ පිහිටි හරියා මස්ජිද් තවුහිද් නමැති ඉස්ලාම් දේවස්ථානයේදී නේවාසික පුහුණු කඳවුරක් පවත්වා අයිඑස් සංවිධානය ගැන දේශන පවත්වන ලද අතර අයිඑස් සංවිධානය විසින් කුඩා දරුවකු මරාදමන ලද දර්ශන ද ඔවුන්ට පෙන්වා ඇතැයි කොමිෂන් වාර්තාවේ සඳහන් වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ සාදන්නට ඇත්තේ පානදුරේ ‘තස්මියා විලා’ නමැති ලිපිනයේ පිහිටි නිවසේදී බවත් කොළඹ නගරයේ හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණ ඇත්තේ මෙම නිවසේ සිට බවත් හෙළිදරව් වී ඇතැයි කොමිෂන් සභා වාර්තාව පෙන්වා දෙයි.
COMMENTS
අනේ මේ අතේ පැළවෙන පට්ට පල් බොරු කියන්න එන්න එපා අපට. ඔය කොහෙවත් ඉන්න අයිඑස් "බයිපාට්ලා" විතරක් නෙමේ, සිංහල "බයිපාට්ලාත්" මේ ප්‍රහාරය ගැන සතුටු වුණු එක අපට නම් රහසක් නෙවෙයි. බොරුවට අනිත් අයව පටලවා ගන්න හදනවා. ඉතින් සහරාන්ට තවත් ප්‍රහාර සිදුකරන්න උවමනාවක් තිබුණා නම්, ඔහු ජීවත් වෙලා ඔහුගේ ගොලයින්ගෙන් වැඩ අරගෙන තව මෙවැනි ප්‍රහාර ගණනාවක් සිදු කරන්න තිබුණානේ? ලංකා බුද්ධි අංශයේ සේවයේ නියුතුව සිටි දේශපාලකයන් වෙනුවෙන් උදාර මෙහෙයක් කළ සහරාන් ලංකා රජයෙන් වැටුප් ලද්දෙක් බව අපි දැනගෙන ගොඩක් කල්.. අර පහුගිය ටිකේ කාදිනල් තුමාව වර්ණනා කළ පිරිස දැන් කාදිනල් හිමිපාණන්ට බුරන්නේ ඇයිද කියලත් අපට දැන් පැහැදිලියි. ඒ අයව උසිගන්වන්නේ කවුද කියලත් මොලේ කලඳක් තියන ඕනෑම කෙනෙකුට වැටහෙනවා.
සාමාන්‍ය පෙළවත් පාස් නැති අය සකස් කරපු වාර්තාවේද එහෙම තියෙන්නේ?
හෙණ ඉල්ලනවා දැනගෙන නතර නොකළාට...
මාර දේවල්ද රිපෝර්ට් එකෙන් හොයාගන්න තියෙන්නේ... තාමත් ඇන්දීම තමයි.
හරි පුදුමයි! මේ අලුතින් ඉදිවූ නගරයක්ද..? මේ නගරයේ මීට පෙර සිටම එකම ඡාතියක මනුෂ්‍ය කොට්ඨාශයක්, ඡීවත් වී සිටියාද?
කුණුවුණු මොලයකට මහා මොලයක් කියන්නේ කොහොමද?
ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සුළු ජාතික ඡන්ද පදනමක් ඇති කුඩා පක්ෂ වන්දනාවේ යාමේ ප්‍රතිඵල තමා මේ. බල ලෝභීකම පෙරට දමා රට පස්සට යැවීම සිදුවෙනවා. ප්‍රධාන පක්ෂවල මෙම ක්‍රියාදාමය ඇති තාක් රට ගොඩ ගන්න බැහැ. දැනට තියෙන්නෙත් ඒකමයි.
‘‘ස්පාත් ටවර්’’ ආරක්ෂිත නිවාසයේදී නොවේ ගල්කිස්සේ ටෙම්පල්ස් පාරේ තිබෙන "ස්පෑන් ටවර්" නම් මහල් නිවාසයේ (Span tower apartment) ඇති නිවසක...
ඉදිරි අනාගතයේදී අන්තවාදී මුස්ලිම් කල්ලි කණ්ඩායම් වලින් බෞද්ධ හා කිතුණු ජනතාව බේරාගැනීමට තම බුද්ධිය යෙදවීමට කාලය පැමිණ ඇත. මේ සඳහා සැබෑ බෞද්ධ හඬක්ද, සැබෑ කිතුණු හඬක්ද අවශ්‍ය වේ. මේ සඳහා අල්කයිඩා හා අන්තවාදී වෛරසයෙන් තොර හොඳ මුස්ලිම් වරුන්ගේ සහායද, ලබාගත යුතුය. අන්තවාදීන් සුළු පිරිසක් කරනා සාහසික ක්‍රියා නිසා දෙපැත්තෙන්ම තැලෙන හොඳ මුස්ලිම්වරුන් රැකගත යුතුය. ඔවුන් දෙස සානුකම්පිකව බැලීම වැදගත්. එසේම ඇඟේ හයියට බුදු දහම පාවිච්චි කරන, ජාති ආගම් භේද මතුකොට රට හා ජනතාව නොමඟ යවන ඇතැම් දුසිල්වත් චීවරධාරීන්ගේ බොළඳ හා විනාශකාරී බලවේග පරාජය කළ යුතුයි. එය සැමගේ යහපත වෙනුවෙනි. එසේම, ජාතිවාදය ආගම් වාදය අවුස්සා ඉන් තම මඩිය තරකර ගන්නා සැම ජාතියකම සිටිනා අන්තවාදී කපටි දේශපාලකයන්ගේ කපටිකම් වලටද, නොරැවටිය යුතුය. සැවොම එකා මෙන් මෙලෙස සිතන්නේ නම් මේ රට සැමට සුරපුරයක් වෙනු ඇත. වැඩේ හිතනා තරම් ලෙහෙසි නොවූවත්, සැමගේ යහපත සඳහා විය යුත්තේ එය බව පෙනේ...
කොමිසම පශ්චාත්භාගයේ ගහගනිල්ලා ... අහිංසක දෙස්විදෙස් ජනතාවත් මැරුණා.. අතපය කැඩුණා.. දෑස් අන්ධ වුණා. සියල්ලන්ටම හේතුව සිංහලයාගේ අසිංහල දේශපාලනය එජාපයේ 19වැනි ව්‍යවස්ථාවට අත උස්සපු එකෙක්ටවත් තවදුරටත් මේ රටේ පාලනයට හවුල් විය නොහැක.
1915 වුණෙත් ඕකම නේද? එකා දෙන්නා කුරුඳු හොයාගෙන ආව අය අන්තිමට අපිට පෙරහරේ බේරගන්න එපා කිව්වා. අපේ ගොබ්බයින් සංහිඳියාවක් හොයනවා.
මහ මොළකරු සහතිකයෙන්ම සහරාන් නොවේ. මහමොලකරු සොයා ගැනීම ඉතාම වැදගත්ය...
දෙවියන් සමග කළ පරීක්ෂණයකට අනුව ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ නායකයා මේ වනවිට සිටින්නේ අරාබි රටකයි. කෙසේවෙතත් ඔහු නායකයා බව පොලිසිය තවම නොදනි. එහෙත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු පොලිසිය සොයන කෙනෙකි.
අපට ඕනෑ අවුන් සාන් සුකී වගේ නායකයෙක්...
වසර 2050දී බුද්ධිමත් මිනිසුන් අඟහරු ග්‍රහලොව තුළ ජනාවාස පිහිටුවන්න උත්සාහ කරනවා. සමහර මෝඩ මිනිස්සු තවමත්, කවුරුත් කිසිදා දැක නැති දෙවිකෙනෙක් නිසා අහිංසක මිනිස්සු මරණවා.
දැන් දැන් අපිටත් තේරුම් ගන්න පුළුවන් මහ මොලකරුවා කවුරුද යන වග...?
නීතිය ක්‍රියාත්මක නොකරේ කාගේ වුවමනාවකටද? අනිවාර්යයෙන් මේකට දේශපාලකයන්ගේ සම්බන්ධකම් තියෙන්න ඕනෑ.
ඒ හින්දා තමයි යහපාලනය නිහඬව බලන් හිටියේ... බහුතරය අහිමි එයාලාට බලය රැකගන්න තිබුණු හොඳම විදිහ සිංහල-මුස්ලිම් කෝලහලයක්. ඒක ආණ්ඩු විරෝධී සියලු ජාතික බලවේග මර්ධනයට යොදා ගන්නවා. ජේ.ආර්. අසූ දේකේ කලු ජූලියෙන් බලාපොරොත්තු වූ දේම තමයි.
මේ රජයෙන් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු අල්ලනවා කියන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. සහරාන් කියන කාලකණ්ණියට පඩි දීපු කෙනාගේ නම නැහැ. දැන් ඉතින් පාස්කු ප්‍රහාර වාර්තාවේ පුවත් දාලා තවත් ප්‍රශ්නයක් ඇතිවෙනවා විතරයි. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු නිදැල්ලේ..