(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (25) පත්කරනු ලැබීය.
මෙයට අමතරව සමගි ජන බලවේගය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු නම් කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාකර්, කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් මේ සඳහා පත්කරනු ලැබීය.
ඉහත පත් කිරීම් කරනු ලැබුවේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය.
අද පෙරවරු 10.00 ට පමණ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය පස්වරු 2.00 පමණ වන තෙක් පැවති අතර එහිදී පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය පත්කර ගැනීමට අමතරව පක්ෂය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
ඒ අනුව පක්ෂයේ මහලේකම් ලෙස තවදුරටත් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාත් ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතාත් මෙහෙයුම් ප්‍රධානී ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත් කටයුතු කරනු ඇත.
පක්ෂ භාණ්ඩාගාරික ලෙස හර්ෂ ද සිල්වා මහතාත් සංවර්ධන හා පරීක්ෂණ ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න මහතාත් පත් කරනු ලැබීය.
පක්ෂය උප සභාපතිවරුන් ලෙස තලතා අතුකෝරල, ගයන්ත කරුණාතිලක, හරින් ප්‍රනාන්දු , දිලිප් වෙදාරච්චි සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් පත්කරගනු ලැබීය.
සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වෙන්නේ නැහැ. සාදු කියලා විශ්වාස කරන මෝඩ මිනිස්සු ඉන්න රටක් බෙදිලා, වැඩකරලා බේරගන්න අමාරුයි. අද "ආයෝජන" බණ කතා කීවට " අපි ආවොත් විකුණපු ඒවා සේරම ජනතාව සතු කරනවා" කියලනේ එදා කිව්වේ. කෝ අර 69 ලක්ෂයෙන් කීදෙනෙක් එදා ඒ කියපු සුරංගනා කතා ගැන දැන් ප්‍රශ්න කරනවද?
පුතාණෝට මොලේ පොඩ්ඩක් තියෙනවා..!!!
සුජීව සේනසිංහ සිටින්නේ කුමක් සඳහාද?
ඉතාමත්ම හොඳ තීරණයක්. සරත් ෆොන්සේකා මහතා මේ මුළු රටටම නායකත්වයක් දීමට සුදුසු පුද්ගලයෙක්. මේ කල්ලියෙන් අපේ රට මුදා ගැනීමට අවශ්‍ය නම් මෙතුමා වැනි කෙනෙක් මේ රටට නායකත්වය දිය යුතුයි. තක්කඩි මුස්ලිම් මන්ත්‍රිවරු පැත්තකට දමා උගත්, බුද්ධිමත් ද්‍රවිඩ මන්ත්‍රීවරු සමග හා සියලුම විපක්ෂ බලවේග මෙන්ම නාගානන්ද කොඩිතුවක්කු මහතාවද මේ අය එකතු කරගෙන මේ රට ගොඩ නොගත්තොත්, ආයේ ලංකාව කියා ශිෂ්ඨ සම්පන්න රටක් මෙලොව ඉතිරි නොවේවි. මේ යන විදිහට නම්, තව වසර කිහිපයකින් තවත් හයිටි රාජ්‍යයක් හෝ සිම්බාබ්වේ රටේ ආකෘතිය මේ භුමිය තුළ ඇතිවීම වළක්වා ගන්න සක්කරයාටවත් නොහැකි වේවි...!!!
මම නම් කියන්නේ සජියට දෙකක් දීලා මේ වෙලාවේ සරත් ෆොන්සේකා එළියට එන්න ඕනෑ වෙලාවක්..
කට්ටිය අාපහු එකට එකතු වෙන්නේ කවද්ද? ඔය මොනවා කළත් එදාට කරඬුව ගෙනියන්නේ නම් එයාම තමයි.
යුද්ධ කිරීමයි, දේශපාලනයයි විෂයයන් 2කි. පේනවනේ දැන් හමුදාවේ එක්කෙනෙක් රටේ පාලනය අරගෙන කරන වැඩේ. මෙයාලට ගත්තත් වෙනසක් නැහැ. රටේ මිනිස්සු ඒක හොඳින් අවබෝධ කරගෙන ඇති කියලා හිතනවා.
ෆොන්සේකා ඒ කාලේ සජිත් විරෝධී බව අපි දැක්කා. එයට හේතු තිබෙන බවත් අපි දැක්කා. දැන් ඒ ප්‍රතිපත්ති වෙනස් වුනේ කොහොමද? බලය ලැබුණොත් ඔය පෙන්වන අවංක භාවය කැලේ යයිද?
ඉතාම ඉක්මණට සමගි ජනබලවේගයට ‘‘අ‘‘ යන්න ඉස්සරහට එකතු කර ගන්න වෙනවා.