IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සමගි ජන බලවේගය හරිත පක්ෂයක් කරයි

 
ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම සඳහා වූ ප්‍රකාශනය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්සන් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, මයන්ත දිසානායක, හිටපු අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද මෙහි වෙති
 

(නිමල කොඩිතුවක්කු)

ජාත්‍යන්තර වනජීවි දිනය අද (03) දිනයට යෙදී තිබුණු අතර ඊට සමගාමීව සමගි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස ජනගත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කරනු ලැබීය.

ඒ අනුව පරිසරයට මුල් තැන ලබා දෙමින් හරිත ප්‍රතිපත්ති මත පදනම්ව කටයුතු කිරීමට සමගි ජන බලවේගය විසින් ප්‍රතිඥා දෙනු ලැබීය.

මෙයට සමගාමීව ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම සඳහා වූ ප්‍රකාශනය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්සන් කරනු ලැබීය.
 
නියංගොඩ විජිතසිරි මල්වතු අනු අනුනායක හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය, අන්‍යාගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, ඉන්දියානු මහකොමසාරිස්තුමන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, ආදිවාසීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

පාරිසරික සුරක්ෂිතතාවය සහ වන ජීවි සංරක්ෂණයහි වැදගත්කම පෙරදැරිව කටයුතු කරන බව මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම පිළිබඳ තම පක්ෂයේ සියළුම මහජන නියෝජිතයන්ට අවබෝධය ලබා දීමට කටයුතු කරන බවද ඔහු එහිදී ප්‍රතිඥා දුන්නේය.

පොදුජන කේන්ද්‍රීය පරිසරික වැඩපිළිවෙලක් තුළින් හරිත ප්‍රතිපත්ති, හරිත ක්‍රියාදාම කේන්ද්‍ර කරගනිමින් තිරිසර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (9)

සමගි ජන බලවේගය හරිත පක්ෂයක් කරයි

විජිත් Wednesday, 03 March 2021 12:46 PM

සුබ පැතුම්....!!! හරිත පක්ෂයක් කියලා නම දමාගත්තාට පාට ඇන්දාට වැඩක් නැහැ. විශේෂයෙන්ම ඔබලා පරිසරවේදීන්, පරිසර කාමීන්, පරිසර සංරක්ෂකයින් සමග ඉතා කිට්ටු සම්බන්ධයක් ඇතිකර ගත යුතුයි. එය දේශපාලනිකම විය යුතු නැත. පරිසරය ආරක්ෂා කර ගැනීමට තම දිවි නොතකා සටන් කරන අය අපේ රටේ ඉන්නවා. ආසන්නම උදාහරණයක් ලෙස අපේ දේවානි ජයතිලක, චාමිකර, ඉන්දියාවේ ක්‍රිති කරන්ත්...වගේ අය. දේශපාලනය තිබෙන්නටත් " නිවහල් රටක් වගේම පිරුණු පරිසර පද්ධතියක් තිබිය යුතුයි." මේ රට මුහුණපා ඇති පරිසර විනාශය මේ අකාරයටම ගියොත් තව අවුරුදු 5කදී රටේ කැලෑ නැත්තටම නැතිවෙනවා ස්ථිරයි. බුද්ධි හින, දූෂිත, නූගත් දේශපාලුවන්ගේ ඉඳුල් බුදින ඔවුන්ගේ බත් බැලයන් විසින් මේ දිනවල කරන පරිසර පාළුව කොතරම්ද..? මම ඔබලාට මිත්‍රශීලි අභියෝගයක් කරන්න කැමතියි. හැකිනම් ප්‍රකාශයක් කරන්න " ..අපේ රජයක් බලයට පත්වූ වහාම අනවසරයෙන් සහ දේශපාලුවන්ගේ අභිමතය පරිදි දුන් සියලුම කැලෑ ඉඩම් නැවත වනසංරක්ෂණයට පවරා ගන්නවා..." කියලා. මගේ අත්දැකීම් අනුව නම් ඔබලාට එසේ කීමට ශක්තියක් නැත. ඒ ඇයි කියා මේ රටේ සියලුම දේශපාලුවන් දන්නා බව මම දනිමි.

:       10       17

Raveendra Wednesday, 03 March 2021 03:57 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. මේ හැමෝම බලය නැතිවිට දේශප්‍රේමීන්ය. උපන් රට වෙනුවෙන්ම කතාකරති. හැබැයි මධ්‍යස්ථව සිතන මිනිස්සුන්ට නම් මේ ගොයියන්ගේ අතීතයද සොයා බැලීමේදී සටකපට තක්කඩි මෙන්ම පොළව හූරාගෙනම, කලෑ පොජ්ජම ලැගලා ගහකොළ, සතා සිව්පාවට ඇඩ්‍රස් නැතිවෙන්නම වැඩ කටයුතු කළා මෙන්ම නිධන් හෝල් සේල් හාරපු කාලකන්නි රැලකි. දැන් බලයේ නැති ශෝකයෙන් විකාර දොඩවන නියම හිඟන්නන්ය. එබැවින් පට්ටියේ අයගේ පාට නිල්, කොළ, රතු ලෙස වෙනස්වුණාට උම්බෑ නද මෙන්ම තප්පුලන්නේද එකම විදියටයි.

:       0       2

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 04 March 2021 01:54 AM

අදහස් වලට ස්තූතියි විජිත්... ඒත්, ලංකාවේ දේශපාලකයා විපක්ෂයේ ඉන්නාවිට කියනා සුරංගනා කතා බලය ගන්නකන් දෙනු ලබන සීනිබෝල විතරයි. මෙතෙක් ඔයවැනි සුරංගනා පොරොන්දු දුන් අය බලයට ආව විගසම කරන්නේ ඒ පොරොන්දු කඩන එක. දැන් මේ කෙරෙමින් තියෙන්නෙත්, ඒක ඉදිරියට කෙරෙන්නෙත් ඒක. විපක්ෂයේ ඉන්නාවිට මොළය පෑදෙනවා ඇති. ඒත්, බලයට ආවම ඒ මොළේ සිරුරේ අපට භාගයට යනවා. මෙය තමයි මේ රටේ දේශපාලන යථාර්ථය. " බලය තියෙන විට මොළේ නැහැ. මොළේ තියෙනවිට බලේ නැහැ " කියලා තියෙන්නේ මේ නිසා වෙන්න ඇති..

:       0       3

thusharaThursday, 04 March 2021 06:06 AM

ඒකත් හරියට අපි බලයට පත් වූ වහාම පස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දෙනවා... මහා බැංකු හොරු අල්ලනවා වගේ ප්‍රකාශයක්...

:       0       1

සිරිබිරි Wednesday, 03 March 2021 01:39 PM

එකඑක ඒවා කරලා බලනවා නේද? මොනවා කරත් වැඩක් නැහැ... නායකයා මාරු කරන්නේ නැතුව...

:       19       36

Bandara Thursday, 04 March 2021 05:00 AM

ඒකවත් කරලා බලමුකෝ.. නේද?

:       0       0

Akila Thursday, 04 March 2021 05:27 AM

මේකත් මේ ගොල්ලෝ පහුගිය රජය කාලේ අර තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරා වගේ වැඩක් තමයි.

:       0       0

Senarath Thursday, 04 March 2021 05:30 AM

නමින් හරිත පක්ෂයක් වුණාට වැඩක් නැහැ. ක්‍රියාවෙන් නැතිනම්... එහෙම වුණොත් වෙන්නේ බුදුසරණයි කියලා ලොරිය ඉස්සරහ ගහගෙන හොර හරක් මස් අදිනවා වගේ වැඩක්.. පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ, හිතවත්තු කියලා බලන්නේ නැතිව වරදට දඬුවම දීලා පක්ෂයේ සුද්ද කරගෙන ගියොත් ගමනක් යන්න පුළුවන්.. එහෙම නැතිනම් ඉන්න තැනින් එක අඩියක් වත් උඩට යන්නේ නැහැ..

:       0       0

Chinthaka Thursday, 04 March 2021 10:14 AM

ඔය ඔක්කොම විපක්ෂයේ ඉන්නකොට විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1047 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site