(සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නැයි අද (17) ඉල්ලීමක් කළහ.
පළාත් මැතිවරණය පැවැත්වීම පිළිබඳ ගැටය ලිහිය හැක්කේ පාර්ලිමේන්තුවට යැයි දේශප්‍රිය මහතා ඒ ගැටය කැපිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවද ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙසේ පැවැසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් තමා හමුවීමෙන් පසුව ඒ පිළිබඳව ජනමාධ්‍යවේදීන්ට කරුණු දක්වමිනි.
ඡායාරූප සහ වීඩියෝ- ඉෂාන් සංජීව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1988 පළාත් සභා පිහිටුවන විට මේ අය පළාත් සභාවලට තදින්ම විරුද්ද වුණ අතර තමන් බලයට පැමිණිවිට පළාත් සභා අහෝසිකරන බවට පොරොන්දු දුන්නා.නමුත් දැන් මේ අයට පළාත් සභා නැතුවම බැරි වගෙයි. මාධ්‍යවලට පුළුවන් නේද මේ අය එදා කල කතා නැවත පලකරන්න .එහෙම කරනවානම් දේශපලකයන බොරුකීම බොහෝ දුරට අඩුවෙනවා.
අපි නම් කියන්නේ මේ ටික මහා කෝලමත් එකතුවෙලා රට අකර්මන්‍ය කර කළ පාඩුව පිරිමසා ගන්න ඕනෑ නිසා කිසිම මැතිවරණයක් නොපවත්වන්න කියලයි... ඒ වගේම මේ අය රටේ නීතියට එරෙහිව ක්‍රියාකරන්න ආවොත් අල්ලලා හිරේට දැමිය යුතුයි.
මේ කරන කොන්ත්‍රාත් ඔක්කොම නඩුවලින් බේරෙන්න... ඉක්මණට බලය අල්ලන්නයි...
මේ මුහුණු ටික දැක්කම එක දෙයක් සක් සුදක් සේ කියන්න පුළුවන්. එදා ඉදන් අද වෙනකම් රටට කිසිම දෙයක් නොකරපු අය බව කරන තරමක් කරලා තියෙන්නේ නුල් සුත්තර වැඩ.
මේ මුහුණු ටික දැක්කම එක දෙයක් සක් සුදක් සේ කියන්න පුළුවන්.එදා ඉදන් අද වෙනකම් රටට කිසිම දෙයක් නොකරපු අය බව.කරන තරමක් කරලා තියෙන්නේ නුල් සුත්තර වැඩ.
පණ්ඩිත් ඇලෙන් එගොඩවෙන්නෙ බලාගෙනයි...
අප්පා! ඔය එන්නේ බඩු ටික! හැල ගෙම්බෝ වගේ මෙච්චර කාලයක් "බක බක" ගෑවා මිසක් රටේ යහපත වෙනුවෙන් මේ එක්කෙනෙක් වත් සත පහක වැඩක් කරලා තියනවද? ඊළඟ සැරේවත් ජනතාවට මේ පින්ගුත්තරයන්ගෙන් නිදහස් වෙන්න හැකිවේවා..!
සත පහකට වැඩක් නැති තුන් දෙනෙක්... රටට කරපු දෙයක් කියන්න මොවුන්ගෙන් කෙනෙක්... කෙනෙක් මිනිසුන්ගේ 100 ගානේ හිඟ කෑවා... ඇත්තටම මොවුන් මොකටද අපිට...
මම ඉස්සර අහල තියනවා ඉංග්‍රීසි කතාවක් " Paliyers are the pillers ඔෆ් සක්සෙස් " කියලා. දැන් ඔය ඉස්සරහ පේලියේ ඉන්නේ එ්ගොල්ලද?
අපි හිතුවේ මහලු මඩමක පින්තූරයක් කියලා...
පුදුම බයක්නෙ තියෙන්නෙ මැතිවරණ වලට. ඔව් ඉතින් ජන්දෙන් පැරදුනොත් මඩ බලකායම රැකියා විරහිත වෙනවනෙ.
මේ මුණු දැක්කාම එපාවෙනවා. රටේ නායකත්වයට වැදගත් පුද්ගලයන් අවශ්‍ය කාලයක්... උගත්කම පේන්නේ ක්‍රියාකලාපයෙන්... මෙයාලගේ එහෙම දෙයක් පේන්න තියේද?