
(ටෝනි කරුණානායක )
මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා හෙට (04) දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් කේ.ජී.ගුණදාස මහතා අද (03) නියම කළේය.
මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තු නිකුත් කර දින 11කට පසු මිගමුව පොලිසියේ නිලධාරි න් විසින් කුරුණෑගල නගරයේ දී ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබුණි .
මිගමුව බන්ධනාගාරයේ සිදු වූයේ යැයි කියන එම විෂමාචාර සිද්දීන් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත මිගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර් වරුන් වන ප්‍රශාද් කාලිංග කලුඅග්ගල , උපාලි සරත් බන්ඩාර ,සහ නිශාන්ත සේනාරත්න යන සැකකරුවන් 04 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ .
මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් පැමිනිල්ල මෙහෙය වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා ඉකුත් 29 වෙනිදා මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිසිය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිය දඟලන්න දෙන්න එපා.
තවත් ගෝලයෙක්..!!!
මෙයා සැඟවී හිටියේ කුරුණෑගල ප්‍රධාන දේශපාලකයකුට සහ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ උදව්වෙන් කියන්නේ ඇත්තද.?
පගාවට බර කෙනෙක් කියලා කියන්න පුළුවන්.
මෙයාට මොකද විශේෂ සැලකිල්ලක් තියෙන්නේ.
එයාට ශීතකරණයක් දෙන්න කව්රුත් නැද්ද?