IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සන්ධානය පිහිටුවීම ගැන සාකච්ඡා එකඟතාවයෙන් තොරව අවසන්

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නව පුළුල් සන්ධානය පිහිටුවීමට අදාළව පවත්වනු ලැබූ සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණ රැසක්  ගැනීමට අදහස් කරගෙන සිටිය ද මූලික කරුණු කිහිපයක් ගැන පැවති පරස්පරතාව හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණිමට නොහැකි වූ බව ප‍්‍රජාතන්ත‍්‍රවාදs ජනතා පෙරමුණේ නායක ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍ර‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡා පැවැත්විණි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමින් පිහිටුවන  නව සන්ධානයේ මහ ලේකම්ධුරය, මූලස්ථානය ලිපිනය  සහ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකිවිම හේතුවෙන් මෙම සාකච්ඡාව අසාර්ථක විනැයි ද  අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

ඉහත කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කර ගනු ලබන අවසන් තීන්දුව ලබන සතිය තුළ සන්ධාන නායකත්ව මණ්ඩලයට දැනුම් දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයට සැළ කළ  බවත් ඔහු කීවේය.

ඒ යෝජනා සම්බන්ධයෙන් අවසන් එකඟතාවය  සන්ධාන නායකත්ව මණ්ඩලය විසින් ගනු ලබන බව පැවසූ මනෝ ගනේෂන් මහතා යෝජනා සම්බන්ධයෙන් නායකත්ව මණ්ඩලයේ කිසිවකුගේ හෝ විරෝධය ඇත්නම් එය නැවතත් එක්සත් ජාතික පක්ෂයට දැනුම් දීමට කටයුතු කරන බවත් පැවසීය.

මේ සඳහා සැප්තැම්බර් 15 වැනිදා තෙක් දින ලබාදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා කල් ඉල්ලා සිටි බවත් පැවසූ මනෝ ගනේෂන් මහතා සතියක් තුළ එම සියලු කාරණා අවසන් කර සන්ධාන නායකත්ව මණ්ඩලයට තීන්දුවක් දැනුම් දෙන ලෙසට පැවසූ  බවත් කීවේය.

සන්ධානය පිහිටුවීමේ සාකච්ඡාව සඳහා පක්ෂ නායකයින් සහ අමාත්‍යවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, මංගල සමරවීර, කබීර් හෂීම්, රවී කරුනානායක, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක යන මහත්වරු සහභාගී වූහ.



අදහස් (14)

සන්ධානය පිහිටුවීම ගැන සාකච්ඡා එකඟතාවයෙන් තොරව අවසන්

kamal Sunday, 18 August 2019 10:39 AM

කට්ටිය නැවත කවදද මුණ ගැහෙන්නේ ?

:       0       113

රජින්ද Sunday, 18 August 2019 10:50 AM

රට සියළුම ආකාරයට දෙකඩ කිරීමට දායක වීමේ පවට ඒ.ජා.ප. සහ ශ්‍රී.නි.ප.ය යන පක්ෂ දෙකට ස්වභාවයෙන් ගැලවීමක් නැත.

:       0       11

d.upul Sunday, 18 August 2019 10:50 AM

අවුරුදු 71ක් තිස්සේ හැමෝම සතුටු කරන්න ගිහින් අපි තවමත් ගල් යුගයේ.

:       0       0

ගල්කටස් Sunday, 18 August 2019 11:18 AM

කෝකියෝ වැඩි වෙලා හදන කෑම කන්න බැහැ වගේම නායකයන් වැඩි උනහම පක්ෂත් ඉවරයි. රටත් නැති කරලා තමා පස්ස බලන්නෙ .

:       2       195

de silva Sunday, 18 August 2019 11:41 AM

ඉදිරියට එන ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයෙක් නැතුව පෙරමුණු සෑදීමෙන් වැඩක් තිබේද ? ඕක නොකෙරෙන දෙයක්. නිකන් බොරුවට කාලේ කන්න එපා මහත්වරුනි.

:       1       136

පුරවැසියා Sunday, 18 August 2019 02:07 PM

ක්‍රීඩාවක් උවත් කණ්ඩායම තෝරා ගත් පසුව නායකයා තෝරාගනු ලැබේ. නායකයා තෝරාගැනීමෙන් පසු කණ්ඩායම් තෝරන ක්‍රමවේදයක් නොමැත .

:       7       65

Hafeel Sunday, 18 August 2019 03:00 PM

මෙතන තියන ප්‍රශ්නය නායකයා තෝරන්නේක නොවේ. කව්ද පන්දුවට පහර දෙන්නේක පිලිබඳ ගැටළු.

:       0       0

asankaMonday, 19 August 2019 03:44 AM

දේශපාලනය එච්චර සරල නැහැ. පක්ෂේ නායකයගේ ප්‍රතිපත්ති තමයි පක්ෂයේ ප්‍රතිපත්ති කියන්නේ . ශ්‍රීලනිපය 2005 ට පෙර සහ පසු ප්‍රතිපත්ති දෙකක හිටියා.

:       0       95

Amila Sunday, 18 August 2019 12:30 PM

අසුභ පෙරනිමිති.

:       0       0

lee guanawrdena Sunday, 18 August 2019 12:54 PM

අනිවාර්යයි පක්ෂය දෙකට කඩාගෙන මේ අය හොඳටම නාගන්නවා .

:       0       0

Api Sunday, 18 August 2019 01:19 PM

"මේ කව්ද ? මොනවද කරන්නේ ?"

:       0       0

siri Sunday, 18 August 2019 07:38 PM

බාලගිරි දෝෂය,"අද නොවේ හෙට"

:       0       0

lalithm Monday, 19 August 2019 02:51 AM

පිළුණු වුන කල් ඉකුත්වුන ආහාර අනුභවයට නුසුදුසුයි කියල හිතේ තියාගෙන කටයුතු කරන එක එ.ජා.ප. නායකයන් මතක තියාගන්න ඕනේ.

:       0       12

Sanka Monday, 19 August 2019 04:24 AM

නැති බැරි කෙනාට ගෙයක් දීල අහිංසක මිනිසුන්ට යමක් කරලා පෞර්ෂත්වයක් ගොඩනගාගත්ත එකම කෙනා සජ්ත් විතරයි. රනිල්ගේ කතාවලින් පක්ෂය නැත්තටම නැතිවුණා . දැන්ම නායකත්වය සජිත්ට දුන්නොත් ජය නියතයි .

:       283       640

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site