(නිමල කොඩිතුවක්කු)
 
සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන්  කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකථන යෙදවුම ජනගත කිරීමේ  උත්සවය සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) පස්වරුවේ   පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදි පැවැත්විණි.
 
මේ අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, සමගි ජනබලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී හරීන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.
 
ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා